නව කොරොනා සහ ජාතියේ කුහකත්වය.

නව කොරෝනා (covid-19) සහ ජාතියේ කුහකත්වය...

චීනයෙන් ඇරඹි නව කොරෝනා (covid-19) වෛරසය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින අතර ලොව සියලුම රටවල් පාහේ රෝග නිරෝධන කටයුතුද කඩිනමින් සිදු කරමින් සිටී.

ලංකාවේද එය එලෙසින්ම සිදුවන අතර ලොවම මවිත කරමින් අපේම නිසුන්හැ රැකුමට හැඳල නිරෝධන මධ්‍යස්ථානයට ලාංකීය ජන සමූහයක් විරෝධය දැක්වීම දැඩි පිළිකුලක් දනවයි.

මෙය ඔවුන්ගේ නොදන්නා කමද,නූගත් කමද, කුහක කමදැයි අප නොදන්නා නමුදු එය එසේ සිදු වෙමින් පවතී.

ලාංකීය කතකට ඉතාලියේදී මෙම රෝගය ආසාධනය වූ අතර කිසිඳු වෙනසක් නොමැතිව මේ වන විට එම රටේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඇය හට නිසි ප්‍රතිකාර සිදු කරමින් සිටිනුයේ රට හො ජාතිය ගැන නොසලකාය.ඒ උදේ හවා පිරිත් නොඅසනා රටකි.

නමුදු නිතර පිරිත්අ අසන බන අසන අපේම රටේ විදෙස් ගත ලාංකිකයාට තම මව් රටට පැමිණීමේදී රෝග නිරෝධනය සඳහා වෙන් කල මධ්‍යස්ථානයට ඇතැම් ආගමික නියෝජිතයින් සහ සමහර දේශපාලකයින්ද මූලිකත්වය ගනිමින් දැඩිව විරෝධය පාමින් සිටී.

මව් රටට පැමිණෙන මෙම ශ්‍රී ලාංකිකයන් හට රෝගය ස්ථිර ලෙස වැලඳී ඇතැයිද කියා අප නොදනිමු.නමුදු රටේ ආරක්ෂාවට සෞඛ්‍ය බලධාරීන් විසින් ගනු ලබන තීන්දු තීරණ වලට මහජනයා හට මෙසේ බලපෑම් කල හැකිද?

රටේ දල ජාතික ආදායමට ඉහලම දායකත්වය සපයනු ලබන්නේ විදෙස්ගත ලාංකිකයාය.තේ,පොල්,රබර් සහ ඇඟලුම් ක්ෂේත්‍රයද පරයමින් එය ඉහල ගියේ අප ශ්‍රමය විකුණන තරමට අදූරදර්ශී දේශපාලන තීන්දු තීරණ නිසාවෙනි.

එසේනම් අද අප රට රෝල ගසාගන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයා නිසාවෙනි.මොවුන් විසින් මෙවැනි කුහකකම් කරනු ලබන්නේ ඔවුන්ටය.

සුනාමි ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී පවා වැඩිම මුදල් ආධාරය ඉතාලියේ ශ්‍රි ලාංකිකයන් පිරිසක් විසින් ලබා දුන් බව අප දනිමු.

යුද්ධය අවසන රටට විදෙස්ගත ලාංකිකයන් ආධාර කල හැටිද අප දුටිමු,එක් පුද්ගලයෙකු විසින් ලබා දුන් විශාලම මුදල් ආධාරය ඉතාලියේ ලාංකිකයෙක් ලබා දුන් අතර ඉතාලිය එහිදීද වැඩිම මුදල් ආධාර දුන් ලාංකිකයන් වෙසෙන රටක් බැව්ද දනිමු.

ප්‍රංශය,කොරියාවද එසේමය.ජපානයෙන් පවා එසේ ආධාර දෙන පිරිස් බහුලය.මැද පෙරදිග ඇතුළුව වෙනත් සියලු රටවල සේවය කරන ලාංකිකයාද එසේමය. ඒ ඔවුන් එතරම් තම රට ගැන සංවේදි වන නිසාවෙනි.

එමෙන්ම දිනකට ආධාර උපකාර ඉල්ලා කෙතරම් පණිවිඩ ප්‍රමාණයක් පුද්ගලිකව ඔවුන්ට ලැබෙනවාද? කෙසෙල් ගෙඩියත් සමඟින් බත් පැකට් එකක් ආධාර ලෙස දී එය මාධ්‍යය හරහා විකාශනය කරන  දේශපාලන හාල්පාරුවන් සිටින රටකි ශ්‍රි ලංකාව.

ආධාර ලබාදී කුඩා දරුවන් අපයෝජනය කරන ව්‍යාපාරිකයන් සිටින රටකි මෙය.

එසේ තිබියදීද කිසිඳු ප්‍රසිද්ධියක් නොමැතිවම ලංකාවේ දරුවන්ට,වැඩිහිටියන්ට සහ ආගමික මධ්‍යස්ථාන,අධ්‍යාපනික ආයතනයන්ට සහ අබාධිතයන්ට දිළිඳු පවුල් වලට ඇතුළු එකී මෙකී නොකී සෑම තැනකටම  මුදල් හා වෙනත් ආධාර හැකි අයුරින් ලබා දීම මෙම විදෙස්ගත ලාංකිකයා සිදු කරනුයේ තම මව් බිමට, එම මිනිසුන්ට ඇති  සැබෑ ප්‍රේමය නිසාවෙනි.

එසේ තිබියදී ලොවේ මෙවැනි විපතක් වූ කල ලෝකයේ අනෙකුත් රටවල් තම වැසියන් රකින කල අප රටේ උන් හට උපකාරයට සිටින අපේම උන්ට එදිරිව මෙසේ නැඟී සිටීම අපගේ වනචාරී බව ඉස්මතු වීමේ ලක්ෂණයක්ද?

රටේ උන් එපා නොකීවත් මා දන්නා බොහෝ විදෙස්ගත් උන්  පවසන්නේ "මේ ලෙඩේ අරගෙන අපේ රටට යන් නෑ.හැදුනත් මෙහෙම ඉන්නවා" කියාය.උන් රටට පෙම් කරනුයේ එලෙසය.

මවක් මව් සෙනෙහෙට "ඔය හැමදේම දාලා මෙහෙ වරෙන් මයෙ පුතේ" කියා හඬා වැටුනද,පැමිණීමේ හැකියාව තිබුනද ඔවුන් තම මව් රටට නොයන්නේ සිය වැදූ මවට තරමටම ඔවුන් ලක් මවටද පෙම් කරන නිසාවෙනි.

ඒවා මේ කුඩු ලංසලා,සිවුරු,ලෝගු පොරවාගත්ත උන් හෝ ජඩ කුහක සමහර ලාංකිකයන් දන්නේ නැත. නමුදු අප ඒ සියල්ල දනිමු.

එ'නිසාම තම රටට පැමිණෙන්නට එපා යැයි මෙසේ හඬ නගන කාලකණ්නින් ගැන අපට සැබවින්ම මේ අයුරින් කළකිරෙයි.

මේවාට සිවුරු ,ලෝගු පොරවාගත් නමට ආගමික තනතුරු දරන්නන් මෙන්ම කුඩු ලංසා වැනි ජඩයන් මූලිකත්වය ගැනීම තවත් එක් ශෝචනීය කරුණක් නොවන්නේමද?

ලංසා වැනි උන් රටේ අනාගතය පිළිබඳව සිතනවා නම් කල යුත්තේ මත්කුඩු ජාවාරම් නවතා දැමීම මිස කතිරය ලබා ගැනීම සඳහා මෙවැනි කුහක මුග්ධ ජඩ ගති ඉස්මතු කරමින් ජනතාව කුලප්පු කිරීමද?

ඕනෑම ජඩයෙකුට පිරිත් නූල් බැඳ සුඛ විහරනය,නිර්වානය ලෙස සලකන මල්වතු අස්ගිරිලාද,පාස්කු ප්‍රහාරයට පමණක් ජන හද දිනා ගැනීමට කඳුළු සැලූ කාදිනල්ලාද මෙවැනි දෑට මූලිකත්වය ගත් ඒ ආගමික දෙතුන්පලට නිසි පියවර ගත යුතු නොවේද?

නැතිනම් ආගම් යනුත් අනෙකා ගැන නොසිතන කුහක සමාගම් ජාලයක් පමණක්මද?අඩියෙන් අඩිය පන්සල් පල්ලි ඉදිකර තිබුනාට මිනිස් ගති තිරිසනුන්ටත් අන්ත ගතිනම් එවැනි ආගමික මධ්‍යස්ථාන කුමකටද?

සමාජ දේශපාලන,ආර්ථික මේ කුමන හේතුවකට හෝ විදේශ ගත වුවද ඒ අපගේම රටේ අපේම උන් බව සිතන්නට තරම්වත් මුන්ගේ මොල පිරිසිඳු නැතිනම් එවන් ජාතියක අනාගතය කෙබඳු වේද?

විදෙස්ගත ලාංකිකයාද ලංකාවට හෙන ගැහුවත් අපට මොකද යන න්‍යාය අනුගමනය කලහොත් වෙන විපතක තරම මුන්ට නොවැටහේද?

යුරෝපයේ l.T.T.E ව්‍යාපාරය දෙමළ ඩයස්පෝරාව ලංකාව අපකීර්තියට පත් කිරීමේදි ඒ වෙනුවෙන් පෙලපාලි උද්ඝෝෂණ කරනුයේ ඇඟේ පතේ අමාරුවටද.

සමහර විට එහිදී ජීවිත අවධානමක්ද ඇති බව සමහරුන් නොදත් කරුණකි.රට වෙනුවෙන් මෙසේ කැපවන ලාංකිකයාට ලාංකිකයාම එරෙහි වීම කෙතරම් ශෝචනීයද, පිළිකුල්ද සහගත හා කණගාටු දායකද.

මා පිලි නොගත්තද සිංහලයා සිංහයකුගෙන් පැවත එන්නෙකී.සිංහයා යනු තිරිසනෙකි.මෙම කරුණු දෙස බැලූ කලනම් අප සිංහලයන් සැබෑම තිරිසනෙකුගෙන් පැවත එන,අවැසි මෙහොතේ සිය තිරිසන් ගති විදහා පාන,තවමත් ඒ තිරිසනෙකු හා නිදි වැදුනු ගැහැනියකගේ කුසින් බිහි වූ පියා මරා රජකම ගත් තිරිසනෙකුගේ ජාන මුලිනුපුටා ලීමට නොහැකි වූ අධම ජාතියක් දැයි යන බරපතල ගැටලුව අප ඉදිරියේ දිස් වනුයේ නොවේද?

ජය
අරවින්ද රත්මල්ගම.

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත