ජූලි 7 යි.

අද ජූලි 7 යි...!
ලෝකයේ කෙසේ වෙතත් කාලගුණයට, සතෙකුගේ හඬ ගෑමට, වෙනත් එවන් දේ මත පලාපල බලමින් තම ජීවිතයේ දෛනික කටයුතු ද පසෙක ලන, ආඩම්බරයෙන් කාලකණ්ණිකම් විදහා දක්වන ජාතිය, අපි වෙමු.

එසේනම් ජූලි 7 ගැන කුමන කතා ද?
කැලැන්ඩර් මාසයේ ගුණාගුණ නොබලා සිටිත් ද?

ලොව උසස් ම දර්ශනයක් හිමි බුද්ධ දර්ශනයේ ථේරවාදි බුදු දහම හිස් මුදුනින් පිළිගන්නා ජූජනීය රටකි මේ.

නමුදු බුදුන් දේශනා කළ ඒ උතුම් දහම පසෙක ලා කොහේ හෝ නැති රාවනයෙක් අල්ලාගෙන නැතිනම් තම බඩගොස්තරය රැක ගැනීමට බයිලාකාරයෙක් රූපවාහිනියක් ඉදිරිපිට දෙසන බයිලාවකට දොහොත් මුදුනින් දී තම ධනය, ශුමය කාලය වැය කරන කාලකණ්ණි ජාතියක් බවට පත් වී හමාර ය.

කෙසේ වෙතත් බොහෝ දෙනා මෙම ජූලි මාසය ගැන වැඩි උනන්දුවක් දක්වයි.

බොහෝ දෙනෙකු එය අශුභ ලෙස ද සලකයි.එහිනම් දෝෂයකදු නොමැත.

මන්ද ජාතියේ මහා ඛේදවාචයක, මහා මොළකරු වූ මිනිමරු ප්‍රභාකරන් උතුරේ පමණක් නොව දකුණේ ද ලේ හැලීමට යොදා ගත් මාසය යි මේ.

නමුදු වැදගත් ම දෙයනම් එය නොවේ.මේ ජූලි මාසය මෙතරම්ම ජන හදවත් තුල රැව් පිළිරැව් දෙන ප්‍රධානත ම හේතුවක් ඇත.

එනම් 83 ජූලි කලබලය යි.එහි ඇති කාලකණ්ණි ලැජ්ජා සහගත මිලේච්ඡත්වයේ විශාලත්වය කෙතරම් ද යත් 90 දශකයේ උපන් පරපුර පවා එහි විපාක  දකිමින් සහ අත් විදිමින් සිටීමයි.

එදා පාලක ජේ.ආර්.ඉතා සැලසුම් සහගතව තම බලය රැක ගැනීමට රටේ දමිළ ජනයා අමු අමුවේ මරා දැමීමට, දේපල විනාශ කිරීමට පමණක් නොව දේපල මංකොල්ල කෑමට හිතාමතා ම ඉඩ දුණි.

එහි ලේ ගඳ, කුණු ගඳ සහ ලේ පැල්ලම් අද ද දමිල ජාතික හදවත් තුලින් මකාලිය නොහැකි වී ඇත.

ප්‍රභාකරන්ලා බිහි වුව ද ජේ ආර් වැනි බලයට කෑදර  කපටි මුග්දයෙකු රට පාලනය නොකළානම් මෙතරම් ප්‍රබල ත්‍රස්තවාදියෙකු බිහි නොවීමට ඉඩ තිබුණි.

එබැවින් අප කල්පනාකාරි විය යුතුය.දිනයකට මාසයකට පමණක් නොව තම පුද්ගලබද්ධ වාසි තකා කාලකණ්ණ පාලකයන් පත්කර ඔබේ මතු පරපුර ද අගාදයට ඇද නොදමන්න.

ඔබ ප්‍රවේසම් විය යුතුම කාලය යි මේ.

එදා යාපන පුස්තකාල ගිනි තබමින් වෛරී දේශපාලනය වැපුරුවේ කෙසේ ද?
අද රතුපස්වල නුවර පමණක් නොව මෑතක සිදුවු විජයකලාලාගෙ දේශනවලින් ද පසක්වන්නෙ එයැමැයි.

මෙ සියලු දෑ හිතාමතා රටේ ජනතාව මංමුලා කිරීමට වෙර දරන ලේ පිපාසිත ජෙහාන්ලාග බැරැරැම් කුමන්ත්‍රන වේ.

එදා මෙන්ම අද ද ලේ පිපාසිත ජෙහාන්ලා සමාජයේ සැරිසරයි.

එය බොහෝ විට සුදු සරමට බැනියමට,කුරහන් සාටකයට නලුවෙක් නොවන මොලයක් යට,දකුණට කඩේ යන පුරාජේරු නාමික වාමාංශික ලපයකට මෙන්ම ඇමරිකන් පුර වැසිභාවය යට ද තිබිය හැක.

නමුදු අපයි එය තීරණය කළ යුත්තේ...
රටේ අනාගතය තීරණය කරනුයේ මෙම ලේ පිපාසිත ජෙහාන්ලා ද....බුද්ධිමත් ඔබ ද...

එක්වන්න.... පුද්ගලයාට හෝ පක්ෂයට කඩේයාම නවතා ජාතික ප්‍රතිපත්තියක් ගොඩ නගමු.
හඬ නගමු.
පාලකයන්ට බල කරමු.

ලේ පාපාසිත ජෙහාන්ලා අතුගා දමමු..

ජය!

අරවින්ද රත්මල්ගම _____✍️

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

බල්ලෙකුගෙ හදවත

පිරිමි නිරුවත.