කොරොනා(Covid-19)මරණ සංඛ්‍යාව ඉහලට.

කොරොනා (Covid-19) මරණ සංඛ්‍යාව  ඉහළට....
______________________________

ලොව ම භීතියට පත්කරමින් චීනයෙන් ඇරඹි කොරොනා (covid -19) රෝගය වසංගතයක මුහුණුවරින් පැතිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ගැටළුකාරි තත්වයකට මුහුණ පා ඇත.

වෛරසයක් බැවින් නිසි ඖෂධයක් ද නොමැති නිසා රෝග නිරෝධනය හැර කළ හැකි කිසිවක් නොමැති වීම හේතුවෙන් තත්වය තව තවත් ගැටළුකාරි වේ.

චීනයට පසු වැඩි ම මරණ සංඛ්‍යාව එනම් අද වන විට මරණ 14 දක්වා ඉහළ යාම තුල ලොව අවධානය ඉතාලිය දෙසට යොමු වුයේ නිතැතිනි.

මෙය ලාංකීය අප හට වඩා වැදගත්වනුයේ ඉතාලිය තුල ලාංකීය ශ්‍රමිකයන් විශාල පිරිසක් සේවයේ නියුතු බැවිනි.

ඉතාලිය තුල දැනට පවතින තත්වය අනුව ඉතාලි ජාතිකයන් පවා භීතියට පත්ව ඇත.එවන් වතාවරණයක් තුල ලාංකීය ජනතාව මෙන්ම ලංකාවේ වෙසෙන ඔවුන්ගේ නෑ හිතවතුන්ගේ තත්වය ද එසේම වේ.

දැනට ඉතාලියෙ සමහර පළාත් තුල සුළු වශයෙන් ආහාර හිඟතාවයක් පැවතුන ද එය සැලකිය යුතු තත්වයකට බිය යුතු කරුණක් නොවුව ද මුඛ ආවරණ විශබිජ නාශක ද්‍රව්‍ය වැනි දේ මිල ඉහළ යාමක් මෙන්ම දැඩි හිඟයක් ද දැකිය හැක.

නමුදු ඉතාලියෙ වෙසෙන සමහර ලාංකිකයන් පවා මේ පිළිබඳ නිසි දැනුවත් වීමක් නොමැතිකම කනගාටුවට කරුණකි.

ඔබ ඉතාලිය වෙසෙන අයෙක්නම් හෝ ඉතාලිය තුල  තම නෑ හිතවතුන් වේනම් හෝ ඔබ අනිසි බියක් ඇති කරගත යුතු නොවේ.

නමුදු...,

ඔබේ ඥාතියා හිතවතා දැනුවත් කළ යුතු වගකීම ඔබ සතු වන අතර ඉතාලිය තුල වෙසෙන ඔබ ද මේ පිළිබඳව අවදියෙන් සිට තම හිතවතුන් ද දැනුවත් කිරීම වටි.

මේ අවස්තාව තුල ඔබ අනුගමනය කළ යුතු මුලික පියවර කිපයක් වේ.

* අවධානමක් නැතත් තම නිවස තුල යම් සුළු හෝ ආහාර ප්‍රමාණයක් ගබඩා කරගැනීම.

*අවධානමක් නැතත් බෝතල් ජලය ස්වල්ප ලෙස රැස්කරතබා ගැනීම.

*අත්‍යඅවශ්‍යයෙන් ම මුඛ ආවරණ කිපයක් ළඟ තබා ගැනීම.(මෙය අත්‍යඅවශ්‍ය කාරණාවකි.මන්ද අවධානම ඇතුව හෝ නැතුව මේවායේ මිල අධික ලෙස දැනටමත් ඉහළව ඇති නිසා.)

*තානාපතිකාර්‍යාලය දැනට නිකුත් කර ඇති දුරකතන අංක ළඟ තබා ගැනීම.(ඉතාලියෙ තම නෑ හිතවතෙකු ඇත්නම් ලංකාවේ ඔබ ද ඉතාලි තානාපති කාර්‍යාලයෙ දුරකතන අංක ළඟ තබා ගන්න.)

*හදිසි අවස්ථාවක (මෙම රෝගය සම්බන්ධව) ඉතාලි රජය නිකුත් කර ඇති දුරකතන අංක ළඟ තබා ගැනීම.

*තමන් හට යම් අසනීප තත්වයක් ඇති වු වහා ම තම මිතුරෙකු දැනුවත් කිරීම ද අවශ්‍යයෙන් කරන්න.

මෙවැනි දෑ සිදු කරමින් කොරොනා අවධානම ඇති ප්‍රදේශවල ලාංකිකයන් ඉතාලි රජය දී ඇති උපදෙස් පිළිපදිමින් ද ,අවධානම අවම ප්‍රදේශවල වෙසෙන්නන් අනිසි බියකින් තොරව තම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින්, ඉතා ඉක්මණින් තුරන්වනු ඇතැයි බලාපොරොත්තුවන මෙම රෝගයට මුහුණ දිය යුතුය.

දැනට වයස්ගත පුද්ගලයන් මෙන්ම  වෙනත් රෝග ඇති පුද්ගලයන් ලෙස ප්‍රතිශක්තිකරණ අවම මට්ටමේ පවතින පුද්ගලයින් මෙම වෛරසයට ගොදුරුව ඇති බව වාර්තා අනුව පෙනියන නිසා අනිසි බියක් අනවශ්‍ය වුව ද අවධානයෙන් පසු වන ලෙස මෙසේ සටහන් තබමි.

ජය!
අරවින්ද රත්මල්ගම.

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත