නව කොරොනා ජාතිවාදය සහ ස්ත්‍රි සලකුණ

නව කොරෝනා ජාතිවාදය සහ ස්ත්‍රී සලකුණ.
-------------------------------------------------------------

Covid 19 නව කොරෝනා රෝගයෙන් ලොව ම වෙලා ඇති මොහොතක යුහුසුළුව ලෝකයා මෙම ව්‍යවසනයෙන් ගැලවීම සඳහා යත්න දරමින් සිටි.

ලොව එසේ වුවද සැමදා සෑම ප්‍රශ්නයක දී ම දෙපිලට තුන් පිලට බෙදි, අප රට වැසියා මරා ගන්නා සැටිනම් මෙවන් විටක ද කිසිඳු වෙනසක් නොමැත.

මෙම වෛරසය චීනයෙන් ජර්මනිය හරහා ඉතාලියට පැමිණි විට ඉතාලිය ජර්මනියටවත් චීනයටවත් එරෙව්වේ නැත.

රෝගය මර්ධනයට උත්සුක වුවා පමණි.නමුදු අපේ රටේ පේන කියන්නන් යුරෝපයේ රටවල් මරා ගන්නා බවට අනාවැකි පල කලේ අප සෑම දේට ම මරාගැනීමේ ප්‍රතිපත්තියක සිටින නියාවෙන් විය යුතුය.

බුකියේ සිංහලෙන් වෙන රටවලට කෑමොර දී තම කාලය අපතේ යවන විට,අපෙ රටේ උන් නිරෝධායනයට මධ්‍යස්ථානයක් හදන විට අපේ ගමට එම මධ්‍යස්ථාන එපා යැයි පෙළපාලි යන තරමට කුහක වුයේ ද අප ම නොවේ ද?

අප එසේ වුවද ලොවට ආදර්ශයක් දෙමින් ඉතාලියේ රෝගින් වැඩි වන විට ජර්මනිය, විශේෂිත රොහල් ගුවන්යානයක් ඉතාලියට ගොඩබස්සවා ඉතාලි රෝගීන් ජර්මනියට ගෙනයාමට තරම් කාරුණික වීම ලොවට ම ලබා දුන් ආදර්ශයකි.

අප මෙම රෝගය තුරන් කරනවා වෙනුවට අප අප ම මරාගෙන සැමදා සෑම ප්‍රශ්නය ම දේශපාලන කුලල්කා ගැනීම් හරහා ජාතිවාදයට එන්නා සේ මෙම රෝගී තත්වය හමුවේ ද ලොව කිසිඳු රටක නොමැති ලෙස ජාතිවාදයක් ඇමිණීමට කුහක දේශපාලකයා සමත්ව ඇත.

එහි කුඨප්‍රාප්තිය ජාතිවාදි කුහකයා රාහුෆ් හකිම් හරහා ලැව් ගින්නක් සේ පැතිර යාම රටේ අවාසනාව නොවේද?

මෙයට ඉතා හොඳ සටහනක්  Upul Sannasgala මහතා, මුහුණු පොතේ තබා තිබු අතර එයට බොහෝ දෙනා ප්‍රතිචාර ද දක්වා තිබු බව දුටිමි.

රාහුෆ් හකීම්..
ආගම පරාජය වෙලා..
ඇස් ඉස්සරහ..
මේ වෙලාවේ අල්ලා මළත් වලලන්නේ
මෙහම තමා..
අමාරුනම් උඹ වැලලියන්..

මෙහි "වලලන්නේ" වෙනුවට පුච්චන්නේ යැයි සදහන්නම් මෙය වඩාත් මේ අවස්ථාවේ පැහැදිලි වන නමුත් මෙහි ගැඹුර දන්න අය හට එය ප්‍රශ්ණයක්ද නොවේ.

මෙම ප්‍රකාශය හුදෙක් මා දකිනුයේ සමාජයේ නැත්නම් රටක පුරවැසියෙකු තම රට ට ඇති ආදරය සහ මෙම ව්‍යවසනයේ දී රට මුහුණ පා ඇති ශෝචනිය තත්වය මත තැබු සටහනක් ම බව මගෙ හැඟීමයි.(මෙහිදි යමෙක් සන්නස්ගලයන්ගේ දේශපාලන මතවාදය හා මේ ජාතික ව්‍යවසන අවස්ථාවේ පුරවැසියෙකු ලෙස තැබු සටහන පටලවා නොගත යුතු බව මගෙ හැඟීමයි.)

කෙසේ හෝ සෘජුව තම මත ප්‍රකාශ කරන සන්නස්ගලයන්ගේ මෙම සටහන රට ට හිතැති, මේ වෙලාවේ රට ගැන දැඩි වේදනාවෙන් සිටි පිරිස් බුකියේ ශෙයාර් කරනු දුටු අතර ජාතිවාදි නොවු කිසිඳු මුස්ලිම් සහෝදරයෙක් විරුද්ධ නොවුයේ මේ අවස්ථාවේ ජාතිය නොව රට ගැන සිතිය යුතු බව දන්නා නිසාවෙන් බැව් අප දනිමු.

නමුදු කුමන ජන කොටසක වුවද අන්තවාදි කුහක ජාතිවාදියෝ සිටින බව අප දනිමු.උන්ගෙ ඉලක්ක පහත් තැන් බව ද අප දනිමු.මෙම සටහන බුකියේ කිසිවෙකුට ප්‍රශ්නයක් නොවුව ද එක්තරා කුඩා පේජකරුවෙකුට අමාරුවක් දනවන කරුණක්ව ඇති බව මා දුටිමි.

සන්නසගලයන් වැනි නිසි බස දත් අයෙකුට විරුද්ධවීමට තරම් කොන්දක් මේ හිවල් මොටයන්ට නොමැත.ඒ වෙනුවට මෙය ශෙයාර් කළ මුස්ලිම් රටක සේවය කරන ලාංකීය සහෝදරියෙකගේ ඡායාරූප ද මෙම ඉහත සටහන ද එක් කරමින් ඇයට අපහාස කරමින් වැලලෙන්නට වෙර දරන මෙම පහත් නින්දිත ජඩ පෙජ්කරුවා, තම මුස්ලිම් ජාතිවාදි හෙන්චයියන් කිහිපදෙනෙකු ද එයට සම්මාදම් කර ගෙන ඇති සැටි පිළිකුල් සහගත නොවේද?

රටක් දැඩිව මුහුණ පා ඇති ව්‍යවසනයක දි එය වලකාලීමට මිනි ආදාහනය කිරීමට ජාතිමාමක මුස්ලිම් සහෝදරයන් ද සහය වන හැටි අප දුටිමු.නමුදු ජාතිවාදි සුළු දේශපාලන අතකොළු සැමදා මෙන් මෙවර ද හිස ඔසවමින් සිටි.

එසේ වුවද කළ හැකි දෙයක් නොමැති තැන මුහුණු පොතේ ක්‍රියාකාරිනියක්,රටගැන නිතර කතා කරන අප හිතවතියක් නැතත් ස්ත්‍රියක් (ඕනෑම ස්ත්‍රියක් යනු මවකි සහෝදරියකි. එවැනි සහෝදරියකට ගරු නොකරන්නා ජඩයෙකි.)මෙවන් දෑ පලකළ විට තම වෛරි හැඟුම් ඇය හරහා පිටකිරීම කෙතරම් පිළිකුල් සහගත ද?

ස්ත්‍රියකට මඩ ගැසීම පහර ගැසීම කලාවක් කරගත් සමහර පාපතර කාලකණ්ණින් මෙවර ද ජාතිවාදය කොරෝනා වෛරසයට මුහු කොට එය ඉහත සහොදරියගේ කරමතින් පිට කිරීමට යන්තදරා ඇත.

ඇය මුස්ලිම් රටක හෝ වෙනත් රටක සේවය කළ ද තම උපන් රට ගැන කතා කිරීමට ඇති අයිතිය වලකාලීමට මෙම තුට්ටු දෙකේ පේජකරුවන්ටත්, උන්ගෙ තැරැව්කාර කාලකණ්ණි හෙන්චයියන්ටත් ඇති අයිතිය කුමක් ද?

එම පෝස්ටුවට කමෙන්ට් කර තිබු සියල්ලන් මුස්ලිම් ජාතිකයන් වේ.මා කිසි දින ජාතිවාදයට උඩ ගෙඩි දෙන්නෙකු නොවේ.නමුදු එහි සිංහල කාන්තාවකට,ඇගේ ඡායාරූප පලකරමින් පහර දෙන සියළු වසලයන් මුස්ලිම් නම්වලින් පෙනි සිටින උන් ය.

මෙසේ ජාතිය ගැන පමණක් හිතන කැනහිලන් සමඟ රටක ජාතික ව්‍යවසනයක් පිටු දැකිය හැකි ද?

කාලකණ්ණි ජාතිවාදියනි, හිතපල්ලා ඒ ගැහැනිය තොපගේ ජාතියට පහර ගසා නැත.සන්නස්ගලයන් ද එසේ ජාතියට පහර ගසා නැත.

සටහනක අරුත නොදත් කාලකණ්ණි  ජාතිවාදියනි, එහි පටු දේශපාලන වාසි තකන දේශපාලන හාල්පාරුවන්ට එල්ල කළ පහරට තොපට රිදීමට කිසිඳු හේතුවක් නොමැත.

තොපට ඇත්තේ එය නොව ජාතිවාදි වෛරී සිතුම් පමණි.එය මෙවර පිටකිරීමට කාන්තාවක් තෝරාගැනීම කෙතරම් තුච්චදැයි තම මව්ගෙන් විමසා බැලිය යුතු බව මෙසේ යෝජනා කරමි.

ජාතික ව්‍යාවසනයක දි තම ජාතිය නොව සියළු ජාතින් එක්ව එම ව්‍යවසනයෙන් රට බේරාගැනීමට නිසි බලධාරින්ට සහයවීමට තොපගෙ මව් උගන්නා නැතිනම් බුකියේ කාන්තාවක් එය ඉගැන්වීමට වෙරදරයි නම් ඇයට මවට මෙන් සලකා හරි දේ උගත යුතු බව සිහි තබා ගනිල්ලා.

ජය!
අරවින්ද රත්මල්ගම.

Comments

  1. සන්නස්ගල ට ගහන්න ගියොත් රෙදි නැතුව එන්න වෙන නිසා අර ඒක ශෙයාර් කරපු කාන්තාවට පන්න පන්න ගහන්න ගත්තා. එකම පිරිමියෙක් ශෙයාර් කරානම් ඒත් කාටවත් පේන්නෑ ඒක. පුදුම කුහක සමාජයක් මේක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..මේක පිරිමියෙක් කලානම් එකෙක් මීක් නැ..අධබාල කමනෙ..

      Delete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත