කොරොනා නාමයෙන් අප උගත යුතු පාඩම්.

‍ශ්‍රී ලංකාව යනු කෙතරම් පුරසාරම් දෙඩූවද ශ්‍රමිකයන් විකුණා ඇදගෙන යන රටක් බව අප දනිමු.

තේ,රබර්,පොල් ගැන එදා උජාරුවෙන් හඬ නැගූ අප අද ඒ සැම පරයා විදෙස් ශ්‍රමිකයා දෙස බලා සිටිමු.

එසේ වූවද තවමත් විදෙස් ශ්‍රමිකයාට ඡන්ද බලය තබා නිසි ආරක්ෂන ප්‍රතිපත්තියක් හෝ නොමැති රටකි අප.

තත්වය එසේ තිබියදී ලෝ වටා කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යමින් පවතී.ශ්‍රි ලංකාවට වැඩිම විදේශ විනිමය අඩුම ශ්‍රමික පිරිසකගෙන් ලැබෙන කලාපයකි යුරෝපය.ඉනුත් ඉතාලිය සහ ප්‍රංශය ඉහලින් ඇත.

තත්වය මෙසේ තිබියදී ඒ රටවල කොරෝනා තර්ජනයෙන් එ'රටවල ලාංකේය ජනයා මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන ඔවුන්ගේ නෑ හිත මිත්‍රාදීන්ද දැඩි බියකින් පසු වේ.

අද දින ජපානයේ වෙසෙන මා මිතුරියක්ද පවසා සිටියේ ඔවුන් හට මුඛ ආවරන පවා නොමැති බවයි.ඇයද දැඩි බියකින් පසු වනුයේ ඔවුන්ද අවධානම් කලාපයක සිටින බැවිනි.

මෙසේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයා භීතියෙන් පෙලෙනුයේ මන්ද? ලාංකීය තානාපති කාර්‍යාල මඟින් හෝ නිසි දැනුවත් කිරීමක් සිදු නොවන බැවින් නොවේද?

මේ බිය විටෙක අනිසි බියකි.බියවන තරමට තර්ජනයක්ද නොමැත.නමුදු මිනිසා සහජයෙන් ඇති මරණ බිය අපට වලකාලිය හැකිද?

අද වන විට ඉතාලියේ මුඛ වරන දෑත් පිරිසිදු කාරක ඉතා සීග්‍ර මිළ ඉහල යාමකට ලක්ව ඇත.

එමෙන්ම ඒවා සොගාගත නොහැකි තත්වයකට පත්ව ඇත.අඩුම තරමින් අවධානමක් නැතත් එවැනි පළාත් වල ලාංකිකයන්ට මුඛ ආවරන ලඟ තබාගන්නැයි යන පනිවිඩය ලබා දිය නොහැකිද?

තම සිහින සැබෑ කර ගැනීමට නොරටකට ගියද අපාදුක් විඳින ලාංකිකයාගෙන් රට එල්ලී සිටිනවා නම් ඔවුන් ගැන වගකීමක්, ඔවුන් වෙනුවෙන් සේවය කරන තානාපති කාර්‍යාල වලට නොමැතිද?

අඩුම තරමින් තානාපති කාර්‍යාලයන් හට සහන මිලකට නොමැති නම් පවතින මිලකට හෝ මුඛ ආවරන ලබා දිය නොහැකි මන්ද?

අද ජපානයෙ සිට මා ඇමති මා ප්‍රිය මිතුරියගේ බිය මා දනිමි.මන්ද මාද මේ දිනවල ප්‍රංශයේ නොව ඉතාලියේ ජිවත් වන බැවිනි.

ප්‍රංශයටද ඇතැම්විට මෙම රෝග බිය පැතිරිය හැක.නමුදු මෙරට රජයන් නිසියාකාර රෝග පාලන ක්‍රියාවලියක නියැලී ඇති නිසා තත්වය ඉතා ඉක්මනින් පහව යනු ඇතැයි අප බලා පොරොත්තු වෙමු.

නමුදු ලාංකීය රජය,ලාංකීය පුරවැසියා වෙනුවෙන් සේවය සැපයීමට ඇති තානාපති කාර්‍යාල සහ තානාපති වරුන්ට රටේ බදු මුදලින් වැටුප් ලබා දෙනුයේ මෙවන් අවස්ථාවන්හී ශිත කාමර වල තම පුටු රත් කිරීමට නොව ජනතාවට සේවය කිරිමට බැව් ඔවුන් වටහා ගත යුතුය.

නැතිනම් රටේ කාර්‍යාල වලට කඩා පැනීමට කල් වේලා ඇතිව ජනපති හෝ මොවුන්ට උපදෙස් දීම සඳහා තම වේලාව වෙන්කර ගත යුතුය.

ජය.
අරවින්ද රත්මල්ගම.

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත