ඉමොජියට කතාවක්..

ඉමොජියට කතාවක්..

ඒ වනවිට ඔවුන්ගේ ආදර කතාව පටන් අරන් මාස තුනක්.
ඔවුන්ගේ මුලින්ම හමුවෙන්නේ කඩවත දී.
යොදා ගත් දිනට, හරි වෙලාවට කඩවත සම්පත් බැංකුව අසලට පැමිණෙන්න ඈ ඔහුට පොරොන්දුව උන්නා.

කෙළිලොල් අර්ජුනට ඕන වුණේ,
නිසංසලාව දැක්ක ගමන්,
ඈ ළඟ දණ නමා  ඈ අත ඉඹලා ආදරෙයි කියන්න.
ඈව වඩා ගෙන රවුමක් කැරකෙන්න.

ප්‍රේමය තම ජීවිතය කරගත් අර්ජුනගේ රසකාමී හිතේ හීනයක් ඒක.
ඔහු, ඒ ගැන නිසංසලාට කල් ඇතුව කියලා තිබුණා.

ඒත් නිසංසලාගේ හිත බියෙන්,
" අනේ....අර්ජුන්....මේ හන්දියක් මැද එහෙම කරන්න එපා.
ඔයා බැංකුව ඉස්සරහ ඉන්නකෝ...."  ඈ කීවා.

කවදත් වෙලාවට වැඩ පුරුදු ඔහු එදා
කතා කරගත් වෙලාවටත් කලින්ම විත්
කඩවත සම්පත් බැංකුව ළඟ දෑස් විදාගෙන බලා උන්නේ කොළඹ දෙසට ඇදෙන බස් ගණිමින්....

ජංගමය හරහා පොටෝවකින්, වීඩියෝවකින් ඇගේ රුව දැක තිබුණත්,
ජංගමය හරහා එන ඇගේ සැර වහරට අනුව
අර්ජුන හිත මැවි තිබුණෙ,ඈ සැර පරුෂ ඇති
තරමක ස්ථුල සිරුරක් ඇත්තියක් ලෙසයි.

අර්ජුනගේ හිත කිතියකින් තිගැස්වමින්
බසයෙන් බැස එන ඈ,
දුර සිටම හඳුනාගැනීමට ඔහුට හැකි වූයේ
සසරේ පෙර හුරු පුරුද්දට මෙනි.

ඇය බුහුටිය....හැඩය....
රවුම් මුහුණෙහි
වයිටිං ක්‍රීම් උලා නැති වගකි.
මුහුණ තරමට ද අත් පාද සුදු ය.
ඔව්...ඇය ලස්සනය.
පිරිපුන් මුත් තර නැත.
උස නැති මුත් මිටි ද නැත.

ජංගමයේ සටහන් රුවට වඩා ඈ හැඩය.

ජංගමයෙන් ඝංටාර හඬ නැගුව ද
හැබෑවට ඈ හඬ අර්ජුනට ඇසුණේ
බළල් පෝතක පුරු පුරුවක් ලෙසිනි.

ඒ උදය දහයයි තිහ වුවත්
අවු රශ්මිය සැරව ඇති නගර මධ්‍යයේ
ඈ, ඉර ගිල ගන්නා කල මුහුද අඳිනා රත් පැහැ ගත්
කුර්තා කමිස විලාසිතාවකින් සැරසී
අර්ජුන දෙසට පියමැන්නා ය.

ඈ ද සංසාරේ හුරුවට අර්ජුන දුරදීම
දැක හඳුනා තිබුණා ය.

ඈත තියාම ඇගේ ඒ හිනාව.....ඇගේ ගමන් විලාසය,
අර්ජුනට සිහිපත් කළේ
ට්‍රැපික් අස්සෙන් රිංගායන ත්‍රිවිලය කි.
ඒ තරමට දෙපැත්තට පැද්දෙනා ඈ ගත වැනිල්ල,
තෝරා බේරා මේ යැයි කීමට
බස රුසි අර්ජුනටවත් බැරි විය.

ඒ තරමට පැද්දිල්ල ය.ගැස්සිල්ල ය.
හරියට බදුලු කෝච්චිය වැනි ය.
පදික මග උඩ බිම පැන ඇඳි එන සෙල්ලම් ස්ප්‍රීන් මපට් පැංචියෙකු සේ
ඈ, අර්ජුන වෙතට ගැස්සි ගැස්සි ආවා ය.

ඈ තමා සමීපට ආ විගස ම
ඇයගේ නිකටෙන් මුව ඔසවා
ඔහු ඈ තොල් සිහින්ව සිප ගත්තේ ය.

ඔහු දෙස හොරෙන් බලා,
කෝළ ලෙස බිමට හෙළු
ඒ අවිහිංසක බැල්මට මත් වූ අර්ජුනට
ඒ මොහොතේම ඇයගේ පියා හමුවී
ඇය තමා සන්තක කර ගැනීමට සිත් විය.

ඔහු ඒ වග ඇයට පැවසූ මුත්
ඒ මොහොතේ ඈ ඊට අකමැති විය.
--------------------------------------------------

සමාජ සම්මතය හෝ ලෝක සම්මතයන් ගැන නොහිතනා අර්ජුනට
ඇය සාංසාරික ප්‍රේමයක් පමණක් ම විය.

සිය ප්‍රථම ප්‍රේමයටම ලද දඩුවමින් නිවසටම හිරවුණු නිසංසලා
පිරිමි කෙරෙහි වෛරයකින් පසු වූයේ පෙර වු ප්‍රේම සබදතාවයේ ප්‍රථිපලය මුත්,
ඈ සිත ද පුදුම කරනා තරමට දුටු සැනින් එනම්
ඒ වනවිට ඈ අර්ජුන් කෙරෙහි පෙමින් වෙළී උන්නා ය.

පළමු හමුවෙන් පසු දින සති ගෙවි ගියේ
සතියකට වතාවක් දෙදෙනා නෙවරදවා මුණ ගැසෙමිණි.
නමුදු නිසංසලාට ඒ හමුවීම් පහසු වූයේ නැත.
තම නිවැසියන්ගේ ඇස වසා තම පෙම්වතා තුරුලට ඈ ආවේ,
නැගණියගේ ද උදව් ඇතිවය.

නිතර ගෙයින් බැහැර වීම්,පමා වීම් හේතුවෙන් ඈ නිවැසියන්ගෙන් පහර කෑ අවස්ථාව ද එමට විය.
එසේ නැති මුත් ඈ නිතරම තම පියාගේ ඇණුම් බැණුම්,පහරදීම් හමුවේ බෙහෙවින් දුක් වින්දා ය.
ඈ නිවසේ අඩදබර නිමක් නොවී ය.

සංචාරය තම දිවිය කරගත් අර්ජුන විශ්වනාත් හට
මේ වන විට මෝටර්සයිකලයක් හිමිව තිබුණු අතර
පරිසර රසකාමියෙකු වූ ඔහු,
රට වටා සවාරි ගසමින්,ජංගම කූඩාරම් තුල රැය ගෙවමින් ගෙවු නිදහස් දිවියට විරාමයක් තැබූවේ
නිසංසලා විඳින දුක් ගැහැට හමුවේ ඔහුගේ සිතට ද
සැහැල්ලුවක් අත්විදිය නොහැකි වූ හෙයිනි.

 තමා හා එක් වහලයක් යට විසීමට පැමිණෙන මෙන් ඔහු නිතර නිසංසලාට ඇවිටිලි කළ ද නිසංසලා ඊට තව කාලය අවැසි බව පවසමින් එය ප්‍රතික්ෂේප කළා ය.

කුමන දුක්ගැහැට තිබුණ ද ඉතා සැහැල්ලුවෙන් සිටින නිසංසලා,අර්ජුන් හා ඉදහිට වචනයක දෙකක එල්ලී රණ්ඩු වූයේ
බොහෝ දෑ දෙස ඉවසුම් දැකීමට අර්ජුන් හුරුව සිටිමුත්
ප්‍රේමය  හමුවේ නොඉවසුම් වූ නිසාවෙනි.
නමුදු පුංචි පුංච් නෝක්කාඩු අවසන
දෙද්නාගේ පෙරටත් වඩා දැඩිව ප්‍රේමයෙන් බැඳී යයි.

නොසිතුවිරු ලෙස ලොව ම භීතියෙන් ඇලලී ගිය කොරෝනා වසන්ගතය හමුවේ
රට තුල සෞඛ්‍ය ආරක්ෂක හේතු මත තහංචි පැන වෙන කල
ඔවුන්ගේ හමූවීමට ද විලංගු වැටුණි.

කෙසේ හෝ තෙමසකට පසු වසංගත රෝගය සාර්ථකව පාලනය කළ රජය,
ආරක්ෂක විධිවිධාන ලිහිල් කොට
රට වැසියන්ගේ දෛනික කාර්‍යයන්, වෘර්තීය කටයුතු සඳහා
ඉඩ අවකාශ ලබා දුන් ඇසිල්ලෙන්
අර්ජුන් හා නිසංසලා මුණගැසීමට සූදානම් වෙනවා.

බොහොකල් කුඩාරමක් ගසා රාත්‍රියක් ගත නොකළ අර්ජුනට
මාස කිහිපයකට පසු දකිනා තම පෙම්වතිය හා සංචාරයක යෙදි
කූඩාරමක් තුල රැයක් කල් ඇරීමට සිත් වෙනවා.

ඔහු හා රැයක් ගෙවීමට නිසංසලාට ද මහත් සේ සිත් වුවද
ඈ මුලදී ඊට අදිමදි කරන්නේ යක්ෂයෙකු බඳු වූ ඇගේ පියා හට බියෙනි.
නමුදු නැඟණියගේ සහය ද ඇතිව
ඈ තම ප්‍රාණ සමවන් ප්‍රේවන්තයාගේ ඉල්ලීමට අවනතව නිවැසියන් හට බොරුවක් පවසා
ඔහුගේ මෝටර්සයිකලයට ගොඩවන්නේ
මෙයට කවදා හො මුහුණ දිය යුතු බැවිනි

අර්ජුන තම නවීන පන්නයේ මොටර්සයිකලයේ කූඩාරම් ගමනට ඇවැසි අඩුම කුඩුම පොදිගසාගෙන
නිසංසලා හා ඈ නොදන්නා ඉමකට ඉඟිලෙන්නේ
හිතහි සැලසුම් කළ ප්‍රේමණීය පිඹුරු පතක් ද ඇතිවය.
කලාකාමි අර්ජුන්ගේ පෙම්වත් හිත
තම පෙම්වතිය වූ නිසංසලා පුදුමවන තරමට
ප්‍රේමයෙන් මුසපත් කරලීමට සැලසුමක ය.

වෙරළ ඉමක කුඩා තානායමක් ඔහු තෝරා ගෙන තිබුණේ
තානයම්කරු හා පෙර කතිකා කර ගත් පරිදිම රාත්‍රියට කිසිවෙකු නොපැමිණෙන තානයම් ඉඩම කෙළවර
තම කූඩාරම ආම්පන්න අටවා, ගිනිමැලයක් ද දල්වා ගනිමිනි.

මුහුදෙහි බැස දිය නෑමට නිසංසලා දැක්වූ බිය නිසාවෙන්
ඈ පෙරැත්ත මත මුහුදු දිය නෑම  වෙනුවට තානායම් කාමරයේ
දිය මලින් සැනසි ගත් අර්ජුන් ඈ අත ගෙන තානායම් බිම කෙළවර කූඩාරම වෙත පිය මැන්නේ ය.

ඔහුගේ පෙර සැලසුම් කිසිත් නොදැන සිටි නිසංසලා
ගිනිමැලය හා කූඩාරම දෙන පුදුමව බලා උන්නා ය.
කෙමෙන් ඈ බඳ වටා දවටා තමා තුරුල්ට ගත් අර්ජුන්
ඈට කිසිත් කියන්නට ඉඩක් නොතියාම
ඈ තොල් පෙති තරයේ උර ගත්තා.

එදා නගර මධ්‍යයේ මහ මග ඈ නිකට ඔසවා දෙතොල් මත තැබු
ඔහුගේ පළමු හාදුවේ පහස ලැබූ කල
කෝළෙන් නෙත් හෙළු අයුරින්
ඒ සුන්දර රැයෙහි ද ඈ කෝළ වූයේ
පුන් සඳ ද විළියෙන් වළාකුළු සළුවෙන් මුව වසා ගනිද්දී ය.
-----------------------------------------------------

කූඩාරමට එඹි ගත් අර්ජුන,
රතු රෝස මලක් හා රන් පැහැ පීත්ත පටියකින් දැවටූ
රත් ආදර හදවත් රටාවෙන් දළිහුම් දුන් පාර්ලසයක් ඈ අත තැබීය.

විමසුම් දෑසින් ඈ දෙස බැලු නිසංසලාට,
කෙළිලොල් හිනාවක් පෑ අර්ජුන,
"යන්න....ඇතුළට ගිහින් ඕක කඩලා බලන්නකෝ..." යැයි තෙපළේ ය.

හෙමින් කූඩාරම තුළට පිවිසි නිසංසලාට දෑස් පිරි ගියේ...
බිම ඇතුරු මෘදු ඇතිරිල්ල මත රත් රෝස පෙත් විසුරුවා....
පසෙකින් කුඩා කැසට් රෙකෝඩරය ද
හීන් උස් වයින් වීදුරු දෙකක් සමඟ වයින් බෝතලයක් ද තබා ඇති සැටිත්
ඉතා කුඩා කහ පැහැ විදුලි බුබුළු වැලක් කූඩාරම් වහළය වටා දවටා ඇති සැටි දැකීමෙනි.

කඩිමුඩියේ රාත්‍රී අහර කිස නිම කළ අර්ජුන,
තමාට හෙමින් ආහාර ගන්නා ලෙස පවසා
කාමරයෙන් පිටව ගිය රහස මේ යැයි පසක් වීමෙන්
ඈ සිත් ඔහු කෙරේ ආදරෙන් පිරිණි.

හෙමින් පාර්සලය ලිහා බැලූ ඈ හිතට ලැජ්ජාවෙන් හිනැහුණේ
ඒ තුළ වූ හවුස් කෝට් විලාසිතාවකට මැසූ රත් පැහැ දුහුල් කෙටි රාත්‍රී නිදන ඇඳුම හා තන පටයත්,
එයටම පෑහෙන ලේස් ගෙත්තමකින් කළ සුසිනිඳු යට කලිසමත් දැකීමෙනි.

කිසිදා මෙවන් දුහුල් කෙටි රාත්‍රී ඇඳුමක් හැඳ නැති නිසංසලා ලැජ්ජාවෙන් වුවද
තම ඇඳුම් උනා තබා
එවා ඇඳ ගත්තේ තම ප්‍රේමවන්තයා මන පිනවනු වස්ය.

"කෝ...කෙල්ල ලෑස්ති ද..." කියමින්
කූඩාරම තුළට පිවිසි අර්ජුන,
කූඩාරම් බිම හිඳ, රතු රෝස මලෙහි පෙති පිරිමදිමින් සිටිනා ඈ කොපුල් විළියෙන් රත්ව ඇති වග දැකපෙම්වත් හිනාවක් මුව ඇඳිනි.

කූඩාරමේ විවරයේ වූ සිපරය වසා දැමු ඔහු,
තම මිතුරෙකුගෙන් ලැබුණ ඉහළම වර්ගයේ රතු වයින් බෝතලය ගෙන
වීදුරු දෙක පුරවාලූවේ නිසංසලා දෙස
යටසින් බලමිණි.

ඈ අතට වීදුරුක් ලබා දුන් ඔහු
හෙමින් ඈ නලත සිප ගනිමින්...
මේ අපේ ආදරේ වෙනුවෙන් යැයි කියමි
වීදුරු එකට වද්දා සංකර
ඈ හා රතු වයින් රස වින්දේය.

කුඩා රෙකෝඩරය පණ ගැන්වූ ඔහු
තමාගේ ප්‍රියතම ඉංග්‍රීසි ගීතය වාදනය වන්නට සැලැසීය.

"Hey baby when we are together
Doing things that we love
every time your near i feel like im in heaven
feeling high
I dont want to let go girl
I just need to know girl

I dont wanna run away
Baby your the one i need to night
no promises
Baby ,now i need to hold you tight
I just wanna die  in your arms
Hear tonight....."

ගීතයත්...රතු වයින් රසත්....ගිනි මැලයේ උණුහුමත් සමඟින්....
සඳ පායා ඇති  වෙරළ ඉමක ඔහු හා තනි වූ ඒ රැය
ක්‍රිස්ණාගේ බට නලා හඬින් මත් වූ රධාව සේ අර්ජුන කෙරෙහි දැහැන්ව උන් නිසංසලාට
ඔහු හා නර්තනයේ යෙදෙන්නට කළ ආරාධනය කෙසේ නම් පිටු පාන්න ද...

කෙමෙන් ඈ උරහින් ඔසවා නැඟිටවා ගත් ඔහු,
ඈගේ රූසපුවෙන් මංමතව ගියේ
සඳ එයෙන් ඔපවත්ව සිටින වීනස් දෙව් රුවක් හිත මවාලමිණි.

තම කමිසය මුදා හැර, කෙටි කොට කලිසමක් හැඬ සිටි ඔහුගේ ව්‍යායාමයෙන් හැඩ කරගත් ඔහු පිරිමි දේහය
නිසංසලාගේ හිතේ හර්කිවුලිස්ව මවා ලූවා.
ගොබ පිම්බී ගත් ඔහු දෑත් අතර කිටි කිටියේ හිර වෙන්නට මේ වන විටත්
ඈ ආසාවෙන් බලා උන්නා.

ඈ බඳ වටා දෑත් රුවමින් ඈ තරයේ වැලඳගනිමින් ගීතයේ තාලයට පැද්දෙමින් අර්ජුන ඈ නළලත සිපගන්නා අතර ඈ ඔහු පපුවට තවත් තුරුළු වුවා.

එය නර්ථනයක් ද... .
කිරි මුහුද තුල නාග මණ්ඩපයෙහි  විශ්ණු සහ ලක්ෂ්මියගේ ප්‍රේම ආලිංගයදැයි සිතා ගත නොහැකි වූවකි.

තම පෙර ප්‍රේම කතාවේ ලිංගික අඩන්ත්තේට්ටම් විණා
ප්‍රේමණීය වූ ලිංගික සංතර්පයක් අත් විඳ නැති ඈ ගත සලිතව, රහසඟ තෙත්ව ගියේ සිනුඳු දුහුල් පොට අතරින් ගත පුරා දඟ කෙරෙන ඔහුගේ දෑඟිලි ගෙනෙන කිතිය නිසාවෙනි.

අර්ජුනගේ අතෝරක් නැති සිපගැනීම් හමුවේ නිසංසලා කෙසේනම් ඉවසා සිටින්න ද.....
ඔහු නම් පෙම්වත් මායාවකි....
ගැහැනු සිත පොපියවා කෙරෙන ඒ මායාකාරි සිප ගැනුමට නිසංසලා දපනය නොවැටේ ද....

දුහුල් සළු පට ඔසවා ඔහු, ඈ නාභිය සිප ගත්තේ ප්‍රේමයේ නිරාමිසයක ඈ සනහාලමිණි.

ඈ දෙතොල් තම දෙතොල් මතින් මුදවා නොහැරම ඇයගේ පසු පෙදෙසින් ඔසවා ඈ වඩා ගත් ඔහු
ඈ දෙතොල් වැරන් උරා බිව්වා.
ඔහු හා චුම්බනයට තරගයට මෙන් පිළිපන් නිසංසලා ද ඔහු හිස දෑතින් බදා ගනිමින් ඔහු අවුස්සා ලූවා ය.

නිසංසලා බිම සතපවා ගත් ඔහු
ඈගේ ගතේ උස් පහත් සියල් තැන්හී
තම තොල් මෙන්න දිව ද රිසිසෙ මෙහෙය වූයේ ඈ ගත වූ සියල් සළු මුදා හරිමිණි.
සිහින් කෙඳිරියක් සමඟින් තම දෑගිලි ඔහු හිස පිට පුරා පිරිමදිමින් ඈ ඔහු
ප්‍රේමය වින්දා.

සිප ගැනීම්...සීරීම්...සපා ගැනීම්...පොර බඳීම් මතින්
පොඩි වී හැකිළෙමින් වේගයෙන් උස් පහත් වන ඔවුන් සිරුරු හා ඔවුන් හදවත් එක්කව තාල රටා මැවුවා...
උස් ස්වර මන්ද ස්වර‍යෙන් සුසැදි කෙඳිරිලි හඬින් ප්‍රේමයේ ගී ගැයුණා.

උස්ව රළ නැඟු රෑ කුණාටුව පහව සයුර නිසලව සෙමින් වෙරළ සිප ගත්තා.
උණුසුම කෙමින් පහව ගොස්  ගිනි මැලය නිවි ගියා.
----------------------------------------------------

පසු දින පතරාසෙන් අනතුරුව තානයමෙන් පිටමං වූ පෙම්වත් යුවල
එකිනෙකා ගෙන් සමුගත්තේ
මරණයට මිසක මේ භවයේ ඔවුන් වෙන් කළ නොහැකි යමක් නොවන තරමට ප්‍රේමයෙන් මුසපත්ව ය.

නිවසට පැමිණි අර්ජුනගේ හිත බිය ගත්තේ
පෙර දින නිසංසලාගේ අනුදැනුම පිට මිලදී ගත් පොසිටිනො පෙති දෙක ගමන් මල්ලේ සාක්කුවෙ තිබෙණු දුටු විටය.

නිසංසලාට ඒ බව කීවත්,ෆාමසියට හෝ යෑමට පවා අවසර නැතිව නිවසේ සිර වූ ඇයට කළ හැක්කක් නොවුවෙන් සිත බියෙන් කල් ඇරියා ය.

ඈ බිය දැඩි කරමින් නියමිත දිනට මාස්සුද්දිය නොවූ අතර කෑම අරුචිය සමග ඔක්කාරය ද ආවා.

මද ක්ලාන්ත ගතිය ද නොසලකා හරිමින් තම නැගනිය ද සමඟින්
හැකි ලෙස කෑම සකසා ඇඳට වැටුණ ද ඔක්කාරය දිගින් දිගට ම පැවතුණි.

මවක් වන්නට ඇය කාරණය වටහා ගත් ඈ සතුටත් භිතියත් අතර අතරමං වූයේන් තම එකම ගැලවුම්කාරයා වූ අර්ජුනට මේ බව පැවසූවා ය.

තමා හා දැන්ම එන ලෙස නිසංසලාට දැන්වූ අර්ජුන ඇය හා නූපන් දරුවා  ද සමඟින් එක්ව විසීමට කටයුතු සූදානම් කිරීමට යුහුසුළු විය.

නමුත් දාමරිකයෙකු වූ තම පියා,
තමා පුරුෂයෙකු හා හාදව දරු ගැබැක් දරා සිටීම දැන ගත් කළ
තමා ද මරා අර්ජුනට ද හිරිහැරයක් කරනු ඇතැයි නිසංසලා දැඩිව බිය ගත්තේය.

 පියෙකු වීමේ හීනයක උන් අර්ජුනට
තම ලෙයින් කළල් ගත් ඒ ජීවය රැක ගැනීමට මිස වෙන අන් කිසිවකට හෝ අන් කිසිවකට බියක් නොවීය.

බිය විනිශ්චිතභාවය ද කරපින්නාගෙන ඇය අර්ජුන හා එක් වුයේ එසේයි.

නුවරඑළිය ප්‍රදේශයේ ගෙයක් මිල දී ගත් අර්ජුන ඇයත් සමඟ රහසිගතව එහි පදිංචි වු අතර
මේ වන විට ප්‍රථම ප්‍රසුතියෙන් දියනියක්ද, තනියට පුංචි මලනුවෙක් ද එක් වුයේ නිවස කිරි සිනාවෙන් පුරවමිනි.

නිසංසලාගෙ සුපුරුදු සංඨාර හඬි ගේ ගේ දොංකාර දෙන්නේ දරු දෙදෙනා හා එක්ව දඟකම් කරමින් නිවස හැඩිකරන විටය.

සැමවිට බොරු කෝපයක් මවා ගනිමින් කෑ ගසමින් එහෙ මෙහෙ දුවමින් ගෙය ඈට අවැසි පිළිවෙලට තබා ගැනීමට වෙහෙසෙන ඇයගේ මුළු ලෝකය ම දරු දෙදෙනාත් අජුනත් විය.

තම පෙර නීරස  දිවිය වෙනුවට සතුට පිරි ඉතිරි ගිය තම ආදණීය පවුල මතින් සැනහෙන ඈට අර්ජුනගේ ආදර සෙවන මහත් විය. ආඩම්බරයක් ම විය.

----------------------------------------------------------

සාර්ථක ව්‍යාපාරයකට හිමිකම් කියු අර්ජුන විශ්වනාත්
තම ව්‍යාපාරික කරයුතු සඳහා උදෑසනින්ම නිවසින් බැහැර වුවද
කෙතරම් වැඩ අධික වුවද මැදියම හෝ නිවසට එන්නේ තම දරු දෙදෙනා හා පියඹගේ මුහුණු දැක ගනු රිසිනි.

එදා මදියම ද ඉක්ම ගොස් හොරා දෙකක් ගත වුව ද අර්ජුන නිවසට නොපැමණීමත්,
ඔහුගේ ජංගමය ක්‍රියා විරහිතව තිබීමත්
නිසංසලාගේ හිත කෝපයෙන් ද භීතියෙන් ද ඇලලී ගියේ ය.

ඔතරම් වෙහෙස නොවන ලෙසත් කල් වේලා ඇතුව නිවසට පැමිණෙන ලෙසටත් නිතර ඈ අර්ජුනට ඇවටිලි කළාය.

එහෙත් ඇයත් දරු දෙදෙනාගේ සැපත ඉහළින් සැලකූ ඔහු අනාගත සැලසුම් වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වූයේ ය.

අර්ජුනගේ ව්‍යාපාරික ස්තාථානයට දුර්කතන ඇමතුම් ගත් කළ මුරට රදවා සිටි සේවකයා සඳහන් කළේ,
අර්ජුන වෙනදා වේවලාවටම නිවසට යාමට පිටව ආ වගය.

දැඩි සීතලත් මීදුමත් වැහි බර ගතියත් නිසා ඔහු සොයා යෑමට ද නොහැකිව දරුදෙදෙනා තුරුළු කර බලා සිටිනවා හැර ඇයට කළ හැකි අන්කිසිවක් නොවීය.

කිසිත් නොදත් දරුවන් දෙදෙනා නිදන කල
නිසංසලා නිදි වර්ජිතව දෑස් අයා බලා උන්නේ තම පෙම්වත් හිමියන් එන තුරු ය.
ඈ හිතේ බිය සඟවා කෝපයක් මවා ගත්තේ
"ආව දෙන්කෝ උන්දෑ අද ගෙදර" යැයි සිතමිනි.

ට්‍රිං.... ට්‍රිං...... ට්‍රිං......

ඇගේ කෝපය අතර තුර රිසිවරය නාද වූ වහා ඇය දිව ගොස් එය එසවුවා ය.

"මේ අර්ජුන මහත්තයලගෙ ගෙදර ද?"

එහා කොනෙන් ආ නාදුනන පිරිමි හඬ කි.

"ඔව්...."

"මේ කතා කරන්නේ අර්ජුන මහත්තයාගේ නෝන ද...?"

"ඔව්....ඇයි?"

"මිස් අර්ජුන මහත්තයගේ මෝටර් බයිසිකලේ
හෙළකට පෙරළිලා........"

නිසංසලාට ඇසුණේ එපමණකි.
දෑස් අඳුරුව අසල පුටුව මත හිද ගත්තා නොව ඈ ඇද වැටුණා ය.
නමුදු ජීවිතයේ බොහෝ කම්කටොළු වලට මුණ දි ශක්තිමත් ගැහැනියකව උන් ඈ,
ආයාසයෙන් වුව ද සිහි එළවා ගෙන  සියළු තොරතුරු දැන අසා ගත්තා ය.
ඇමතුම් ලබා දී තිබුණේ රෝහලෙනි.

ඒ මොහොතේම කුලී රථයක් ගෙන්නවා ගත් ඈ දරු දෙදෙනා සමඟ රෝහලට ගියෝ ය.

හදිසි අනතුරු වාට්ටුව ඇති දිහාව රෝහල් සේවකයෙකුගෙන් විමසා දැන ගත් ඈ
පුතු ද තුරුලු කරන් දුවණියද අතකින් අල්ලා ගෙන හැකිපමණ වේගයෙන් වාට්ටුව කරා දිව්වා ය.

ඈ අර්ජුන සොයන්නට වී නමුදු අරජුන  එහි නොසිටි නිසා ම ඇය රාත්‍රී සේවා මුරයේ යෙදී සිටි හෙදිය කරා දිව ගොස් අර්ජුන ගැන විමසා සිටියා ය.

"ඒ මහත්තයා මිස්ගේ කවුද..?"

"ඒ මගෙ හස්බන්...."

"මිස් තනියම ද ආවේ....වෙන කවුරුත් නැති ද...."

"අනේ.... ඇයි කො එයා....?"

හෙදිය පුටුවෙන් නැගිට,

"මිස් වාඩි වෙන්නකො...."

අනේ කියන්න කෝ එයා...
මට අර්ජුනව බලන්න ඕනි...

සැමදා කටකාර නිසංසලා හෙදිය වෙත සුපුරුදු ලෙස ම කඩා පැන්නේ ය.

"නෑ... මිස් මහත්තයාට පොඩි ඔපරේෂන් එකක්.
තාම වාට්ටුවට දැම්මෙ නෑ...
තව ටිකකින් වාට්ටුවට දානවා.
මිස් වාඩි වෙලා ඉන්නකො...."

මුලු ලෝකය ම භ්‍රමණය වන සෙයක් ඇයට හැඟුණි.
නමුදු ඇය පුතු ද තුරුලට ගෙන දියණිය ද ළඟ රඳවා අසල වු පුටුවට බර දුන්නේ ශක්තිමත් වන්නැයි ඈට ම සිතින් තෙපළමිණි.

සුළු වේලාවකින් සිහිසුන් තම පණ හා සම තමාට නව ජීවනයක් දුන්
ඒ ප්‍රේමවන්තයා ට්‍රොලියක තබා වාට්ටුව වෙත ගෙන එනු දුටු ඇය හට මහා හඬින් හඬන්නට ඇවැසි වුවද
හැඬුම් ඉවසා ඈ කළ යුත්ත ගැන සිතුවා ය.

මේ මොහොතේ ඇයගේ සහයට යමෙකු අවශ්‍යම වුවත් අර්ජුන හැර කිසිදා කිසුඳු පිරිමියෙකු විශ්වාස නොකළ ඇය හොදම මිතුරිය වන විදෙස් රටක සිටි ලසන්තා කෑරගල ගේ සහය පැතීමට සිතීය.
ඇය එම මොහොතේ ම කෑරගල හට දුරකතනයෙන් සිදු වු සියල්ල පැවසුවා ය.

එදා සිට මොවුන් දෙදෙනාගෙ ප්‍රේමයට එක සිතින් උදව් කල කෑරගල ද
තම මිතුරියගෙ සහයට ලංකාවට පැමිණ සියලු දෑ ඉවසා අර්ජුනව සුව කර ගැනීමට තම මිතුරියට සහය ලබා දුන්නේ තම අතිජාත මිතුරියට  තමා අවැසිම මොහොත නිසාත් ය.

මිතුරියගෙ සහය නිසාවෙන් නිසංසලා ෙධෙර්යමත් වු අතර
කෙටි කලකින් අර්ජුන සුව අතට හැරුණ ද සිදු වුයේ කිසිවෙකු නොසිතු දෙයකි.

අර්ජුන දෙපා අවසඟ වූ බැවින් ඔහු රෝද පුටුවට සිමා විම.

සැලසුම් ඇතිව අර්ජුන ව්‍යාපාරික කටයුතු සිදුකළත් නිසංසලාට ඉදිරියට ඒවා කරගෙන යෑමට නොහැකි වූ හෙයින් ව්‍යාපාරික ස්ථානය විකුණා දැමීය.

දරුවන්ගේත් සැමියාගේත් සියළු කටයුතු කරමින්
රැකියාවක නිරතවිය නොහැකි වුව නිසා
යම් සැලකිය යුතු මුදලක් ඉතිරිව තිබූ නිසාත්
නිසංසලා යනු ඉතා දක්ෂ ලෙස ඕනෑම කෑමක් පිසිය හැකි ගෘහණියක් නිසාත
කුඩාකල සිට අවන්හලක සිහිනයක් ඇයගේ මනසේ තිබු නිසාත්
මේ ධෛර්‍ය්මත් ගැහැනිය එයට අවන්හලක් පවත්වා ගෙන යෑමට අත තැබුවා ය.

තම ප්‍රේමවන්තයා එක්තැන් කළ බයිසිකලය විකුණා දැමු ඇය
තම මිතුරිය  කෑරගලගේ සහය ද ඇතිව අවන් හලක් ආරම්භ කළ අතර
ඉතා ඉක්මණින් වඩාත් සාර්ථක කර ගැනීමට
මේ සිරුරින් කුඩා නමුදු සිතින් සුවිසල් ගැහැනියට හැකි විය.

කෑරගල නිසංසලාගෙන් හා අර්ජුනගෙන් සමුගෙන තමා ජීවත්වන විදෙශ් රට කරා ගිය නමුත් නිරන්තරවම ඔවුන් ගැන සොයා බැලීම් කරමින් මිත්‍රත්වයේ අභිමානය සනිටුහන් කළා ය.

අවන් හල දියුණුව කරා ගෙන ගිය නිසංසලා,
සේවක පිරිස ද වැඩි කර ගත් අතර
අර්ජුන පිටට රැගෙන යාමට නිරතුරු කුලී වාහන අවැසි බැවින් තමන්ට කියා වාහනයක් ගැනීමමේ උවමනාව ඈ සිතට තදින්ම කා වැදි තිබුණක් හෙයින් ඈ,
අර්ජුනගේ පහසුව සලකා වාහනයක් ගත්තා ය.

තම දියණිය ඉහළ අධ්‍යාපනයට විදෙස් රටක විශ්ව විද්‍යාලයකට පවා යවා ගත හැකි වූ
මේ ධෛර්‍ය්මත් ගැහැනිය සිඟිති පුතු ද මහත් ආදරයෙන් රැක බලා ගන්නීය.

ඒ සියලු රාජකාරි අතර තුර තම ආදරණීය හිමියන්ගේ හීන බිඳ වැටීමට ඈ ඉඩ නොඳුන්නාය.

ප්‍රේමවන්තයන් වූ කළ ඔහු ඇයට පවසා තිබු ගසක් වවා පුතෙක් හදා පොතක් ලියන්නටත් ඕනි කී වග ඈ මතකයේ තදින් තැම්පත් වී තිබුණකි.

අර්ජුන එක ගසක් නොව ගස් කිහිපයක් සිටවා ඇත.
පුතෙකු ද හදා ඇත.
පොතක් ලිවීමේ හීන හැබෑවට ඈ ඔහු ළං කළේය.
රෝද පුටුවට බර දී ඔහු ඔහුගේ කතාව ලීවේ ය.

ඒ ඔහුගේ පොතේ මුහුරත් දා ය.
අර්ජුනට බටහිර පන්නයේ ඇඳුමක් ඇඟලූ ඈ,
ඔහු ඇගේ උපන්දින දාක ගෙන දුන් ඔහු ප්‍රියතම සාරියෙන් හැඩව
තම පියාගේ පොතෙහි මුහුරත් උළෙලට සහභාගි වීම සඳහාම නිවාඩු ලබා පැමිණ සිටි දුව ද,
අර්ජුනගේ කපාපු පලුව වූ දඟකාර පුතු ද සමඟින්
රියදුරු අසුනට ගොඩ වුයේ,
මුහුරත් උළෙලින් අනතුරුව ග්‍රෙගරි වැව් වටේ ඇවිදින්න යන බවට පොරොන්දුවක් ද වෙමිනි.

ඒ අර්ජුන් ද කවදත් ආස දෙයකි.
රෝද පුටුව තල්ලු කරමින් නිසංසලා අතීතයේ රස තැන් තෙපළමින් ඔහු හා හුරතල් වන ඇයව ඔහුට පෙනෙන්නේ මුල් වරට දුටු හුරුබුහුටි පෙම්වතිය ම ලෙස ය.

තමා ජීවිතයේ ගත් නිවැරදි ම තීරණය නිසංසලා රණබාහු නම් මේ ගැහැනිය තමා සතු  කර ගැනීම බව රිය කදිමට මෙහෙය වන නිසංසලා දෙස බලා ඔහු සඟවා ගත් ආඩම්බරන් යුතුව සිතුවේ ය..

ජය!
අරවින්ද රත්මල්ගම.

Comments

  1. අභියෝගයට අපූරුවට මූණදීලා ඔයා.
    කියවන්න ආස හිතෙන,
    හොඳ ගලා යෑමක් ඇති ලිවීමක්

    මේක හොඳ ආරම්භයක් වෙයි, නිදහස්ව ඔබේ උරුවට කතාවක් ලියන්න.

    ඔබට ජය!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත