ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ

ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ.... ලොව වැඩිම පොත් සංඛ්‍යාවක් ,එක් පුද්ගලයෙකුට ලියවී ඇත්නම්, ඒ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ට වේ. ලෝකයේ ගමන් මග වෙනස් වු සංධිස්ථාන අතර දෙවන මහා ලෝක සංග්‍රාමය මූලිකත්වයක් ගනු ලැබුවා මෙන්ම දෙවන ලෝක මහා සංග්‍රාමය හා බැඳුණු විවිධ සුවිශේෂි කතා මෙන්ම චරිත කතා ද බොහෝ වේ.ඒවාට ඇති ඉල්ලුම ද ඉතා ඉහළ ය. නමුදු චරිත කතා අතරින් හිට්ලර්ගේ චරිතය වඩා ප්‍රසිද්ධ මෙන්ම එක් පුද්ගලයෙකුට ලොව ලියවුණු වැඩි ම පොත් සංඛ්‍යාව ද හිට්ලර් වටා ගෙතී ඇත. ඔහුට ළං කළ හැකි සුප්‍රසිද්ධ චරිතයක් ඇත්නම් ඒ ඈන් ෆ්‍රෑන්ක් යයි කීම වරදක් නොවේ.ඒ ඇගේ දිනපොත ලොව පුරා භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය වී විශාල පාඨක පිරිසක් වැලඳ ගැනීම හේතුවෙනි. ඇයට ලැබුණ පිළිගැනීමේ උච්චත ම අවස්ථාවක් පසුගිය වසරේ අපට දැකගත හැකි වූයේ ලෝක පාපන්දු තරගාවලියේ දී ඈන් හට තම ආචාරය පුද කරමින් ඉතාලි පාපන්දු කණ්ඩායම ඇය වසරේ චරිතය කිරීමත් එය අනුගමනය කරමින් මුලු පාපන්දු තරගාවලිය ම ඇය හා බැඳී තිබීමත් ය. ඈන් එසේ ප්‍රසිද්ධ වුව ද ඇය එතැනට ඔසවා තැබුවේ කවුරුන් ද? ඒ ගැන ලොවට එතරම් වැදගත් නොවුවක් ලෙස පෙනුන ද ඇත්තටම අප වැදගත් ලෙස සැලක...