ලජ්ජා

ලජ්ජා

අබ්දුල්ලා සහ අමීනා බින්ට් ට දාව මහම්මද්තුමන්
වර්ෂ 570 අප්‍රේල් 22 දා මෙලොව එළිය දුටු බව ලොව විශ්වාසය යි.
(මතභේද නැතිවා ද නොවේ.)

      තැනින් තැන කූඩාරම් ගසමින් යන බේඩුයින් යන නමින් හැඳින්වෙන සංචාරක අරාබි ගෝත්‍රයක, උපත ලද මෙතුමා ඉපදීමටත් පෙර පියාගෙ මරණය හේතුවෙන් තම සීයා ළඟ හැදි වැඩේ.

     තම සීයා මිය ගිය පසුව මාමා කෙනෙකු ළඟ සේවයට යන මොහු,
කදීජා නම් වූ ධනවත් වැන්දඹු කාන්තාව ළඟ සේවයට ගොස් පසුව ඇය හා විවාහ විය.

     වයස හතළිහ පමණ වන විට අධ්‍යාත්මක දිවි පෙවතකට ගමන් කළ මොහු,
දිනක් හීරා කඳු මුදුනේ තනිව සිටින විට යමෙකු දර්ශනය වී මෙසේ පැවසු බව සඳහන් ය.

     "මහමද්! නුඹ අල්ලාගේ පණිවිඩකරුවා ය!"

     එසේ දිස් වුයේ ගේබ්‍රියල් බවත් එය මහමද්තුමන් ලද පළමු දේව පණිවිඩය ලෙස සැලකෙන බවත් ඉස්ලාමයේ උපත ද එයම ලෙසත් සැලකේ.

     ඉන්පසු දෙවියන් සෘජුව ම මහමද්තුමා වෙත විසි අවුරුද්දක් මෙසේ පණිවිඩ ලබා දුන් බවත් එය සටහන් කළ පුස්තකය, කුරානය ලෙසත් අද හැඳින්වේ.

     කෙසේ හෝ පසුව තම දේශනා හා වෙනත් ගැටුම් හේතුවෙන් උපන් දේශයෙන් පැනගොස් මදීනාවේ ප්‍රථම ඉස්ලාම් රාජ්‍යය සංකල්පය(දාර් අල් ඉස්ලාම්) ඉදිරිපත් කළ බව සඳහන්ය.

     පිළිම වන්දනාව දැඩිව ප්‍රතික්ෂේප කළ මෙතුමාගේ ප්‍රථම ප්‍රහාරය ලෙස වර්ෂ 630 දි මක්කමට කල ප්‍රහාරය සැලකිය හැකි ය.

    එහා සිටි ක්වරයිෂ්වරු පරාජය කර ක්වරයිෂ්වරු බලෙන් ඉස්ලාමයට හැරවීම ද ප්‍රථම බලත්කාරකමකින් ඉස්ලාමයට හැරවු සිද්ධිය ලෙස ද දැක්විය හැක.

     එහි කබා දේවස්ථානයට ගිය මහමද් හා අනුගාමිකයින් එහි තිබු විවිධ පිළිම 360 ක් පමණ විනාශ කළ අතර මක්කම තුල තිබු කාල වර්ණ පාෂානයට තම යෂ්ඨිය තබා,

     "අල්ලා හු අක්බාර්"  (අල්ලා දෙවියන් ශ්‍රේෂ්ඨ යි.)

ලෙස මහමද්තුමා මොරදුන් අතර එතැන් සිට එය ඉස්ලාමයේ රණ ගීය වු අතර ම එම යෂ්ඨිය තිබු තැන ද ශුද්ධ වු මක්කම වන්දනා ස්ථානය ද වේ.

     එදා පටන් අද දක්වා බාමායන් බුදු පිළිම බිද දැමීම වැනි ලොව සෑම තැනකම හැකි සෑම අයුරින්,එතුමන්ගෙ අනුගාමිකයින් පිළිම විනාශ කළ අතර එහිදී එතුමා සේම අනුගාමිකයන් ද "අල්ලා හු අක්බාර්" ලෙස හඬ නගන අයුරු වත්මනේ ද දැක ගත හැක.

     මහමද්තුමා මක්කමෙහි තම ප්‍රධාන රාජ්‍යය ඇරඹි අතර එහි රාජ්‍යය ප්‍රතිපත්තිවලට වඩා ආගමික ප්‍රතිපත්ති මුල් වු බව සියුම්ව නීරික්ෂණය කළ හොත් දැක ගත හැක.

     කෙසේ හෝ එදා පටන් අද දක්වා මුස්ලිම් රාජ්‍යයවල ප්‍රධානතම ව්‍යවස්ථාව ලෙස ඔවුන් ආගමික දේශනා කුරානය වැනි දෑ භාවිතයට ගන්නා අතර වෙනත් ආගම් සඳහා ඉඩකඩ අවම කරමින් බලහත්කාරයෙන් හෝ තම ආගම පැතර වීම සිදු කරනු ලබන අතර, අද වන විට අන්තවාදිව දැඩි පිළිකුල් සහගතව අල්ලා නාමයෙන් මිනී මරණ් ජන කොටස් ද දැක ගත හැකිය.

     ලංකාවේ 21 ප්‍රහාරය ද එසේ වු අන්තවාදී ප්‍රහාරයකි.

     කෙසේ වෙතත් මෙම කරුණු මුස්ලිම් රටවල සරුවට සිදු වන අතර පිටත ලෝකයට ගලායෑමක් සිදුනොවන අතර එසේ පිටත ලෝකයට හෙළි කරන්නාගේ ඉරණම බොහෝ විට මරණයෙන් අවසන් වේ.

     ඉන්දියානු මහද්විපයට ද නිදහස ලැබීමේ දී මහත්මා ගාන්ධිලාගේ මෝඩ සාම ක්‍රියා ද අලි ජින්නලාගේ කපටි දේශපාලන න්‍යාය පත්‍ර ද බ්‍රිතාන්‍යයන්ගේ කුහකත්වය නිසා ද භාරත මාතාව දෙකඩ වුණි.

     පසුව පකිස්තානයේ කොටසක් ස්වරාජ්‍යයක් ඉල්ලා කළ සටනින් පාකිස්ථානයෙන් කොටසක් බංගලාදේශය ලෙස නම් කෙරිණි.

      නිදහස ලබා ගැනීමට හින්දු, මුස්ලිම් සියල්ලන් එක්ව සටන් කළ ද පසු කාලීනව මුසල්මානුවන් රටේ ව්‍යවස්ථාවට ආගමික දේශනා ඇතුල් කරමින් හින්දු, බෞද්ධාගම් ඇතුලු සියළු ආගම් අදහන්නවුන් නිර්දය ලෙස හෙලා දකිමින් අවැඩ සිදු කළහ.

     එහි උච්චතම අවස්ථාව ලෙස ඉන්දියාව්වෙ අයෝධ්‍යා හි බාබ්රි මස්ජීදය විනාශ කිරීමෙන් පසුව ඇති වුණි.

      ඉන්දියාවේ සිදු කළ මෙම එක් ප්‍රහාරයට බංගලාදේශයේ සියලු හින්දූන්ට පමණක් නොව ඉස්ලාම් හැර අන් සියලු ගම් නැති කිරීමට එය තුරුම්පුවක් කරගත්තේ ය.

     ඉන්දියාවේ මෙම ප්‍රහාරය දඩමීමා කරගනිමින් බංගලාදේශයේ සියලු කොවිල්, පන්සල් විනාශ කළා පමණක් නොව අන්‍යාගමික කාන්තාවන් දැඩිව දුෂනය කරමින් මරා දමමින් දේපල කොල්ලකමින් හින්දුන්ව ඉන්දියාවට එලවා දැමීමට තරම් සහසික විය.

      නමුදු මේවා ලොවට වසන් වුයේ රට තුල සිදු වන මෙම සිද්ධි වසන් කිරීමටත් යටින් තම බලය තකා අන්තවාදින්ට දේශපාලන නායකයන් උදව් කිරීමත් නිසා ය.

      එහෙත් මේවා ලොවට හඬගා කීමට කොන්දක් ඇති පිරිමියෙකු නොසිටි කල මනුෂ්‍යත්වයේ නාමයෙන් එක් ගැහැනියක් නැගී සිටියා ය.

      ඒ වෙන කිසිවෙකුත් නොවේ "තස්ලීමා නස්රීන්" ය.
තම ජාතියේ වුව ද අන්‍යාගමිකයන් මරා දැමීම තිරිසන් ක්‍රියාවක් ලෙස හුවා දක්වමින් ඇය ලෙවෙට හඬගා කීවා ය.

      "ලැජ්ජා විය යුත්තේ හිරිහැර විදින උන් නොව හිරිහැර කරන උන් " ලෙස අර්ථ දැක්වු ඇය...,

      "ලජ්ජා"  නම් කෘතිය එළිදැක් වුවා ය.

      නවකතාවක් වුව සත්‍ය කරුණු බොහෝ සෙයින් ගැබව ඇති මෙය අපරාධ වාර්ථාවක් ලෙස ද නම් කළ හැක.

       මෙය බංගලාදේශ පාලකයන්ට උන්මත්තක ආගම්වාදීන්ට ගැසු කනේ පහරක් බදු විය.

       ඉතිං පප්‍රතිඵලය කිව යුතු ද...?

       පොත තහනමට ලක් වුවා පමණක් නොව ඇයට මරණ තර්ජන පවා ආවේ ය.ඒය මුස්ලිම් අනිතවාදයේ සාමාන්‍යය යි.

       නමුදු කිසිවකට හිස නොනැමු ඇය, දිගින් දිගට ම තම තෙළිතුඩ යුක්තිය, සාධාරණය මනුෂ්‍යත්වය වෙනුවෙන් හැසිරවිය.

       අද ඇයට තම මව් රටට පා තැබිය නොහැකි වුවද ලේඛිකාවක් පමණක් නොව මනුසත් භාවය ද රැකගනිමින් තම ජීවිත අවධානම ද නොතකා යුතුකම් ඉටු කරයි.

        එවන් දිරිය කාන්තාවක විසින් රචිත කාලයේ වැලි තලාවෙන් යටව යා හැකාව තිබු අපරාධ රැසක හෙලි කිරීමක් සහිත කතා පොතකි මෙය.

        අද බංගලාදේශය මුස්ලිම් රටකි.

        නමුදු එය නිදහස ලබන විට සියළු ආගම්වලට සමව සලකන හින්දු, මුස්ලිම්, බෞද්ධ යන සියල්ලන් විසු රටකි.අද වන විට එවැනි කතා නැත. එය මුස්ලිම් රටකි.

        ආසියාවේ බොහෝ බෞද්ධ රටවලට සිදු වූ දෑම බාමියන් බුදු පිළිමවලට සිදු වු දෑම බංගලාදේශයේ ද සිදු වී එය මුස්ලිම්කරණය වී තිබේ.

කිසිදු වත්කමක් නොමැතිව දේශපාලනයට පැමිණ හෙලි කළ නොහැකි ලෙස මුදල් ඉපයු මහ කැළෑ විනාශ කල බදුර්දීන් ඇතුලු අන්තවාදී මුස්ලිම් දේශපාලන නායකයන්ගේ උත්සහය ද ලංකාව ද බංගලාදේශයක් කිරීමට නොවේ ද?

       එදා බංගලාදේශයේ මිනී මැරුවා සේ අද ලංකාවේ 21 ප්‍රහාර වැනි ප්‍රහාර අන්තවාදීන් එල්ල කරන විට ඔවුන්ට බදුර්දීන්ගෙ සහෝදයන් රැකවරණය ලබා දුන් බව හෙලි වීමෙන් මොවුන් ද ලංකාව බංගලාදේශයක් කිරීමට මාන බලනු නැතැයි කාටනම් කිව හැකිද?

        මෙම ලැජ්ජා පොත ලාංකේය දේශපාලකයන් කියවා එය අත්පොතක්ලෙස හෝ තබා ගන්නේනම් යෙහෙකි.

         එහෙත් ඔවුන් බෝම්බ හෙලන කල, එය දැන දැනත් තම පියාගේ බස් අසා ගෙයි අස්සේ හැංඟී, රටවැසියා බිල්ලට දෙන ලාංකේය පාලකයන් එවැන්නක් සිදුකිරීම සිහිනයක් ම වනු ඇත.

         කෙසේ වෙතත් මනුෂ්‍යත්වයේ නාමයෙන් තම ජීවිතය ගැන ද නොතකා තස්ලීමා නස්රීන් විසින් ලියා පල කළ මෙම පොත ලොවට ම ආදර්ශයක් වනු ඇත.

        "ආගමික ගැටළු වනාහී ප්‍රායෝගික අඩුපාඩුවල පිළිබිඹුවකිආගම යනු පීඩා විඳින්නවුන්ගේ අදොනාව යිහදවත් නැත්තවුන්ගේ ලෝකයේ හදවත යි.
ආත්ම විරහිත සමාජයේ ආත්මය යි.
එය බහුතර ජනතාවගේ මත් උත්තේජනය යි."
ලෙස කාල් මාක්ස්ගේ වදන් ද සිහිකොට සියළු ආගම් අදහන්නවුන් අන්තවාදීන් නොවේවායි පතමු.

ජය!

අරවින්ද රත්මල්ගම_______✍️

Comments

  1. Pradeep Liyanage24 July 2020 at 09:06

    විවාදයක් නෑ.. විශිෂ්ඨ කෘතියක්. විචාරයත් අපූරුයි..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත