නිරොධායනයට විරුද්ධ මුග්ධයිනි.

නිරෝධායනයට විරුද්ධ මුග්දයිනි..!!

අද වන විට ලෝකයේ වෙනත් රටවල් හා සැසදීමේ දී ලංකාව කොරෝනා රෝගයට සාර්ථකව මුහුණ දෙන බව ලෝකයේ කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇති රටක වෙසෙන මා හට පෙනෙන කරුණකි.

එසේ වුව ද සමහර මුග්ද පුරවැසියන් රජයේ නිවේදන ගණන් නොගන්නා බවත්, නිරෝධායනයට ද විරුද්ධව හැසිරෙන අයුරුත් යම් යම් තැන් හි දුටිමි.

ලංකාවේ වෙසෙන්නනි,

නුඹලා තවමත් මෙහි බරපතලකම නොදනිති.

මිනී කඳු ගොඩ ගැසෙන, මැරෙන කෙනෙකුට පෙට්ටියක්වත් හිමි නැතිව, ආදාහනයට ද ඉඩක් ලබාදිය නොහැකිව මේ රටේ ජනපති කඳුළු සලන හැටි අප දෑසින් දැක ඇත්තෙමු.

අප අවසානාවන්ත ම ලාංකික පිරිස වේ.

යම් හෙයකින් අප මියැඳුන හොත් මිනියවත් තම රට ට එනු නැත.

එසේ තබා වැලළු තැනක් පවා කිසිවෙකු නොදකිනු ඇත.

තම ආදරණීයන්ගේ වල උඩ මල්පොකුරු තැබීමට, පහන් පත්තු කිරීමට තබා නිසි අවසන් ගෞරව ද නොලැබෙනු ඇත.

තත්වය කෙතරම් ශෝචනීය ද?

මෙහි උන් එහි බරපතලකම දනිති. දැනෙති.

එය මා හට ද පොදු කරුණකි.

අද ඉතාලියේ වෙසෙන ලාංකිකයන් අහස් යානාවක් ගෙන මව් රටට පැමිණීමට වෙරදරමින් සිටි.

එසේ තිබිය දී, "නෑ... අපි මෙම අවදානම සමඟ නොපැමිණ්නෙමු. මිනිය වැලළු තැන හොයාගන්න බැරි වුණත් මව් රට අනතුරේ නොතබා මෙහි ම වෙසෙමු" යැයි සිතනා ආදරණීයන් පිරිසක් ද මෙහි වෙසෙති.

ඔබට එවන් අවධානමක් නැත.

එසේ තිබිය දී රජයේ වැඩ පිළිවෙලට, නීතියන්ට, නිරෝධායනයන්ට අකුල් හෙලීමට තරම් මුග්දවන්නෙ ඇයි?

ඇඳිරි නීතිය තිබිය දී විශාල පිරිස් අත්අඩංගුවට පත්වන තරමට නීති කඩ කරන්නෙ ඇයි?

මොහොතක් සිතන්න...!

වැලලෙන තැනක් නොදැන, එන්න හැකියාව ඇතත් තම රටට නොපැමිණ ඉන්නා දේශ හිතෛෂී පිරිස් සිටිය දී ඔබ මව් රට තුල සිට මෙම අවධානම් අවස්තාවේ වගකීම් විරහිත ලෙස හැසිරෙන්නේ ඇයි?

අවුරුදු කෑමට අවැසිනම් සෞඛ්‍ය අමාත්‍යංශය දෙන නීති පිළිපදින්න. ඇඳිරි නීතිය අවස්තාවේ නිවසේ රැදෙන්න.
ඇඳිරි නීතිය නැති කල අත්‍යාවශ්‍ය ම කටයුතුවලට පමණක් නිවසින් පිට වන්නටත්, එවන් විටෙක ජනයා බහුල තැන්වල නොගැවසී,පොලිම් ඇත්නම් මීටරයක දුර තබා ගැනීමටත්,මුඛ ආවරණ පැලඳීමත්, දෑත් පිරිසිදු කර ගැනීමත්  සිදු කරන්න.

රජය, සෞඛ්‍ය අංශ හා පොලීසිය ප්‍රමුඛ ආරක්ෂක අංශ එක්කව ලබා දී ඇති උපදෙස් නිසි ලෙස රකිමින් රට මෙම කොරෝනා රකුසාගෙන් බේරා ගැනීමට සහය වන්න.
පුරවැසි වගකීම හා යුතුකම නිති ඉටු කරන්න.

ජය!
අරවින්ද රත්මල්ගම.

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත