දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා.


දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා

 ලංකාවේ ස්වතන්ත්‍රකරුවන්ගෙන් මා මනාප ස්වතන්ත්‍රකරුවන් ජීවත්ව සිටින්නේ එක් අතක ඇඟිලි ප්‍රමාණය තරමට යැයි පැවසීමට මා පැකිලෙන්නේ නැත.


      ඒ කිහිප දෙනා අතර මංජුල වෙඩිවර්ධනයාණෝ සිටින බව කිව යුතු ම ය. එයට හේතු බොහෝ තිබුණ ද ඒ සෘජු, නොබිය ලිවීම ප්‍රධාන කාරණා වන අතර අන්තර්ගතය කෙසේ වෙතත් ඒ කාව්‍යමය කතාකරණය ද මා සිත් ඇද බැඳ තබා ඇත.


      කවියන් කිහිපදෙනෙකු කතාකරණයට පය තබා ඇති අතර ඒ කිසිවෙකුට තම කාව්‍යත්වය සඟවා ගත නොහැකි විද ? නැතිනම් හිතාමතා තම කාව්‍ය වචන හසුරවමින් කතාවට ඔබ්බවුවේ ද ? කෙසේ වෙතත් වෙඩිවර්ධන නම් කවියා ඔහුගේ කිසිම ලේඛනයකින් සැඟවීමට ඔහු උත්සහ නොදැරීම ම ප්‍රස්තුතය කිම වුව පාඨක අප එහි ඇද බැඳ තැබීමට සමත්ව ඇත.


      වෙඩිවර්ධනයාණන්ගේ සියලු පොත් කියවූවෙකුනම් ඔහුගේ පොත් තුළ කිදා බැසීමේ දී ඒ අකුරු වචන භාෂා ශෛලය තුළ අප අතර මං කරනු ඇති. එනිසා ම ඔහුගේ පොතේ ම වචන සොරා ගෙන මෙම සටහනට මා ද ඔබ්බවමි.


       ඔහුගේ සියලු පොත් හරහා ලිංගිකත්වය, මිනිසාට කෑම බීම තරමට සමීප අත්‍යවශ්‍යතාවක් ලෙස පෙන්නුම් කිරීම සුවිශේෂී වන අතර මේ කෙටි කතා පොත තුළ ද එසේමැයි.


       "පාන්දර වනතුරු ම අද රෑ" කතාව තුළ ද එසේ ලිංගිකත්වය ඔප්නංවා ඇතත් තම මව හා සමාන වැන්දඹුවක හා හැමිනෙන කතානායකයා, මව පවා දඹරයානො හා සම්බන්ධ වීම විවෘත මනසින් දකී.


      ගිරා පෝතකයන් කතාව තුළට ඔබ්බවා ආගම යන කාරණාව තුළින් හෝ ලිංගිකත්වයට වැට බැදිය නොහැකි බව පෙන්වන කතුවරයා ම,

කෙතරම් රාමුවෙන් පිට පනින, සමාජ සම්මතය මායිම් නොකරන අයෙකු වුව සමාජ අපවාදයට නැතිනම් සමාජ සම්මතයට හිස නැමීම නැතිනම් සමාජයට බිය බවක් පෙන්නුම් කිරීමට දෙන ඉඟියක් ලෙස ද දඹරයානො රාත්‍රියේ නැවති  සිටියාදැයි ෆිලමිනා ඇසූ කල "නෑ සෙනසුරාදා රෑ ම ගිහින්" යැයි දැන දැන බොරුවක් පවසන්නේ.


       ආදම්ගෙ හමුවීම හරහා පාඨකයාට මලක් දී අභව්‍යාවකාශ ගත කරන කතුවරයා ද මලක සුවය ලබා අභ්‍යවකාශ ගතව සමනල් පියාපත් තුළ සුගතියට පියනඟා කතාව ලියා ඇත්දැයි අභවකාශ ගත වූවෙකුට සිතුණේනම් එහි අරුමයක් ද නැත.


       වචනවලට කිසිදු ලෙසක සීමා මායිම් නොදමමින් සමාජ වහර නොකැපිලව එසේම යොදා ගනිමින් පොත ඉදිරියට යන අතර සභ්‍ය වචන සොයා පාඨක මනසට අනවශ්‍ය වෙහෙසක් බරක් වෙහෙසක් නොදීම ඉදිරියට ගලා යාමට සලස්වා ඇත.


      මම ය මගේ ය කියලා අමුතුවෙන් ගන්න දෙයක් නැත යන බෞද්ධ දර්ශනයේ දැවැන්ත දර්ශනය සූප්පුවක්,ගූ කැලයක් මුහුකොට ඉදිරිපත් කිරීමට තරම් වෙඩ්ඩා නිර්භීතය. එයයි වෙඩ්ඩාගේ සුවිශේෂී බව.


      මාධ්‍යයකින් වසවිෂ සමාජගත කිරීම මා පුද්ගලිකව ප්‍රතික්ෂේප කරනා කාරණයකි. නමුදු වෙඩිඩාගේ "බත්තලං ගුණ්ඩව" කියවන විට විදෙස් රටක සිට පලතුරු වඩියක රස බැලිය නොහැකි නිසාත්, වේරහැර වෙල්මාළු අවුළුපතක රස බැලිය නොහැකි නිසාත්, අයිස්කැට පිරවු වීදුරුවට බ්ලැක් ලේබල් ෂොට් එක පිරෙන්නට අයිස් දමා සැන්ඩියට අයිස් වතුර ම දමා ගෙන, මොරටු වැල්ලේ අවන් හල මතකයට ගෙන හරක්මස් අවුළුපතට ටූත් පික් එක ඇන කටට දමා බත්තලං ගුණ්ඩුව කියවන්නට නොසිතෙන විශ්මකරුමයා කවුරුන් ද...?


        මහා කාමේෂ්වරී ශ්‍රීමත් මදන මෝදකයයක් ගිල බඩ පැලෙන්න බත් කන්දක් ගිල ඒ අහඹු අතීත හැන්දෑවේ විපුලවීය ප්‍රේමයක කිමිදෙන්නට සිතෙනා මට ම...,


        ඇට ඉවතලු සූස්තියෙන් අභ්‍යාවකාශ ගත වී කක්කාරාමයේ බෝපත් සිසිල නැතත් යුරෝපයේ හිම මිදෙන ශීතලේ ෆැන්ටසි අදහස් මත අයිඩියා බුබුලු දමමින් ලාංකේය විප්ලවවාදීන් ද විප්ලවය ගැන ද සිහින මැවීමට සිත බල කරන්නේමැයි.


      විටෙක කතුවරයා ද සූස්තියකින් අභ්‍යාවකාශ ගත ව රට බූන්දි කිලෝවක් පමණ ගිල තොල් ඇලෙන ප්ලෙන්ටියක රස විඳිමින් පොත ලියා ඇත්දෝයි යමෙකුට සිතෙනවානම් එහි අරුමයක් නොවන්නේ ම "ආදම් හමුවීම " කියවමින් සමනල් පියාපත් තුළ මනසින් සැරිසරද්දී ය.


     ඩෙනිමට ලැදි, චීත්ත පිරිමි හේතුකොට සංවිධානයක් නොව විටෙක සමාජ ස්ථරය ම දෙදරා යන හැටි සියුම් ව කියාපාමින් ද, නොබොන කම්කරුවා කුහකයෙක් බව උලුපා පෙන්වීම තුළ ද මහා සමාජ කාරණාවක් කියා නොපායි ද...?


    රැවුල, කොණ්ඩය වවන උන් දුෂ්ටයන්, රස්තියාදුකාරයන් යැයි ගරහන සමාජයට සමේ පවුඩර් උලපු බෝටියා වගේ ඉන්නා අන්ජාම් හි සාරුකයා හරහා දෙන පණිවිඩය මනරම් ය.


     විජිතාරාමේ දහම් පාසලෙන් දහම් ගැට ඉගෙනගත් අපට කුරුකුරුසුරියගේ

අංගුලිමාලෙත් කරකවතැකි මීටරේ නැතුව.


     එහෙම එකේ අනුන්ගේ ගෑනියෙක් සතියෙන් උස්සන එක කජ්ජක් ද...? බුද්ධදාසයගෙ ඇන්ජියව සතියෙන් උස්සලා, හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් තියන් ධර්මයේ ගමන් ගන්නා සමාජයට පේන්න සිල්රකින ගෑනු, මිනිහ නමට තියන් පිට උන් එක්ක හැමිනෙනා සමාජ සත්‍යය මෙසේ මින් පෙර කිසිදු කතුවරයෙකු කියා පානු මා දැක නැත.


        ප්‍රසිද්ධියේ ලිංගිකත්වය පිළිකුල් ලෙස පෙන්වන උන් රහසේ ලිංගිකත්වයට හිකි හිකි ගා සිනාසෙන හැටි, බුනිල පෙති සුළඟේ හරිමින් සමාජ ගත කරන කතුවරයා, ලුංජිගෙ ජංගිය හරහා සභ්‍යවත්වයේ පුහු වෙස් මුහුණු සට සට ගා ගලවා දමන්නේ ම රෙන පුකට මොන කොලිටි ද බං කියන්නා සේ ය.


      ගැහැනියක් හා පිරිමියෙකුගේ සම්බන්ධයේ දී බොහෝ විට ගැහුනුන්ට වඩා ඩෙනිමට රිසි චීත්ත පිරිමි, ඕපාදූප මඩ ප්‍රචාර පැතරවීම, සම්බන්ධ කඩා ඉහිරීම නැත්නම් අපටත් ඇන ගන්න බැරි ද යන සිතිවිලි ක්‍රියාදාමය ද තමාගේ මිතුරියට පිට එකෙක් ඇන්න කල දැනෙන කුහක ඊරිසියාව මනාව පහදන්නේ ය.


       ඇතිවෙන්න හැමිනුන එකාට ඇරියස් නෑ. උන් සමාජයට වෛරකරන් නෑ. පිරිමින්ට ඊර්ෂ්‍යා කර කර සර්පයෙක් වගේ දෂ්ඨ කර කර ගෑනුන්ට සෙවල පෙර පෙර දහදුක් විඳින්න දෙයක් නෑ මචං...


      ළඟ ම ගෑනිට ඇනගන්න බැරුව මිතුරියකට  හෝ තමා හැර පිට එකෙක් ඇන්න කල, ඒ වේදනාවට ගහටත් නෑ බඩටත් නෑ තියරියෙන් ලිංගික ඊරිසියාව පෙරදැඩි කොට ඇනපු එකා හට මඩ ගහමින් ළඟ ම ගෑනිට මිත්‍ර ලීලාවෙන් සෝපාකට පිහිට වූ බුදුන් ලෙස රඟන පිරිමිත්, එහෙම රඟන උන් වටේ යවන ගැහැනුත් ඉන්නා සමාජයට වෙඩ්ඩා වෙඩිමෙන් දෙන සමාජ පණිවිඩය ම මදි ද...?


ඒක් පූල් දෝ මාලි යැයි සිතු චුලා ඩුලා මෙන් වටේ බඩු ගහන කට හැකර බොහෝ පිරිමින් නොදන්නේ තමා ගැසු බඩු ගැන සමාජයේ කියවමින් වැඩ්ඩන් ලෙස සිතා ළඟ ම ගෑනිට ද අවුරුදු ගාණක් හිතින් සිකුව ද ළඟ සිටි වසුන්දරාලා හම්දිල් දේ චුකේ සනම් කියා පිටින් පැමිණි උන්ට රෙද්ද උස්සා හිතේ හැටියට සුකාගෙන චුලාව ඩුලාව මෙන් ළඟ ම උන් කඩේ යවන සැටි බලා, යටි සිතින් හිනැහෙන ඩයිසලා සමාජයේ කොපමණ ද?


      වෙඩ්ඩාගේ වෙඩිමෙන් නොබිය ලිවීම මා කවදත් අගයමි. පිට පැනීම කලාවක්නම් ඩයිසාමෙන් කොටු පැනීමේ කෙල පැමිණියෙකු ලෙස වෙඩ්ඩා සාහිත්‍යයේ එතෙක් මෙතෙක් නොවි විරූ ලෙස විවේචන තඹේකට ගණන් නොගෙන පිට පනිමින් ඇත.


      මත්ද්‍රව්‍ය සමාජගත කිරීම වැනි චෝදනා යමෙකුට පෙන්වා දිය හැක. මා ද ඒ විවේචනයේ නම් සිටිමි. නමුදු කලාවට, කලාකරුවෙකුට, ලියන්නෙකුට විටෙක වැට බැඳිය හැකි ද යන ගැටළුව ද මතු නොවෙනවා නොවේ.


     කුමන ප්‍රශ්න පැන නැඟුණ ද  එවන් මත සමාජගත කිරීම ගැනනම් මා එකඟ නොවන බව ද සටහන් කරමි.


       නමුදු තවමත් තාරුණ්‍යයේ සිටිමින් සාහිත්‍යය නම් ලලනාව හා රමණීය සෙල්ලම් එකසිය විසිගණන ම දමා හිතේ හැටියට සිකු දසබලධාරි වෙඩ්ඩාට විවේචනනම් මොනවාද...?


      ඒ ලිවීමට නම් කළ හැක්කෙක් සමකළ හැක්කෙක් සිටී ද...?


     නවකතා නොකියවන තරම් වන මා වෙඩ්ඩාගේ පොත් කියවන බව දන්නා ලේඛනයේ තුම්මුල්ල පැන නමක් දිනු ලේඛිකාවක් දිනක්,


     "මල්ලී... වෙඩ්ඩාගෙ දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානෙ තවත් කතා උඹ කියෙව්ව ද...?"


මගෙන් ඇසුවේ ය. 


     "නෑ... ඇයි...?"


      "යකෝ මෙච්චර කියවන ලියන මට උගේ ඒ පොත කියෙව්ව ම පොල්ලෙන් ගැහුවා වගේ යකෝ.. තාම කැරකෙනවා..."


       2019 වර්ෂයේ ලංකාවට අවසන පැමිණි කල, මා මෙම පොත ගත්තේ ඇය නිසා ය. නමුදු කියවන්නට ඉඩක් ලැබුණේ දැන් ය.


     පොත ඇයට පොල්ලෙන් ගසා ය....

මා, බෝපත් සෙවණේ අභ්‍යවකාශ ගතව, තොල් ඇලෙන ප්ලෙන්ටියකින් තව තවත් අභ්‍යකාශයේ ම සැරිසරමින් ය....හහ්හහ්හ්...හා....


ජය!


අරවින්ද රත්මල්ගම_____✍️

23/02/21

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත