මිනිසත්කමේ මිනුම් දන්ඩ කොරොනා.

මිනිසත්කමේ මිනුම් දණ්ඩ,
කොරෝනා (covid-19) ?

ඉතාලිය අති අවධානම් තත්වයකට පත්ව ඇති බව අද වන විට නොරහසකි.එය කොතරම් දරුණු වූයේ ද යත් වයස 80 ඉක්මවු අය හට රොහල් තුල ප්‍රතිකාර පවා නොකරන තැනට පත්ව ඇති බව නොයෙක් මාධ්‍ය හරහා හෙළි වුණි.
(මෙය ප්‍රචාරය වුවද එහි සත්‍ය අසත්‍යතාවයට වගකිව නොහැක. මන්ද දෑසින් නොදුටු නිසාවෙන් ය.)

සත්‍ය අසත්‍යය කුමක් වුවද එයින් ගම්‍යවන්නෙ ඉතාලිය චීනයටත් වඩා දරුණු තත්වයකට පත්ව ඇති බවකි.ලොම්බර්දියා පළාතේ පමණක් වුවද අද මුළු රට ම භීතියෙනි.ලාසියො (රෝමය පිහිටි පළාත) හි ජනගහණය ඉතාලියේ ඉහළ ම ජනගහණක් වෙසෙනා පළාත යි.

මේ වන විට රෝමය තුල මෙම රෝගය අරක්ගෙන ඇත.කිසිවක් කිසිවෙකුටත් කළ නොහැක. මිනිසුන් නිවාස අඩස්සියේ ය.
 
මේ වේලාව මෙහි වෙසෙන සියල්ලන් හිත ශක්තිමත් කරගනිමින් නොබියව මෙයට මුහුණ දීම හැර වෙන කිසිවක් නොමැත.

ඉහත වයස 80 රෝගින් ගැන පලවු ප්‍රවෘතිය නිසා මෙරට සේවය කරන විදෙස්ගත පිරිස් හිත චකිතයකට පත්ව ඇති බව කිව යුතු නොවේ.

මන්ද මෙවන් විටෙක රටේ සම්පත් තම රටේ උන් රැකුමට යන මතය මිනිසුන් පිළිගන්නා බැවිනි.(එය සත්‍ය ද විය නොහැක. රෝගය වැළඳුන ලාංකික කාන්තාව සුව වී ගොස් ඇත්තෙ මෙහි වෛද්‍යවරුන් ඇතුළු පිරිස සැලකු නිසාවෙනි.රට,ජාතිය ඔවුන් බැලුවේ නැත.)

කෙසේ වෙතත් කළ හැක්කේ හිත ශක්තිමත් කර ගැනීම පමණකි. අද ඉතාලියේ නිවෙස්වල සියල්ලන් අසල නිවස්වල අයගේ හිත ශක්තිමත් කිරීමට එකම වෙලාවට තම බැල්කනියට පැමිණ අත්පුඩි ගසති. ගී ගයති දෙවියන්ට යාඥා කරති. ඒ ඔවුන්ට කළ  හැකි දේය.

පෙර දින එකම වේලාවේ සියල්ලෝ හඬ නගා ජාතික ගීය ගයමින් රටට සුභපැතුම් එක්කළහ.

එබැවින් ඉතාලිය තුල ඔබ නෑයා, සහෝදරයා, හිතවතා සේවය කරනනේනම් ඔවුන් බිය කරවීම නොව හිත ශක්තිමත් කරවීමට කතා කරන්න. එය ඔවුන් හට ශක්තියක් වේවි.මන්ද බිය වීම ම රෝගය ශරීරගත වීමට එක් සාධකයක් විය හැකි නිසා.

ඉතාලියේ සිට ලංකාවට පැමිණියෝ බොහෝ ය. එවන් සමහරක් තුල මෙම රෝග ලක්ෂණ තිබීම තුල ම අප නොදැන මෙම රෝගය ශරීර ගත වුවන් කොපමණ සිටිය හැකි ද?

අද ඉතාලියේ ලාංකිකයින් දැඩි අවධානමක සිටින බව කිව යුතු නොවේ.පෙරදින පමණක් මරණ 349 කි.රෝගය වැළදීමේ ප්‍රතිශතය ඉතා ඉහළ ය.

එබැවින් මේ මොහොතේ ඉතාලියේ වෙසෙන අපේ උන් හට හයියක් වෙන්න.ඉතාලියේ සිට පැමිණියන් උපන් රට ට මේ ව්‍යවසනය සිදු කළ බව සැබෑව.අප එය දැඩි පිළිකුලෙන් හෙළා දකින්නෙමු.

නමුදු එයට සියළු ඉතාලියේ සේවය කරන ලාංකිකයින් පලි ද නැත.

රටේ ව්‍යවසනයක දී බොහෝ ආධාර කළ උන් ඉන්නා රටකි මෙය.ප්‍රංශය ගැන කතා නොකරමි. මන්ද ප්‍රංශට විරුද්ධ මත මා බුකියේ නොදුටු බැවිනි.

තම සුඛ විහරණයට වෙන රටක සේවය කළ ද අද ලක් රජය විදෙස් විනිමය මත රැකෙනා බව අප දනිමු.එසේ රටේ දළ ජාතික ආදායමට දැඩි ශක්තියක් ගෙන දෙන අපේ ම උන්ගෙ හිත් ශක්තිමත් කරමු.

එසේ රට ට ශක්තියක් වන උන්ගේ ඡන්ද අයිතිය ලබාදීම ගැන වචනයකුදු නොදොඩන උන් කීපදෙනෙකුගේ වරදට සියළු විදෙස්ගත උන්ට ගැරහීම සාධාරණ නොවේ.

මුල් අවස්ථාවේ විවේචනය සාධාරණය. මන්ද ඒ වේදනාව මත හෙලාදැකීම කළ යුතුය.මා ද එසේ හෙළා දැක ඇත.අද ද මෙම රට අත හැරදා යන උන් මා විවේචනය කරමි. හෙළා දකිමි.නමුදු මලත් මෙහි ම ඉන්න උන් ගැන දැඩි ආදරයක් නූපදී ද?

මරණය දැක දැකත් රෝගය වැළඳීමේ සම්භාවිතාව ඉතා ඉහළ වුවත් තම රටේ උන්ට, ගමේ උන්ට රෝගය වැළදෙතැයි සිතමින් මාරය දැක දැක දිවි ගෙවන උන් හට ශක්තියක් විය නොහැකි ඔබේ මිනිසත්කම ප්‍රශ්නකාරි නොවේ ද?

මෙම රටේ උන් බැල්කනිවල සිට අනෙකාට ශක්තියක් වීමට ගී ගයමින්, අත්පුඩි ගසමින්, සංගීත වාදනය කරමින්, ජාතික ගීය ගයමින් සහයෝගීව හැසිරේ.

මහ ලොකු තේරවාදය ඇති රටක, උදේ හවා පිරිත් බණ අහන රටක එවන් රටේ පුජකයන් ම නිරෝධායන ආයතනයට අකුල් හෙලීම,කිහිපදෙනෙක් කළ වරදට සියලු විදෙස්ගත උන් හෙලා දැකීම ලාංකික වූ අපගේ මිනසත්කම ද?

ඇත්තට ම අප තිරිසනෙකුගෙන් (සිංහභාහුගෙන්) පැවත එන්නේදැයි මට දැන් දන් සිතේ.මන්ද තිරිසන් ගති හැර මනුසත් ගති ඇති උන්ට මෙසේ හැසිරිය හැකි ද?

ඒ අතර දෑසින් නොදැක "කොහොමද  මචං පරිස්සම් ද ?" කියා අසනා උන් බොහෝ බව මා මිතුරන් පවසන අතර උන් හට ගෞරවය ද මෙසේ පුද කරමි.

ඔබත් මෙවන් තැන සිටියානම් මරබිය දැනුනානම් යන තැන සිට මෙම ප්‍රශ්නය දෙස බලන මෙන් දන්වා සිටිමි.

ජය!
අරවින්ද රත්මල්ගම.

Comments

  1. ඔය මරු කටින් ගැලවිලා එන්න පුපුළුවන්කම තිබිය දීත්
    තමන්ගේ උන් ගැන කැක්කුමෙන්, උපන් රටට ආදරෙන් ....අවදානමේ රැදුණු ඔයා වගේම වෙච්ච ඔහෙ ඉන්න අපේ උන්ගේ හිතට හයිය ශක්තිය ප්‍රාර්ථනා කරනවා....!
    Andra tutto benne'

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත