තොන්ඩමන්ලාගේ භූමිකාව..

තොන්ඩමන්ලාගේ භූමිකාව..

තොණ්ඩමන්ලාගේ කතාව ඇරඹෙන්නේ 1913 උපන් සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගෙනි.ඔහුගේ පින පෑදෙන්නේ කඳුකරයේ තේ නෙලීමට දකුණු ඉන්දියාවෙන් ගෙනා, කෑම පවා නොමැතිව දුක් විදිමින් සිටි දකුණු ඉන්දීය දමිළ  කම්කරු ජනතාවගේ පව මතිනි.

ලක් වැසියන්, වතු ආශ්‍රිත කම්කරු රැකියා කිරීම මදි පුංචිකමක් යැයි සිතූ සමයක, බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් මෙරටට පිරිස් ගෙන්වූහ.යාපනයෙන් ගොඩබැස වූ ඔවුන් හට ලැබුණේ පාන් පිටි පමණක් බව ද වතුර දමා පාන්පිටි අනා කමින් කඳුකරයට ගෙන ආ බවත් අතර මග දී බොහෝ පිරිස් සාගතයෙන් මියගිය බවත් ඉතිහාස කතාවල සඳහන් ය.

එදා සිට නිසි අධ්‍යාපනය,නිවාස මෙන්ම සෞඛ්‍යය වැනි මුලික පහසුකම් ද නොමැති ඔවුන් රැකීමට, ඔවුන්ගේ කර මතින් සෞම්‍යමූර්තිලා පාර්ලිමේන්තු ගියෝ ය.

ඔහු එතැනන් නොනැවතුනි. සෞම්‍යමූර්ති මිය ගිය ද පක්ෂය තම මුණුපුරා අත තැබීමට තරම් සෞම්‍යමූර්ති දක්ෂ විය.

වතු කම්කරුවාට කෑම නැති තැන තොණ්ඩමන්ලා අනුභව කළේ රජ බොජුන් ය.කම්කරුවාට නිසි සෞඛ්‍ය පහසුකම් නැති කල, තොණ්ඩමන්ලා අසනීප වූ කල ඉන්දියාවට ගියේ ය.වතු කම්කරුවාට අධ්‍යාපනය නැති වුව ද තොණ්ඩමන්ලා අධ්‍යාපනය ලබන්නේ රාජකීය විද්‍යාලයේ ය.

අවසන් පුරුක් ඉන්දියාවේ හෝ වෙනත් රටවල අධ්‍යාපනය ලබති.ඒවා ද කම් නැත.වතු කම්කරුවාගේ කතිරයෙන් ඉහළට ගොස් අධධ්‍යාපනය ලැබූ තොණ්ඩමන් මිනිපිරියන් දොස්තරලා ය.නමුදු සේවය වෙනත් රටවලට ය.

තාමත් වතු කම්කරුවන්ට නිසි සෞඛ්‍යය පහසුකම් අවම ය.

සාක්ෂරතාව බිංදුවේ ය. මා හඳුන්නා දොස්තරවරියක් දිනක් මා හට පැවසුයේ
"අරවින්ද, වතුවල මිනිස්සු පව්! ලකුණ බලලා කතිරේ ගහන්න දන්නෑ. ඡන්ද කොළේ දෙකට නැවූ විට හරි මැද අවශ්‍ය ලකුණ තිබු හෙයින් ඔවුන්ගේ දේශපාලන නායකයන් උපදෙස් ලබා දී ඇත්තේ ඡන්ද කොළය දෙකට නමා හරි මැද ලකුණට කතිරය ගැසීමට බවත් ය.

අදටත් හාමුලාගේ ලිංගික කෙළි බඩු සේද,කොළඹ නිවෙස්වල මෙහෙකාර සේවයට ද,යම් අවශ්‍යතාවයක් වු වහා වතු කම්කරුවන් ප්‍රයෝජනයට ගන්නා බව නොරහසකි.

ශෝචනීය එය නොව මෙතනින් ගොඩ ඒමට මොවුන්ට ද උවමනාවක් නොමැති වීම ය.

දැනට වසර දෙකකට පෙර මා ඇතුළු මුහුණු පොතේ පිරිසක් වතුකම්කරුවන්ට රු 1000 ක් ලබා දීමට ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණ  ව්‍යාපාරයක නියැළුනි.අවාසනාවකට එවැනි දේට වුව වතු කම්කරුවන්ගේ සහය අවම මට්ටමක පැවති බව කණගාටුදායක කරුණකි.

මෙවරද නුවරඑළිය ප්‍රදේශයේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් මා ඇතුළු කණ්ඩායමක් සිටිනා විට පවා ඔවුන් ඒ ගැන වැඩි තැකීමක් නොකිරීම තුලින් ද සිතන්නට සිදු වූයේ ඔවුන්ට එම මඩ ගොහොරින් ගොඩ ඒමට උවමනාවක් නොමැතිකම ද නැතිනම් අවබෝධයක් නොමැතිකම ද යන්න යි.

තොණ්ඩමන්ලා වතුකරයට කොටි සංවිධානය ව්‍යාප්වීමට ඉඩ නොදුන්නේ රට ට ඇති හිවත්කම නිසා යැයි තැනෙක මා දුටිමි.

නමුදු සත්‍යය එයම නොව.ප්‍රභාකරන් ළංකරගත්තේනම් දොරෙඅප්පාට වුණ දේ තමාට වන බවත් වතුවල බලය තමාගෙන් ගිලිහෙන බවත් පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමිව නන්නත්තාර වන බවත් තොණ්ඩමන් දුටු නිසා එසේ ව්‍යාප්ත වීම වැලකු බව මාගේ පුද්ගලික අදහසයි.

අනෙක් අතට ප්‍රභාකරන් වතු දෙමළ ජනතාව තම සංවිධානය තුලට නොගැනීමට වගබලාගත් බවත් එයට කුලය බලපෑ බවත් දන්නො දනිති.

කාරණා එසේ තිබිය දී තොණ්ඩමන්ලා පිම්ඹීම විහිළුවක් නොවේ ද?තොණ්ඩමන්ලා රට ට තියා තමාට කතිරය ගැසූ ජනතාවටවත් හිතැති උන් නොවන්නේ ය.

අවම පාර්ලිමේන්තු සහභාගිත්වයට පවා හිමිකම් කීමට ආරුමුගම් තොණ්ඩමන් සමත්වන්නේ ජනතාවට හිතැති නිසා ද ?

හැන්සාඩ් වාර්ථාවේ තොණ්ඩමාන්ලා වතු කම්කරුවන් වෙනුවෙන් කතා කර ඇත්තේ මොනවා ද ?

තොණ්ඩමන්ලා කළේ වතු කම්කරුවන්ගේ කරමතින්ම පවුල් සංස්ථාව ගොඩ දමා රජය තනන උන් ලෙස රටට පෙන්වා බලය ඇති රජයට කඩේ යාම පමණි.

අපට කිසිවෙකුගේ පුද්ගලික කාරණා අදාල නැත.

තම පුද්ගලික වැරදි ඇති උන් අනුන්ගෙ පුද්ගලික ජීවිතවල කුණු සෙවීම, මඩ ගැසීම සාමාන්‍ය සිද්ධිය යි.

නමුදු මේ පුද්ගලික පහර ගැසීමක් නොව ලක් බිමට පය තැබූ දා සිට අපා දුක් විදින ජනතාවකගේ කරමතින් විධායකයේ පා දොවමින් තම බඩ වඩාගන්නා උන්, ටකරං ටිකක්, අරක්කු ටිකක් දී ජනතාව රවටා මිය ගිය පසු ද මහා සමාජ සේවකයන් ලෙස පුහු ප්‍රචාර දැක දැක නොලියා සිටිය නොහැකිකමට හුදු වේදනාව පිට කිරීමක් පමණි.

නිරෝධායන නීති කඩකරමින් අවමඟුල් පෙරහැර පවත්වමින් මිනිය ද ඡන්ද ව්‍යාපාරයට පත් කරගනිමින් පක්ෂ බලය ද ඉන්දියාවේ උගත් තොණ්ඩමන් කෙනෙකුට ම පවරමින්,වතු කම්කරු කතිරයේ බලයෙන් දොස්තරලා වී,වතු කම්කරුවන්ට නිසි සෞඛ්‍ය සේවයක් පවා නොමැති කල ඔවුන්ට සේවය සැපයීම පසෙක ලා තම සැපතම සොයමින් දඟලන තොණ්ඩමන්ලා ගැන වතු කම්කරුවන් කවදා තෙරුම් ගනීවි ද ?

සමහර විටෙක එය කිසිදා නොවනු ඇත.එවන් පවුලක් වෙනුවෙන් ජයගොස් ප්‍රශංසා කතා කුමට ද ?

සාමාන්‍ය මුස්ලිම් ජනයා රවටන ජඩ මුස්ලිම් දේශපාලුවාගෙත්,සාමාන්‍ය සිංහල ජනයා රවටන මුග්ද සිංහල දේශපාලුවාගේත්,වතු කම්කරුවන් රවටන කාලකණ්ණි දෙමළ දේශපාලුවාගෙත් කිසිඳු වෙනසක් නැත.

මේ ත්‍රිවර්ගය ම ජනතාව රැවටුව ද තොණ්ඩමන්ලා රවටන්නේ රටේ පතුලේ ම සිටින අහිංසකම, දුප්පත්ම ජනතාව වීම කෙතරම් කණගාටුදායක ය.

එසේ රැවටෙමින් තව තවත් උන්ට ම බලය දී තම මූලික අවශ්‍යතා පවා නොමැති කල, තම කතිරයේ බලයෙන් සදා බලයට පත්ව උන්ගේ ම යකඩ සපත්තුවට පෑගී තැලි පොඩි වී යන බව වතු කම්කරුවන්ට නොතේරෙන කල අනෙක් උන් ගැන කවර කතා ද..?

ජය!

අරවින්ද රත්මල්ගම_______✍️

Comments

  1. You not entirely correct, yes they are political animals but better than our Sinhala politicians. They have a powerful union, and they take action on many worker welfare issues. Upcountry wages are higher than low country estate workers. Once upon a time Colombo Hatton road is the only maintained road in SL. People going to work in Colombo is not forced, young people like to move away from estate work. Giving more money to estate workers is not a good thing, if the business is going to collapse, Thonda's are balancing that. Just imagine JVP had that power, plantations are dead by now.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත