කොරොනා(covid-19)පෙනෙන තරමට බියවිය යුතුද?

කොරොනා (Covid - 19)  පෙනෙන තරමට ම බිය විය යුතු ද?
____________________________________________________

මිනිසා කෙතරම් තාක්ෂණිකව දියුණු වුවද පාරසරික යම් යම් කාරණා ජය ගැනීම එතරම් පහසු නොවේ.

ලොව බොහෝ ලෙඩ රෝග සඳහා විවිධ ඖෂධ සොයා ගෙන ඇති නමුදු නව රෝගයක් ඇති වූ වහාම එය පැතිර යන ප්‍රවනතාවය මෙන්ම මිනිසාගේ බිය ද ඉහළ අගයක් ගනි.

එයට හොඳම උදාහරණය අතීතයෙ කොළරා වසංගතය යි.නමුදු  එය අද සාමාන්‍යකරණය වී ඇත.

කොරොනා වෛරසයකි. එයට නිසි ප්‍රතිකරයක් ද නොමැත. නමුදු අප සිතනා තරමට එයට බිය විය යුතු ද?මාගේ අදහස අප එසේ බිය විය යුතු නැත යන්නයි.

මන්ද ඔබට මෙම වගුව දෙස බැලිමේ දී කොරොනාවලට වැඩි මරණ සංඛ්‍යාවක් වෙනත් රෝග හේතුවෙන් සිදුවන බැවිනි.

මෙහි සඳහන්වන්නේ දැනට ලොව මරණ අනුපාතය රෝග අනුව කොතරම් ද යන්නයි. මෙහි අවම අගය බෝ නොවන රෝගයක් වන පිළිකාව ගෙන ඇත.එමෙන්ම මෙයට අනුව ලොව වැඩි ම මරණ සංඛ්‍යාව සිදු වන්නේ ද බෝ නොවන රෝගවලින් බව පැහැදිලි කරුණකි.

කොරොනා හෝ බෝ වන වෙනයම් රෝගයක් හෝ ඒ අසලටවත් පැමිණ නැත.කොරොනා නව වෛරසයක් නිසාත් නිසි ප්‍රතිකාරයක් නොමැති නිසාත් මිනිසා එයට බිය වීම සාමාන්‍ය වේ.

නමුදු අප බුද්ධිමත්ව සලකා බැලු කළ තවමත් එය අප සිතනා තරමට ම බිය විය යුතු නොවේ.මන්ද තාක්ෂණික ඉහළ දියුණුවක් ලබා ඇති ලොව රෝග නිරෝධනය අතිසාර්ථකව සිදු කරමින් පවතන බැවිනි.

මෙම වගුව දෙස බැලිමේ දී කොරොනා වෛරසය නිසා මිය ගිය සංඛ්‍යාවෙන් වැඩි
අගයක් ගෙන ඇත්තේ පිරිමි පාර්ශවය වේ.එයට මා දකින හේතුව ද පිරිමින් බොහෝ විට බාහිර පරිසරයට නිරාවරණය වීම ද විය හැක.

මෙම රෝගය වළකාගත හැකි රෝගයකි.අද වන විට ඉතාලිය,ජපානය,කොරියාව වැනි රටවල මෙම රෝගය පැතිරීම ලංකාවට ද බලපා ඇත.මන්ද ලංකාවේ බොහෝ පිරිසක් එම රටවල සේවය කරනා බැවිනි.

බොරු ප්‍රචාර කෙතරම් ද යත් අද දින ලංකාවේ සහෝදරියක් විමසා සිටියේ "අනේ කොරියාවේ කොරොනා හැදුන අයට වෙඩි තබනවාදැයි" කියා ය.

අප වනචාරි යුගයක ජීවත් නොවෙමු. ලොව එවන් තත්වයකට නොඑන බව මා කිව යුතු නෙවේ.නමුදු බොරු ප්‍රචාර මඟින්  එසේ රැවටීම අනුමත කළ හැකි ද?

දැනට වැඩි ම වේගයෙන් මෙම රෝගය පැතිරෙන රට ඉතාලිය වේ.එය යුරෝපයේ රෝග ප්‍රචාරක මධ්‍යස්ථානය ලෙස සමහරුන් හඳුන්වයි.එසේ වුවද තවමත් වාර්තා වන මරණ සංඛ්‍යාව 21 කි.

දිනකට වෙනත් රෝග නිසා මීට වඩා වැඩි ප්‍රමාණයක් මිය යන බව අප දනිමු.දැනට ලාංකීය කිසිවෙකුටත් හානියක් නොමැත.


එමෙන්ම මෙම වගුව දෙස ද බලන්න.දැනට ලොව මෙම රෝගයෙන් මියගිය සංඛ්‍යාව වයස් අනුව බැලු කළ ඉහළ ම අගය වයස 80 ට වැඩි අය බව පැහැදිලි ය.දෙවන තැනට වයස 70 ත් 79 අතර අය පැමිණ ඇත.

වයස 10 ත් 50 ත් අතර අනුපාතය ඉතා ම අවම මට්ටමේ පවති.එසේනම් මින් පැහැදි ප්‍රධානත ම කරුණ කුමක් ද?මෙම වෛරසය ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් හට වැඩි වශයෙන් වැළදෙන බව නොවේ ද?

මෙම රෝගය නැතත් වයස 50 පසු වු කළ රෝග ඇතිවීමේ ප්‍රවනතාවය ඉහළ අගයක් ගන්නා බව අප දනිමු.

එසේනම් අනිසි බියක් ඇති කරගත යුතු නොවේ.ඉතාලිය වැනි රටවල කෑම හිඟයක් සුළුව ඇතත් ආහාර නොමැතිව කිසිවෙකු මියයන තත්වයට පත් නොවේ.මෙතරම් දියුණු ලෝකයක යම් රටක ආහාර නැතිව සියල්ලන් මිය යාවි ද?

මුඛ ආවරණ විෂබීජනාශක ද්‍රව්‍යවල හිඟයක් ලොව රෝග පැතිරෙන රටවල දක්නට ඇත.එය ද මිනිසුන් බිය වීම නිසා එකවර මිල දී ගැනිමත් ව්‍යාපාරිකයන් අධික ලාභයක් ලැබීමට අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මිල ඉහළ දැමීමත් වැනි කාරණා නිසා මිස වෙනකක් නොවේ.

බිය නොවෙමු. නමුදු අවධානමට අවධානයෙන් මුහුණ දෙමු.ඇස් මුඛ සහ නාස තම දෑතින් ස්පර්ශ නොකිරීම වැනි සුළු කාරණා තුලින් රෝගය පැතිරීම අවම කරගත හැක.

එසේනම් අප තව තවත් අනිසි ලෙස බිය විය යුතු ද? බෝ නොවන රෝග සඳහා මෙයට වඩා වැඩි අවදානමක් නොමැති ද?

විදෙස් රටවල බොහෝ පිරිස් මත්පැන් දුම්පානය කිරීම වැනි දෑ මෙයට වඩා හානි කර නොවේ ද? එබැවින් අවදානමට බුද්ධියෙන් අවධානය යොමු කරමු අනිසි බිය දුරලමු.

හදිසි අවස්ථාවක සිදුළ යුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් වෙමු.
සෑම විට ම තම නෑ හිතවතවතුන් හැකි ලෙස දැනුවත් කරමින් තම යුතුකම ඉටුකරමු.

ජය !
අරවින්ද රත්මල්ගම.

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත