තණමවිල කොල්ලෙක්

තණමවිල කොල්ලෙක්


මා බොහෝ විට ලාංකිය නාට්‍ය නැරඹීම අත්හිටවු අයෙකි.මන්ද විවේචනයටවත් නුසුදුසු හරසුන් අවරගනයේ නාට්‍යය,
වාණිජමය අරමුණු පමණක් මුදුන් පමුණුවා ගැනීමට රටේ විවිධ රූපවාහිනි චැනල් දිග හැරීම,
තරගයට මෙන්ම ඉන්දියානු ගොබ්බ මෙගා රැළි තුලින්
ජන මනස විකෘති කර ඇති නියායෙනි.

     නමුදු ඉදහිට හොඳ නාට්‍යයක රස වින්දනයක් ලබාදීමට
යමෙකු උත්සහ දරයිනම් එය මා අත් නොහරිනවා පමණක් නොව
ඒ ගැන සටහනක් තැබීම ද පුරුද්දකි.

     මා අවසන් වරට බැලු නාට්‍යය දෙක තෛලෝකා සහ සහෝදරයා වෙයි.
ඉතා සාර්ථක නාට්‍යයක් වු සහෝදරයාගේ අවසන් රූප රාමුවට
විවේචනාත්මක සටහනක් තැබූ අතර
එය එහි අධ්‍යක්ෂවරයා නාමල් පාවා දුටු බව මා දුටිමි.(ලයික් කර තිබුණි.)

     එහි අරමුණ අධ්‍යක්ෂකවරයා අධෛර්‍ය්මත් කිරීම නොව
වඩා හොඳ අදහස් ලබා ගැනීමට තව තවත් ධෛර්‍ය්මත් කිරීම බව සබුද්ධ පාඨකයා මෙන්ම අධ්‍යක්ෂකවරයා ද දනියි.

     එසේ සිටි මා හට එක්තරා මිතුරියක් පණිවිඩයක් තබා තිබුණේ,
අයියා බලපන් හොඳ නාට්‍යයක් යනවා කියායි.
ඇය ද හොඳ රස වින්දනයක් ඇති ඇත්තියක් නිසා
නිකමට යු ටියුබ් හරහා පළමු දිග හැරුම දිග හැරුණි.

      අහෝ ඇඟ සීතල වි මා හිරිවැටි ගියාදො....පළමු රෑප රාමු තුල ම මා වී ද....

      මා ද ප්‍රංශයේ ගෙවු මුල් කාලය සිහියට නැඟුණේ
ගුණඅගුණ බව කෙසේ වෙතත් නාට්‍යය බැලීමට මා සිත බල කරමිනි

     එසේ ආරම්භ වු නාට්‍යය මා හට නොව සබුද්ධ ප්‍රේක්ෂකාගාරය බැද තැබීමට සමත්,
ඉන්දියානු මෙගා රැල්ලටත් හරසුන් පියරු බබා නාට්‍යකරණයටත් පහර ගැසීමට සමත්
නාට්‍යයක් බව මා හට අවබෝධ විය.

     එහි පරිසරය ලාංකීය ග්‍රාමීය ජන සමාජයට පමණක් නොව
නගරයට සංක්‍රමණය වු මූලය ගම තුල ඇත්තන්ගේ
සිත් කීරගැස්සවීමට රූප රාමු සමත්ව ඇත.

      එහි දෙබස් සමාජීය ආර්ථික දේශපාලනික ප්‍රශ්න සියුම්ව කියාපෑම කෙතරම් මනරම්ද...

       චෙකෝෆ්ගේ චෙරි වත්ත හරහාත් මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය හරහාත්
ගම නොපිට පෙරළෙන සැටි වෙනස් වන සමාජයට ගම මුහුණ දෙන හැටි
ජගා මැරුණු පසු ගම හැරදා යන සුලෝචනා නවීන ඇඳුමෙන් සැරසී මිත්‍ර බස නොඅසාම වාහනයක නැඟී යාමෙන් පෙන්නුම් කරයි ද....

      පීඩිත පන්තිය සදාපීඩිතයා බවත් තම දරුමල්ලන් රැකගැනීමට තම රීරීමාංශ පවාදීමට පවා පසු බට නොවන අම්මලා සිටින බව
වතුර පොම්පය දෙන මුදලාලි තම මවගේ රීරී මාංශ උරා බොන බැව් පවසන තරුණ්‍යය කෙතරමු අසරණ ද....

      විරැකියාව නිදහසින් පසු දේශපාලකයන්ගේ නොහැකියාව මත තම රටේ කාන්තාව නොරට ට විකුණන පහත් ජාතියක,
ඒ ශෝකාලාපයත් එසේ නොරටක බැල මෙහෙවර කරන උන් මිය ගිය පසු එයට සාධාරණය ඉෂ්ඨ නොවන,
එය ඉටු කරගැනීමට දැනුමක් නැති පීඩිතයා පාගා සූරා කන කුහක සමාජයක පැතිකඩ
මැරුණු මවගේ දෙන සීල්කළ පෙට්ටියක බහාලු බව අසා හඬන තරුණියත් එය බලා වැළපෙන අයියාගේ දෑසුත් අපට කියා නොපායිද....

    ගොර්කිගේ අම්මාගේ ප්‍රේමය මේ ලංකීය අම්මා පරයා නැතැයි කාටනම් කිව හැකි ද...

     ගමේ සුන්දරත්වය වටිනාකම නගරයෙන් පැමිණෙන උන් ගමේ උන්ව ම රවටා සූරා කන හැටි
ගමේ එකාගෙන් ම හිමිවරුන්ව ද රවටා පුස්කොළ පොත් ද නිදන් හැරීමට අවශ්‍ය අනිත් දෑ ද සපයාගෙන ගම විනාශ මුඛයට ඇඳ දමන හැටි සියුම් ව කියා පාන්නක් නොවේ ද....

      දේශපාලනික ලෙස දේශපාලකයාට රටේ නීතිය නැමිය හැකි බවත්
පීඩිතයා උන්ගේ අතකොළු බවත් මිනී මරමින් සාක්ෂි යට ගැසීමට යත්න දරන බව
අපහට ටොක්කක් ඇණ ඉගැන්වීමට මෙය සමත් නොවි ද....

      නඩු ගාස්තු ගෙවිමට මුදල් නොමැති කල, ගැහැනියකගේ කණේ කරාඹු ගැලවු
ලාංකීය කලු කඩ නීතිඥවරුන්ගේ තුච්ච හැසිරීම් එක් දෙබසකින් ම ජන මනසට කිදා බැස්සවීම කෙතරම් අපුර්වත ම ද....

     මෙසේ සමාජ දේශපාලන කතා අතර ම මෙහි අපුර්වත ම සියුම් ප්‍රේම කතා ද දිගහැරෙන බව ද මා නිරික්ෂණය කළ දෙයකි.

එහි වඩා සංවේදී මෙන්ම මා මිතුරික් හැඬවු දෙබසක් මෙහි සඳහන් කරමි.

      "ඉස්කොලෙදි අපි තරහ වුණාම...
ආයේ ඊළඟ දවසක් තියනව අපිට යාළු වෙන්න...
ඒත් මේ ජිවිතේ දි අපි...."

      මේ නාට්‍යයේ මේ කොටස යන විට මා මිතුරිය මා හා අමනාපව සිටියේ ය.
මෙහි ප්‍රබලත්වය කෙතරම් ද යත් මා ද කම්පා වු අතර ඇය ද දැඩිව කම්පා වී ඇත.

      නාට්‍යය බැලු පසු දින ම අප කතා කළෙමු.
ඇය මෙම නාට්‍යය ගැන සංවාද කොට ඇයට මේ දැනුන දෙබස ගැන මා හා දෙඩු සැටිත්...

      දෑසින් කඳුළු රෑරා වැටෙමින්..."අපට රණ්ඩවෙන්න තරහවෙන්න කාලයක් නෑ අරවින්ද..."කී සැටිත් මා තව තවත් ප්‍රකම්පිත කළෙමි.

      මා මේ නාට්‍යය ගැන සටහනක් තැබීමට එය ම ප්‍රධාන කාරණයක් විය.

      "දැනුම වැඩිවන විට පුද්ගලයා හුදකලා වෙනව ද.....

නෑ.. .

අක්කා කියන්නේ හුදකලාව ගෞරවයක් කියල ද..

ම්..වේදනාත්මක ගෞරවයක්...."

      ඉහත දෙබස සේම මා බියට පත්කළ  මට දැනුන තවත් දෙබසකි.
පොතෙහිම ගිලි සිටින මා වැනි අයෙකුට දැනෙන බියකි ඒ.

       කෙසේ වෙතත් නාට්‍යය ගැන විවේචනයක් ද අත්‍යාවශ්‍ය එවිටය, නියම සංවාදයක් වනුයේ.

       නමුදු දැනට මා කිසිඳු විවේචනයකට අත නොතබමි.
සාර්ථක සහෝදරයාගේ අවසන් රූප රාමුවට මා විවේචනාත්මක ලිපියක් පල කළා සේ
නාට්‍යය අවසන අප හොඳ විචාරයක් කරමු.

       නමුදු දැනට මේ පපු කැහුතු පාරන දෙබස් දටු විට මා ලිවීමට පෙලඹවීම අරුමයක් නොවේ.

      අධ්‍යක්ෂනය කෙසේ වෙතත් අධ්‍යක්ෂවරයා ගැන කෙටියෙන් කිව යුතුම ය.

       ඒ සිනා නොවන නළුවා මාගේ ප්‍රියතමයා ය.මට මොහු මුලින්ම හමුවන්නේ සරදි හරහා ය.

      එකට කුඩා සිරුරක් හිමි රොෂාන්,
සරදිට මෙරට රංගන ශිල්පියෙකු සිදුකළ උපරිම සාධාරණය කල අයෙකු වේ.
රංගනය මනාව හදාරා එදා මෙදා තුර රඟ පෑ සියළුම නාට්‍යය ජන හදවත් තුල සලකුණක් තැබීමට සමත් වු අයෙකි.

      මෙහි සංගීතය ගැන ද තිර රචනය ගැන ද කතා කළ යුතු ම ය.
සංගීතය ද මෙහි ප්‍රභල භූමිකාවක් රඟ දක්වයි.

      නාට්‍යය අවසන මේ සියල්ල ගැන පූර්ණ විචාරයක් තැබීමට බලා පෙරොත්තුවෙන් සිතට දැණුන කෙටි කිතිය සහ
අමනාප මිතුරියක් පෙර සිටියාට වඩා ජීවිතයට ළංකරවීමේ මාහැඟි සතුට ට සව්දිය පිරීමට මේ සටහනින් දැනට නවතිමු.

නාට්‍යය අවසන පුර්ණ විචාරයක් සංගීතය, තිර රචනය, අධ්‍යක්ෂනය මෙන්ම
රංගයන් ගැන ද තැබීමට බලාපොරොත්තුවෙන් රංගන ශිල්පීන්ටත් නාට්‍යයට සහය වූ සැමටත් සුභ පතමින් නවතිමි.

ජය!
අරවින්ද රත්මල්ගම.

Comments

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

බල්ලෙකුගෙ හදවත

පිරිමි නිරුවත.