ජවිපෙ දෙවන කැරැල්ල.


ජවිපෙ දෙවනි කැරැල්ල
-------------------

ලෝකයේ, ජයග්‍රහණයෙන් නිමාවන සටන් විප්ලව ලෙසත් පරාජයෙන් නිමවන සටන් කැරලි ලෙසත් සාමාන්‍ය ව්‍යවහාරයේදි භාවිතා කරනු ලබයි.

     බොහෝ විට ඉතිහාසය ජයග්‍රාහකයාගෙ තෙලි තුඩින් හැඩවෙන බැවින් පරාජිතයාගෙ ලේ දහඩිය අරමණු ද ඉතා නින්දිත ලෙස යටපත් වේ නැතිනම් පගා තලා පොඩි පට්ටම් කරනු ඇත.

     ලංකා ඉතිහාසයේ ද එය එසේම ය. 1818 ජාතික සටන විජාතික බලවේග නොව විජාතිකයන් හා කළ සටන්, අපේම පාසල් පෙල පොත පමණක් නොව මහාවංශය වැනි ඉතිහාසය අඛණ්ඩව ලියවී ඇති පොත් වලද කැරැල්ල ලෙස සටහන් වී තිබිමෙන් අදට ද ඒවා කැරලි වේ.

     ඒවා අප ජාතික මුතුන් මිත්තන්ටද කරන සැබෑ අපහාසයක් ලෙස අපට දැනෙමින් හැඟෙමින් පවති.

     එපමණක් ද නොව,  1848 ජාතික සටන ද අප ඉතිහාසකරුවන්ට කැරැල්ලකි. එය ද ඒවා සටහන් තැබූවන්ගේ ම වැරදි නොවන්නේද ?

     ඈත අතීතය හැර,  නිදහසින් පසු බණ්ඩාරනායක කළ ඒ 56 පෙරළිය පරාජය වුවානම් එය ද කැරැල්ලකි. නමුදු එය ජය ගත් බැවින් 56 ජාතික පෙරළිය විය.

     මේ කෙසේ  වෙතත් එකදාස් නමසිය තිස් ගණන් වල අග භාගය දක්වා දිවෙන ලාංකීය වාම දේශපාලනය ලංකීය ජන හදවත්වල එදා කිදා බැස තිබුණි.

     සූරිය මල් ව්‍යාපාරය වැනි ව්‍යාපාර එවාට හොඳ ම උදාහරණ වේ.

      නමුදු පසු කාලයේ වාම නායකයින් පිල් බෙදීම, ධනපති පක්ෂ හා සම්මුති සන්ධාන නැහොත් වර්ථමාන වචනයෙන් ඩීල් දැමීම නිසා වාම බලවේගය පිළිබද ජනතා විශ්වාසය බිඳී ගියේය.

      මෙයට විකල්පයක් ලෙස, ෂන්මුගදාසන් සමග වැඩ කළ විජේවීර එහි සිටියදීම නව වාම පක්ෂයක් පිළිබඳව සිහින දැක්කේය.

     එම සිහිනවල ප්‍රතිඵලයක් ලෙස හැටේ දශකයේ අවසන් කාලයේ ජවිපෙ බිහි වුහ.

     නොබෝ දිනකින් ම එනම් 71 දී ලංකීය ජනයාට නවමු අත්දැකීමක් ලබාදෙමින් තම පළමු කැරැල්ල මුදා හැරියේය.

     තම පළමු කැරැල්ලෙන් ම තරුණ ජීවිත 5000 ක් පමණ ජාතියට අහිමි කරමින් පරාජය වූ ජවිපෙ පසු
කලෙක බිම්ගත දේශපාලනය තෝරා ගත්හ.

     එහි දෙවනි කැරැල්ල 1986 න් පටන් ගෙන 90 වන විට අවසන් කෙරිණි.

     මෙම කැරැල්ල පිළිබඳව නොයෙක් සටහන් වාර්තා ඔබද කියවා ඇත. මා ද එසේමය.

     එම බොහො දෑ බොහෝ විට අතිශොක්තියෙන් පිරි හෝ එක් පැත්තකට නැඹුරු වූ නිසා සත්‍ය සැඟවී ඇත.

     නමුදු එම කැරැල්ල අවසන් වී වසර 27 ට පසු එකල නාබර තරුණයෙකුව,  සියැසින් මෙම කැරැල්ල අත්දකිමින්, අත්විඳිමින් කැරැල්ලේ දෙපක්ෂයේම පිරිස් හා සාකච්ඡා, සම්මුඛ පරික්ෂණ කළ එක් අයෙකුට මෙහි සත්‍ය කතාව ලියා තැබීමට සිත් විය.

     ඒ අන් කවරෙකුවත් නොව 1964 දී මාතර කොට්ටේගොඩ උපත ලබා, කොළඹ ආනන්දයෙන් සිප් සතර හැදෑරූ අයෙකි.

     පසුව ජර්මනිය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි රට වල වැඩිදුර ජනමාධ්‍යය පිළිබඳව  හැදැරූවෙකි.

     එසේ හදාරා දිවයින පුවත් පතේ කතෘ මාණ්ඩලිකයෙකු ලෙසද, පසුව දිනරැස පුවත් පතේ කර්තෘ ලෙසද  සේවය කළ, ඒ සොදුරු මිනිසා වෙනෙකෙකු නොව නමින් ධර්මන් වික්‍රමරත්නයන් වේ.

     මෙහි දෙවනි කැරැල්ල වන විට රටේ පුජ්‍ය,  කම්කරු, ගොවි, ශිෂ්‍ය සහ සියලුම බලවේගයන් පාහේ UNP තාඩන පීඩන පාගා දැමීම්, අසාධාරණයකම් ඉවසා දරා ගත නොහැකිව තම පීඩනය මුදාහල එක් මුහුණුවරක් ලෙස වරෙක මෙම පොත කියවන ඔබට වැටහෙනවා ඇත.

     එපමණක්ද නොව සත්‍ය ලෙසම තම රට ජාතිය වෙනුවෙන් නොයෙකුත් වද වේදනාවන්ට මුහුණ දුන්න ද තම පක්ෂය පාවා නොදුන්න උන් ගැන ඔබට චිත්‍ර මැවෙනවාට කිසිඳු සැකයක් නැත.

    එමෙන්ම පක්ෂග්‍රාහී නොවීම මෙම පොතෙහි ඇති සුවිශේෂිම කාරණය යි.

     මන්ද කැරැල්ලේ පහළ සාමාජිකත්වය එසේ ජීවිත පුද කරද්දි ඉහළින් ගත් අමනොඥ තිරණ නිසා පක්ෂය වළ පල්ලට ගිය හැටි මනාව පහදා ඇත.

     කැරලිකරැවන් මුදා හල දැඩි ප්‍රචන්ඩ මෙන්ම කිසිසේත් ම අනුමත කල නොහැකි ඒ කෲරත්වයද මනා ලෙස හෙලි කොට ඇත.

     එපමණක් නොව කැරලිකරැවන් කුඩා ළමුන් තම කැරැල්ලට යොදා ගත් හැටි ද මින් මනා ලෙස හෙලි කොට ඇත.

     එමඟින් පාර කැපූ ඇඹිලිපිටි සිසු ඝාතනයේ සත්‍ය තොරතුරු ද සරසවි සිසු ඝාතන පමණක් නොව, ඔවුන් වද කදවුරුවල විඳි වද වේදනාද මනා ලෙස සටහන් තබා ඇත.

     එමෙන්ම භිෂනය නවතා දැමීමට ප්‍රතිභිෂනයක් ඇති කල UNP ප්‍රමුඛ රාජ්‍ය හා රාජ්‍ය ආධාර මත ක්‍රියාත්මක වු නොයෙක් කන්ඩායම් පිළිබඳව ද මනා ලෙස සටහන් තබා ඇත.

     මෙම පොතෙහි පක්ෂග්‍රාහි නොවි සත්‍ය කරුණු ම ලියා ඇති බවට අපට නිගමනය කළ හැකි ප්‍රධානම සාධක දෙකක් ඇත.

    එකක් ත්‍රිමාවිතාන ඝාතනය යි. අනෙක රජිව් ගාන්ධි හට පහරදුන් අවස්ථාවයි.

   ත්‍රිමාවිතානගේ කණට පරාල ඇණ ගසා මරා දැමුවාය යන දුර්මතය, එම සිසුවාගෙ මරණය සියැසින් දැක අවමඟුලට ද සක්‍රීයව සහභාගි වී ඇති මෙහි ලේඛකයා එම මරණයේ සත්‍යම තොරතුරු හෙලි කොට ඇත.

     රජිව් හට පහර දීම ද ජවිපෙ තම වාසියට හරවා ගත්ත ද එය හුදු ජාතිමාමක පුර වැසියෙකුගේ එක් ක්‍රියාවක් බවද හෙලි කොට ඇත.

     එමෙන්ම ශිෂ්‍ය අරගලවල තොරතුරු, අන්තර් විශ්ව විද්‍යාල තොරතුරු, කැරලිකරුවන් මුල් වනවානුවේ රටට ලබා දුන් ජයග්‍රාහණ ද මනාලෙස එළි දක්වා ඇත.

     අධ්‍යාපන ධවල පත්‍රිකාව, රාගම පුද්ගලික රෝහල ජනසතු කිරීම ඉන් කිපයකි.

     එපමණකුදු නොව,  වද කදවුරුවල කැරලි කරුවන්ට දුන් අසම්මත කෲර වද වේදනා ගැන ද මෙහි පැහැදිලිව සටහන් තබා ඇත.

     ලේඛකයා දෙවනි කැරැල්ල ලෙස නම් කර තිබුණ ද පළමු කැරැල්ල පමණක් නොව දෙවනි කැරැල්ල ගැන ද යම් සටහන් තබා ඇත.

     හොඳ ම උදාහරණය ප්‍රේමවති මනම්පේරිගේ මිලේච්ඡ ඝාතනයයි. ඒ ගැන ද විස්තර දක්වා ඇත.

     මෙම ලේඛකයා, එකල නම ඇසූ පමණින් රටම භීතියෙන් සලිත වන ප්‍රේමදාස, උඩුගම්පල හා පවා කතා කොට විස්තර ඉල්වා ඇති බැවින් පොතෙහි කරුණුවල සත්‍යතාවය ගැන තවත් උදාහරණ අවශ්‍ය නොවනු ඇත.

     ඒ මෙම ලේඛකයා තම ජීවිත අවධානම ද නොතකා එකල භිෂනය හා ප්‍රතිභිෂනය මුදාහල උන් සමග මුහුණුට මුහුණලා සාකච්ඡා කිරීමට තරම් නිර්භිත වු බැවිණී.

     මට මෙම පොත කියවීමේ දී ලොව ප්‍රකට මෙවන් පුවත් පත් කලාවේදීන් කිහිපදෙනෙක් මතකයට නැඟුණී.

     එනම් රුසියන් විප්ලවය සියැසින් දැක එහිදී ද ඉතා සාධාරණ, සමබර ලෙස එය පොතක් ලෙස එළි දැක්වු අමරිකානු ජාතික Johon Reed ය. පොත  Ten Days That shook නම් වේ.

අනෙක් දෙදෙනා නම් වියට්නාම උමං සටන ලියා පලක Thom Mangold සහ John Pancate වේ.

සත්‍ය ලෙසටම ඔවුන්ටත් වඩා ඉහල ලෙස සත්‍ය තොරතුරැ මත පදනම්ව ඉතා සමබර ලෙස අප හිතවත් ඒ දක්ෂ පුවත් පත් කලා වේදි  Dharman Wickremaretne   න් මෙම පොත ඉදිරිපත් කොට ඇත.

මන්ද ඒ ඔහුගෙ සත්‍ය වාදි බව,නිවැරදි දැක්ම,සත්‍යම තොරතුරැ මත පදනම් වීම,පක්ෂග්‍රාහි නොවීම සහ මනා පළ පුරැද්ද වේ.

මන්ද ධර්මන් වික්‍රමරත්න යනු පොත් 52 පමණ කතෘවරයෙකි.
     නමුත් ඔහු හට අපෙන්  චෝදනාවක් ද ඇත. එනම් මෙහි දෙවැනි වෙලුමේ ප්‍රමාදය ගැනයි.

     නමුදු මා කතා කොට ඇසූ සැනින් එය අගොස්තු මස අවසානයේ එළි දක්වන බව දැන් වූ නිසා අප එතෙක් ඉවසමු.

     1986 සිට 90 දක්වා ලක් මවට  67000 ට ආසන්න ජීවිත ප්‍රමාණයක් අහිමි කරමින්, කෝටි ගණනක දේපල අහිමි කරමින්, රටේ බුද්ධිමතුන් විනශ කරමින් ලක් මවගේ ගමන් මග වෙනස් කළ ඒ මහා කැරැල්ල සියැසින් දුටුවෙකුගේම පමණක් නොව,

     මෙම කැරැල්ලට සහභාගි වූ කැරලිකරුවන් හා කැරලි මර්දකයන් හා සමීප සාකච්ඡා මගින්ද,

    බොහෝ අය අතහැර දැමූ කැරැල්ලේ බොහෝ පුද්ගලයන්ගෙ නිවෙස්වලට ම ගොස් ඉතා පරීක්ෂණ මට්ටමෙන් එළි දක්වා ඇති පොතකි මෙය.

     පිටු 880 කින් ද ඔබට කිසිදා දැකිය නොහැකි දුර්ලභ ඡායා රූප 1289 කින් සමන්විත, ගෙවන මුදල හා දෙතුන් ගුණයක වටිනා කමක් ඇති අති විශිෂ්ඨ ගනයේ කෘතියකි.

     මෙය කතෘ ප්‍රකාශනයකි.  මෙම පොත ලංකාවේ බොහෝ පොත් අලෙවි සල්වලින් ඔබට ලබා ගත හැක.

    එසේ නොමැති නම් ඔබේ පහසුව තකා පහත දුරකතන අංක සඳහන් කරන්නෙමු.

     මෙය හුදෙක් හොඳ ම පොතක් රටවැසියා අතර ප්‍රචලිත කරවීමේ අරමුණ මිස වෙළද ව්‍යාපාරයක් හෝ පුද්ගලබද්ද ලාභ ප්‍රයොජන තකා නොවන බව ද කරුණාවෙන් සලකන්න.
                                  මෙම පොතෙහි දෙවන වෙළුම අගොස්තු අවසානයේ එළි දක්වන බව ධර්මන් අයියා මා සමඟ පැවසූ බැවින් එම පොතද ඉහත දුරකථන හා සම්බන්ද වී ලබා ගත හැක.

      මා ඕනෑ ම පොතක විවේචන ලිවීමට කැමැත්තෙමි. මන්ද “පොත් කියවන්නො “සමුහයෙ පාඨක ඔබට සත්‍යම තොරතුරු ලබා දීමට අප බැඳී ඇති බැවිණි.

      නමුදු මෙම පොතෙහි මා හට එසේ විවේචනය කිරීමට කිසිඳූ දෙයක් නොමැත. මා දුටු එකම අඩුපාඩුව නම් යම් සමහර එකම කරුණු තැන් දෙක තුනක ලියවී තිබීම පමණී.

     එය පොතට හානියක් හෝ කරුණුවලට හානියක් ද නොමැති දෙයකි.

     ධර්මන් වික්‍රමරත්න අයියාගේ වදනින්ම, අවුරුදු හතළිහට අඩු පරපුර අත් නොදුටු මෙම කැරැල්ල මෙම පොත කියවීමෙන් පුර්ණ සවිස්තර සත්‍ය දැනුවත් වීමක් ලබා ගත හැක.

     මා පවසන්නේද, වත්මන් පරපුර පමණක් නොව වයසින් ඉහළ අයද මෙය කියවිය යුතුම පොතකි. මන්ද කැරැල්ල ගැන කට කතා වලින් ඔවුන්ගේ ද හිත් දුෂනය වී වැරදි කරුණු මත කැරැල්ල දෙස බලන බැවිණි.

     මෙම පොත කියවීමෙන් කැරැල්ලේ නියම තතු දැන ගත හැක.

    දේශපාලනයට උනන්දු අයම නොව රටට ජාතියට ඉතිහාසයට හිතැති හා ඒවා හැදෑරීමට කැමති හා අකමැති වුවත් සත්‍ය දැන ගැනිමට මෙය කියවිය යුතුම පොතකි.

“පොත් කියවන්නො “සමුහයේ අප මෙහි සාමාන්‍යයෙන් කිය විය යුතුම ලෙස සටහන් තබන්නේ, ඉතා හොඳ ම පොතක් පමණී.

     මන්ද කෙතරම් සමීප හිතවතෙක් බොරු ප්‍රලාප පොත් එළි දැක්වුවද හිතවත්කම් හෝ පුද්ගල බද්ධ ලාභය තකා අප “පොත් කියවන්නො” සමුහයේ ඔබව අතරමං නොකරන බැවිණි.

     අද සුරංගනා ලෝකවල ජීවත්වන බොහෝ නංගි මල්ලිලාට ආදර කතා, කැම වට්ටෝරු, අහසේ පාවෙන මනෝ රාජ්‍ය මවා ස්වයං වින්දන ලබා දෙන ලොකු අයියලා එමටය.

     එවැන්නවුන්ගේ පොත් පත්තර සගරා හරහා ජාතියට, ජාතික භාෂාවට, ආගමට පමණක් නොව මුළු මහත් රටම විනාශ මුඛයට ඇද දමමින් සිටී.

     එවන් අවදියක වත්මන් පරපුර තම අතීත සහොදර සහොදරයින් රට ජාතිය වෙනුවෙන් කළ කැපවීම් දැන ගත යුතුය.

     නමුදු දැන ගැනිමට සත්‍ය තොරතුරු නොමැති අවධියක මෙම පොත එළි දක්වා, ධර්මන් අයියෙ ඔබ කළේ උපන් බිමට ජාතික මෙහෙවරකි.වත්මන් පරපුරට සේවයකි.

    මේ ධර්මන් අයියලා වැනි ලේඛකයන් වැඩි වැඩියෙන් රටට අවශ්‍යම මොහොතකි. ඒ අවශ්‍ය මොහොතේ ඔබ ඔබේ යුතුකම මනාව ඉටු කර ඇත.

තව තවත් මෙවැනි හරවත් දැ මගින් පාඨකයන්ගෙ සිත් සනහා උපන් රට ජාතිය වෙනුවෙන් ඔබේ ලේඛන කලාව වැඩි දියුණු වීමට “පොත් කියවන්නො”සමුහය සහ එහි පාඨකයින් වෙනුවෙන් ඔබට සුභ පැතුම්..

අරවින්ද රත්මල්ගම.
01/08/2018

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත