පීඩිතයා නොසලකන VIP පාලනය.

පීඩිතයා පාගා VIP උන් රකින
 ලාංකේය පාදඩ පාලන ක්‍රමය.
=========================

කොරෝනා වෛරසය
ලොවට ම දැඩි හානි පමුණුවා ඇත.

ලොව ම මෙම වෛරසය මැඩ පැවැත්වීමට
දැඩි වෙහෙසක් දරන බව අප දනිමු.

ලංකාවෙහි ද මෙය සිදුවන අතර තුර
ඒ තුල ද බලය,ධනය යනාදී කරුණු පදනම්ව
කාලකණ්ණි අශෝබන ක්‍රියා සිදු වන බව ද කිව යුතුය.

බලය,ධනය යන ප්‍රධාන කරුණු පදනම්ව
ලාංකේය දේශපාලනය දෝලනය වුව ද
මෙවන් අවස්ථාවක දී පවා එසේ ක්‍රියාත්මක වීම
කෙතරම් ලැජ්ජා සහගත ද...?

විදෙස්ගත ශ්‍රී ලාංකිකයා,
නමට රට විරුවා වැනි විරුදාවලි යොදා අන්දවා,
රටේ ගැහැනුන් නොරටට විකුණා
හිඟන ආර්ථිකයකට හිමිකම් කියනවා මදිවට
රට ට එසේ විනිමය ගෙන එන අප සහෝදරියන්
මැද පෙරදිග දුක් විඳිනා කළ
රජය කුමක් කරයි ද..?

රටේ විදේශ විනිමය හිඟ වූ කල
සුවිශේෂී ගිණුම් හරහා රට ගොඩගැනීමට
මුදල් එවන ලෙස විදස්ගත වූවන් යදින පාලකයා,
අවම තරමින් විදෙස්ගත ලාංකිකයාට
ඡන්ද බලයවත් දීමට සිතා ඇත්ද...?

අද මැද පෙරදිග සහෝදර සහෝදරයින්
දැඩි පීඩාවකට ලක්ව ඇත.
කෑම බීම පමණක් නොව ඉඳුම් හිටුම් ද
ඔවුන්ට ගැටළුවක්ව ඇති බව සියල්ලෝ දනිති.

එසේ තිබිය දී එංගලන්තයේ සිටි පිරිස්
එක්වර ගෙන්වීමට රජය පියවර ගත්තේ ඇයි...?

අජිත් නිවාඩ් වැනි
පාලක පක්ෂයට කඩේ යන උන්ගේ
ගෑවිච්ච උන් ද ඒ අතර වන නිසා ද...?

අජිත් නිවාඩ්ගේ හෝ වෙනත් රජයට සහය දෙන
බලවතෙකුගේ දරුවෙකු හෝ යමෙකු
මැද පෙරදිග සිරවී සිටීනම්
අද පළමු ගුවන් යානය මැද පෙරදිගට ද
යාමට බොහෝ විට ඉඩකඩ තිබුණි.

එහෙත් අවාසනාවකට එය
එසේ නොවීය.

ලංකේය වහල් ඡන්ද දායකයාට
මෙසේ විය යුතුම ය.

මන්ද කිසිදා කිසිවිට තම වහල් මානසිකත්වය ඉවතලනවා වෙනුවට
පක්ෂ,පාටවලට බෙදී
තම ළඟ ම හිතමිතුරා,නෑයා,අසල්වැසියා සමඟ
ගහ මරාගන්නා කාලකණ්ණි න්‍යායෙන් අත් නොමිදෙනා නිසාවෙනි.

මෙතරම් ව්‍යවසනයක් පවතිද්දී
රජය වහා පියවර ගන්නේ
බලවතුන්ගේ දූ පුතුන්,නෑයන් නැතිනම්
VIP උන් ගෙන්වා ගැනීමට ය.

රටේ බහුතරය නියෝජනය වන
ම‍ධ්‍යම පාන්තික අසරණයා ගැන
මුංට වගේ වගක් නැත.

පුරවැසියා සදා ගොනෙකු ලෙස තබා ගනිමින්
තම දුවා දරුවන් එංගලන්තයට යවන
බොහෝ බලවතුන්ගේ බලාපොරොත්තුව,
පීඩිතයා සදා පීඩිත තත්වයෙන් තබා
උන්ගේ දරුවන් අනාගත පාලකයන් කිරීම ය.

එසේ තිබියදීත් උන් වෙනුවෙන් හඬ නගන උන්
සාධාරණීය කරන කාලකණ්ණි  පීඩිතයන් සිටීම ම
කෙතරම් කනගාටුදායක ද...?

කුවේට් හි අසරණ උන් හඬ නැඟූ කල
බුකියේ ම කාලකණ්ණින් නැතිනම්
පාලක මුදලට කැස කවන බලුගැත්තරයන්,
එම කාන්තාවන්ට අපහාස කරමින්
පෝස්ට් දැමු හැටි අප දුටුවෙමු.

ඉතාලියේ සිට ලංකාවට පැමිණ
දඟලපු උන්ගේ වීඩියෝ පට
සමාජ ජාලා අතික්‍රමණය කරමින
අපහාසයට ලක් කළ හැටි අප දුටුවෙමු.
(ඉතාලියේ සිට පැමිණි අය කළ
ඒ ක්‍රියාවන් මා දැඩි ව හෙළා දකිමි.)

නමුදු එංගලන්තයෙන් ආ උන් සිදුකළ
කිසිදු වීඩියෝවක් සමාජ ජාලා තුල හුවමාරු වෙයි ද...?

ඒ තබා සියළු ජන මාධ්‍ය 
මේ VIP උන්ගේ නම් පවා සඟවන්නේ ඇයි...?

මේ කාලකණ්ණි බඩගොස්තරවාදී
දේශපාලන හාල්පාරුවන් සහ
උන්ගේ පාහර හෙන්චයියන්
රටේ ජනතාවගේ රීරි මාංශ උරා බොමින්
එම මුදලින් තමන්ගේ උන් වෙන රටවලට යවා
එම රටවල උද්ගතවන යම් ආපදා තත්වයක් හමුවේ දී
සියළු සැප දී  නැවත මෙරටට ගෙන්වා ගන්නා හැටි
දැන්වත් දෑසින් ම දැක ගනිල්ලා...!

කාලකණ්ණි ලෙස අකුරු හරඹ පා
තම පන්තියේ උන්ව ම හෙලා දකිනවා වෙනුවට
යුක්තිය, සාධාරණය වෙනුවෙන් කතා කරපල්ලා...!

මැද පෙරදිග උන් රට යන්නේ රට ගොඩ ගන්නට නොව
උන්ගේ සුබ සිද්ධියට වැනි කුප්ප ජඩ කතා නවත්තපල්ලා...!

කාගේ යහපතට ගිය ද අද රට දුවන්ගේ
උන්ගේ දහඩිය, කඳුළින් බව නොදන්නා උන්,
ආර්ථික චක්‍රවර්ති බන්දුල ගුණවර්ධන
පිටරට වෙසෙන අයගෙන් මුදල් ඉල්ලා කළ
ප්‍රකාශයේ ගැඹුර දැක ගනිල්ලා...!

ඒ සියල්ලට පෙර ලාංකේය ජඩ දේශපාලන පරයන්ගේ
හෙළුව දැක ගනිල්ලා...!

පාස්කු ප්‍රහාරයෙන්,
දැන දැනත් ජනතාව බිලි දුන් බව හෙලි වුව ද
ඡන්දය ළං වූ වහා දේශපාලකයන්ට කඩේ යන
පරයන් මෙය අමතක කිරීම නම් සිදු නොවනු ඇත.

ලාංකේය පාදඩ දේශපාලකයන් ගැන
කෙතරම් ලියූව ද
වහල් ඡන්දදායක හරකුන්
තේරුම් නොගන්නා බව දනිමි.

නමුදු රට ට වැඩි ම මුදල් ගෙන එන අපේ ම උන් දුක් විදිද් දී,
බැකින් හැම් මාලිගයේ ගිනි තපින
VIP උන් වෙනුවෙන් කඩේ යන පල් බුරුවන් ද
උන් රකින දේශපාලන ජඩයන් ද දැක දැකත්
අකුරක් නොලියා සිටිය නොහැක.

එසේ නොලියා හිදීම තුල
දිනක අප අපට ම ශාප කරගනු ඇත.

කළ හැක්කක් නොමැති නියායෙන්
මෙසේ මේ සිදුවන ජඩ අසාධාරණයට විරුද්ධව
වචනයක් හෝ ලියා
යුතුකම පමණක් මෙසේ ඉටු කරමි.

ජය!

අරවින්ද රත්මල්ගම_______✍️

Comments

  1. ඔබගේ ලියමනෙන් දක්වා අති අදහසට මා බොහෝසෙයින් එකඟ වෙමි!

    ReplyDelete
  2. Why do we see negative in everything, every country is using some kind of priority for bringing overseas citizens. UK is an expensive place to live, students work in mostly undocumented work like cleaning. Business is dead and no work for students, govt only pay for citizens and PRs.

    Here is AUS some people are feeding stranded students, some have no place to live, rent is not free.

    Middle-east crowed is different, domestic workers may still have jobs
    (Wijebahu)

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපි හැමදේම අසුභවාදිව දකින්න හොද නැ.නමුත් වැරදි දේ වැරදි ලෙස දකින්න සහ ඒ ගැන කතා කරන්න පුලුවන් වෙන්න ඕනනෙ..ඔබ කියනව වගෙ එංගලන්තය ජිවන වියදම ඉහල රටක් පිළිගන්නව.හැබැයි එහෙ ඉගෙන ගන්න සාමාන්‍ය ජනතාවගෙ පුත්‍රයෙක් දුවක් යන්නැ.සමාජයෙ යමක් කමක් ඇති අය යන්නෙ.ඒකනෙ VIP පහසුකම් ඉල්ලන්නෙ.VIP වචනයෙන්ම ඔබතුමාට පැහැදිලිනෙ කාරනාව.මැද පෙරදිග රැකියාවක නියුතු සහ ගිවිසුම් ප්‍රශ්ණ තියනව කියනව.හැබැයි ඔබතුමා දැක්කද අර කුවේට් වල ලංකාවට එන්න හදන අය පිට්ටනියක ගාල් කරල ඉන්න හැටි.යුරොපයෙ මේ ප්‍රශ්ණය නිසා රැකියා අහිමි අය කොපමනද..අවම වශයෙන් රජය ඒ ගැන කතා කලාද.කුවෙට් වල එම්බසියට ගන්නැතුව දොරවල් වහගෙන හිටියෙ..ඉතිං ඒක සාධාරනද..ලංකාවේ ද.ජා.ආ.ඉහල දායකත්වය විදෙස්ගත ශ්‍රමිකයනම් ඇයි රජයක් විදිහට අසරනයා දිහා නොබල යමක් කරගත හැකි අයවම රකින්නෙ..එකයි ප්‍රශ්ණය.නැත්නම් රජය කරන හැමදේම මා විවේචනය කරන්නැ.උදාහරනයකට නිරොධායන කටයුතු මා නිතර පසසනව..ලොකයෙ හොදම සේවය ලංකාවේ බව මම පවසනව..හැබැයි එහෙම කියල රජයෙ හැම වරදටම මට සුද් හුණු ගාන්න බැ මහත්මයා..ඒකයි එහෙම ලිවේ..

      ඔබතුමාගේ අදහසටද ගරු කරමි.ඒ වගේම ස්තුතියි ඔබතුමා අදහස් පලකිරිම සම්බන්ධයෙන්...

      ස්තුතියි..
      ජය..

      Delete
  3. Do you agree most Sri Lankans generally have a problem with well to do people? money or education wise) see them as a source of all problems? In the capitalist world wealthy and educated people provide productive employment to others, govt mostly provide counterproductive employment.


    I do not know why they bought UK people first and middle-east people next, but they did (see today news below, Wijebahu)

    http://www.dailymirror.lk/breaking_news/197-stranded-Sri-Lankans-return-from-Dubai/108-187912

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත