දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා.

දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා ලංකාවේ ස්වතන්ත්‍රකරුවන්ගෙන් මා මනාප ස්වතන්ත්‍රකරුවන් ජීවත්ව සිටින්නේ එක් අතක ඇඟිලි ප්‍රමාණය තරමට යැයි පැවසීමට මා පැකිලෙන්නේ නැත. ඒ කිහිප දෙනා අතර මංජුල වෙඩිවර්ධනයාණෝ සිටින බව කිව යුතු ම ය. එයට හේතු බොහෝ තිබුණ ද ඒ සෘජු, නොබිය ලිවීම ප්‍රධාන කාරණා වන අතර අන්තර්ගතය කෙසේ වෙතත් ඒ කාව්‍යමය කතාකරණය ද මා සිත් ඇද බැඳ තබා ඇත. කවියන් කිහිපදෙනෙකු කතාකරණයට පය තබා ඇති අතර ඒ කිසිවෙකුට තම කාව්‍යත්වය සඟවා ගත නොහැකි විද ? නැතිනම් හිතාමතා තම කාව්‍ය වචන හසුරවමින් කතාවට ඔබ්බවුවේ ද ? කෙසේ වෙතත් වෙඩිවර්ධන නම් කවියා ඔහුගේ කිසිම ලේඛනයකින් සැඟවීමට ඔහු උත්සහ නොදැරීම ම ප්‍රස්තුතය කිම වුව පාඨක අප එහි ඇද බැඳ තැබීමට සමත්ව ඇත. වෙඩිවර්ධනයාණන්ගේ සියලු පොත් කියවූවෙකුනම් ඔහුගේ පොත් තුළ කිදා බැසීමේ දී ඒ අකුරු වචන භාෂා ශෛලය තුළ අප අතර මං කරනු ඇති. එනිසා ම ඔහුගේ පොතේ ම වචන සොරා ගෙන මෙම සටහනට මා ද ඔබ්බවමි. ඔහුගේ සියලු පොත් හරහා ලිංගිකත්වය, මිනිසාට කෑම බීම තරමට සමීප අත්‍යවශ්‍යතාවක් ලෙස පෙන්නුම්...