බැමිණිතිකාලය.

පොතක් යනු මහා ධනස්කන්ධයකි.එමෙන්ම පොතක කතුවරයෙකු යනු පුර්ණ විඥ්ඥානයෙන් හෙබි අයෙකු යැයි පොදු මතයයි.

ඒ අර්ධ විඥ්ඥානය සහිත  පාඨකයා ගේ විඥ්ඥානය අවදි කිරිමේ මහඟු කාර්‍ය්ය ඔවුන් සතු බැවිනි.

නමුත් දැන් දැන් පොතක් එළි දක්වන්නේ පාඨක  විඥ්ඥානය අවදි කිරිමටද නැතිනම් " මමත් පොතක් කළා "යැයි සමාජයට හුවා දැක්වීමටදැයි සමහර පොත් කියවීමේදීි අපට හැඟේ

 සාමාන්‍යයෙන් එවැනි පොත් නොකියවූවද කෙසේ හෝ මාගෙ පොත් එකතුවට එවැනි පොතක් එකතු වී ඇත.

ඒ බැමිණිතියා කාලයයි.

මෙය නවකතාවක්ද?නවකතාවක් නම් එහි නවකතාවකට අවැසි දැ අඩංගු විය යුතුය.භාෂාවද ඉන් ප්‍රධාන වේ.

විශේෂයෙන් ඉතිහාස කතාවක්,  නවකතාවකට ප්‍රස්තුතය වු කල කතුවරයා ඒ පිළිබද මනා හැදෑරීමකින් හා  මනා දැනුමකින් යුතු විය යුතුය.

 ඒ වසර ගණනක  දුර්භික්ෂ කාලය ලක් ඉතිහාසයේ සත්‍ය සිදුවිමකි.එය වංශකතාවල සඳහන් නිසා ජන මනස තුල මෙවන් කතාවක් කියවිමේදී නිසඟයෙන් පාඨකයා ඒ කාල වකවානුවට දිව යාම වලකා ලිය නොහැක.

නමුදු මෙහි භාෂා ශෛලිය කිසිසේත්ම අනුරපුර යුගයට තියා නූතන ඉතිහාසයටවත් නොගැලපෙන බව එය  කියවන විට කාහටත් වැටහේ.

වසභ සංග්‍රාමය වැනි පොත් සදහා සත්‍යය සිදුවිම් ප්‍රස්තූතයක් නොවුවද කියවන්නා මනසින් ඓතිහාසික රාජ්‍යය යුගයක් කරා ඇද  ගෙන යාම වලකා ලිය නොහැක.

එවන් පොත් කියවීමේදි ලේඛකයාගේ දැනුම, පර්යේෂණාත්මක භාවය මෙන්ම භාෂා හැසිරවිම මත එවන් කතා ඉතා ඉහල මට්ටමක ඇතිබව කිවයුතු නොවේ.

නමුදු මෙම බැමිනිතියාකාලය නවකතාව ලිවීමේදී  කිසිදු පර්යේෂණ මට්ටමක්  තබා වසර 12 ක ලක් ඉතිහාසය තුල ඇති වු දුර්භික්ෂය ගැන මනා දැනුමක් අඩංගු , ලක් ඉතිහාසයේ ඉපැරණිතම ලේඛනය වන මහාවංශය වත් කියවා නැති   බව මට හැඟුන හැඟීම වේ.

 මෙය කාගෙන් හෝ අසා දැනගෙන, කිසිදු ඓතිහාසික භාෂා දැනුමක් තබා එකල ඇඳුම් පැළඳුම් ගැනවත් නොදැන කුඩා දරුවන් රැවටීමට ලියු සුරංගනා කතාවක්  වැන්න.

පොතේ පිටු පවා ලාභම , කල් තබාගත නොහැකි කඩදාසි  යොදා සකසා ඇති අතර පිටු 100 ටත් වඩා පිටු අඩු, පොතේ මිලනම් රු 300 ටත් ඉහල අගයක් ගෙන ඇත.

ලාභය මුලික කරගනිමින් පාඨක විඥ්ඥානය අවදි කරනවා වෙනුවට එය මොට කරන , පාඨක පසුම්බිය හූරා කෑමට සමත් , කිසිදු හරයක් නැති ,කිසිදු වටිනාකමකින් තොර බාල ගණයේ පොතකි ,බැමිනිතියා කාලය.

ජය
අරවින්ද රත්මල්ගම

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත