කොරොනා නාමයෙන් ආසියාතිකයාට කණේ පහරක් දී ආථිකය රකින ඉතාලිය.

කොරොනා නාමයෙන් ආසියාතිකයාට කණේ පහරක් දී ආර්ථිකය රකින ඉතාලිය.
_______________________________

කොරොනා ලොව දැනට කතා බහට ලක්වන රෝගය යි. එය චීනයට පසු වැඩි ම අවධානමට ඉතාලිය පත්ව තිබීම හේතුවෙන් යුරෝපා සංගමය ද හෙල්ලුම් කා ඇත.

නමුදු කොරොනා වෛරසය දඩමීමා කරගනිමින් දැනට සිදුවන දෑ යහපත් යැයි පැවසිය නොහැක.

අද වන විට ඉතාලියේ රතු ප්‍රදේශ ලෙස නම් කොට ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශ තුල දැඩි අවධානමක් නැත.

රෝග නිරෝධනය දඩමීමා කරමින් කිසිදු අවධානමක් නොමැති රෝමයේ පවා අසියාතික කඩවල ඇති ආසියාතික ආහාර ඉවත ලෑමට රජය ගෙන ඇති පියවර සත්‍ය ලෙස ම රෝග නිරෝධනය ම ද?

මාගෙ මතය කඩා වැටෙමින් පැවති ඉතාලි ආර්ථිකය මෙමඟින් ගොඩනංවා ගැනීමට දරණ උත්සහයක් යන්නයි.

මෙම අර්බුදය දින 15 කින් නිමා වන බවට ගණන් බලා ඇතත් උපරිම එය මසක් පවතිනු ඇත.

නමුදු මසකින් පසු ඉතාලියේ, ඉතාලි නිෂ්පාදන පමණක් අලෙවි වනු ඇත් ද?

එමඟින් ඉතාලි ආර්ථිකය ඉහළ නංවනු ඇත් ද?

එක් අතකින් ඔවුන් සර්ව සාධාරණ වේ.

අප රට ගොඩනැංවීමට තිබු ව්‍යවසන දෙකකි.

එකක් සුනාමි විපත ය.
අනෙක තිස් අවුරුදු යුද්ධ‍ය අවසාන කිරීම ය.

අවාසනාවකට අප රටේ කාලකණ්ණි  දේශපාලකයා සුනාමි ආධාර ගසාකමින් ලැබෙන ආධාර නවතා එම ආධාර මතින් ආර්ථිකය ඉහළ නැංවීමට තිබු අවස්ථාව මග හැරිය හැටි අප දනිමු.

යුධ සමයේ සියලු දේශපාලන පක්ෂවල කාලකණ්ණින්ගේ උදෘත පාඨය වූයේ යුද්ධය අවසන ඒ ආයුධවලට කරන වියදම නවතා රට ගොඩනැංවිය හැකි බව යැයි අපට අමතක නොවේ.

නමුදු සිදුවුයේ කුමක් ද?

යුද්ධය අවසන් විය.නමුදු යුධ සමයේ යුද්ධයට මුවා වි කළ අල්ලස් දූෂන වංචා ද පසුව සිදු කළ ගසා කෑම් ද නිසා අප රට තිබු තැනිනුත් පහළට ගිය බව අප දනිමු.

රනිල්ලා මහින්දලා තට්ටු මාරුවට මහ බැංකුව ඇතුළු මහ භාණ්ඩාගාරය ගසා කෑව ද,

දියුණු රටවල එසේ නොවීමට හොඳම උදාහරණය මෙයයි.

මානුෂීය වශයෙන් බලන කළ ආසියාතිකයා දැඩි අසාධාරණයකට ලක්ව ඇත.ආසියාතික ආහාර කුණු කූඩයට විසි කිරීමට ඉතාලි රජය දැනට තීරණය කර ඇත.

ආසියාතිකයාට කණේ පහර ගසා හෝ රෝග නිරෝධනය ඉතා කාර්‍ය්ක්ෂම ව කිරීමත්,ඒ හා සමානව රෝග බිය අවසන තම රටේ ආර්ථිකය ඉහළ නැංවීමට යත්න දැරීමත් බලන කල ඔවුන් පැසසිය යුතු වේ.

ව්‍යවසනයක දී ජනතාවගේ රීරි මාංශ උරා බීමට බලා සිටින අප රටේ මුග්ධ දේශපාලන හාල්පාරුවන්ට පමණක් නොව,

අනාගත මැතිවරණයෙන් පාර්ලිමේන්තු යාමට සැරසි සිටින, හිස් ,නාට්‍යයක හො වෙළද දැන්විමක චිත්‍රපටයක රග පෑ පමණින් ජනතා ප්‍රශ්න විසඳිය හැකි යයි සිතා අං තට්ටු පළදා සිටින අපේක්ෂක ගොං කාලකණ්ණින් ද, තම කතිරය ගැසීමට පෙළ ගැසෙන මරි මෝඩ රෙදි අපුල්ලන වහල් ඡන්ද අපේෂකයාට ද හොඳ පාඩමක් මින් ලබා ගත හැක.

ජය !
අරවින්ද රත්මල්ගම.

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත