ප්‍රේම කිර්ති ද අල්විස්.




ප්‍රේම කිර්ති ද අල්විස්.


එදා ඒ කාලකණ්ණි  මූසල අඳුරු රාත්‍රියේ,කුඩා පෑන් විදුලි පන්දම් රැගෙන ආ හය දෙනා ප්‍රෙම් රැගෙන යන විට බොඳ වූ දෑසින් " බංචි පැය තුනයිනෙ" කියා තම දියණියගේ හිස අත ගාන විට ප්‍රේම්ට මොනවානම් හැඟෙන්නට ඇති ද.. 

අවසන් දින ප්‍රේමකීර්ති ද අල්විස් ගේ සාක්කුවේ තිබී හමු වු කොළ කැබැල්ලක...

මෙරිනා ක්‍රිරිස්ටබල්
කේ.සීබට් සිල්වා
349,අල්විස් වත්ත.
හේකිත්ත
හැදල වත්තල.

පසෙක රූපවාහිනියේ දරුවෙක් චිත්‍රශිල්පය හදාරණ යන්න ද සටහන්ව තිබුණි.

එපමණයි ඔහු ලියාගෙන තිබුණේ.
කුමක් ද මේ...?
මෙය හා ඔහුගේ මරණය අතර සම්බන්ධයක් තිබුණි ද...?

අපි නොදනිමු.

කෙසේ වෙතත් බොඳ වූ දෑසින් තම දියණියගේ හිස අත ගා ආදර බිරිඳ දෙස කෘතවේදීව හෙලූ බැලුමෙන් මේ  ආදරණීය පියා, ආදරණීය සැමියා තම ආදණීය පවුලෙන් නික්ම ගියා සේම මේ අසහය දක්ෂතා ඇති කලාකරුවා,මාධ්‍යවේදියා දැයෙන් ද නික්ම ගොස් තිබුණි.

ඔව්... තම නිවසින් දරුවන්ගෙන් බිරිඳගෙන් නොව මුලු මහත් දැයෙන් ම කෘර ලෙස සමු ගන්වා තිබුණි.

වෙඩි උණ්ඩයට, කොළ කැබැල්ලට,වචනයට ජන ජීවිතය උඩු යටිකුරු කළ ඒ පාදඩයන් ප්‍රේම්ව සහෘර්ද වූ අපෙන්, රටෙන් උඳුරා ගත්හ.
ඒ ශාපයෙන් උන්ට ගැලවිය නොහැක.
උලමන් හඬ නැඟූ, රැහැයියන් කෑ ගැසූ රැයෙහි ජීප් හඬට, බූට් සපත්තුවට දෙමව්පියන් වෙව්ලූ හ.

උදෑසන ටයර් සෑයක් මත පිළිස්සෙන තරුණයන්, දහත විහිඳුණු ලේ ගංගාවල පා වුණ තරුණයින් මියඳුණ, භීතියෙන් වෙලා, පුළුටු ගඳින් රටම වෙළා ගත් ඒ වකවානුවක, ජනතා විමුක්ති පෙරමුණ ද නොසැහෙන්න බිලි බා ගත් වගනම් අද රටට නොරහසකි 

අපි නොදනිමු මන්ද රාජපක්ෂ ආණ්ඩුවේ එක් අයෙකුට ද එම මරණය සම්බන්ධ ඇඟිළි දිගු වුව ද තවමත් නිශ්චිතයක් නොමැත.

ඒ ශාපයෙන් මිදිය නොහැකිව දො ජනතා විමුක්ති පෙරමුණට කිසිදා නැග්මක් නොමැතිව දියාරු වෙමින් පවති.

සාගරිකා ගොමස්, තේවිස් ගුරුගේ, රිචඩ් සොයිසා මෙන්ම මේ අසහාය කලාකරුවා අපෙන් සමුගන්වා අදට වසර 30 කි.

1947 ජුනි 3  උපත ලබා අවු 43 ක් වැනි කෙටි ආයු කාලයක් වළදා, 1989 ජුලි 31 ඒ ශාප ලත් රාත්‍රියේ අපෙන්, දැයෙන් සමුගත් මහා කලා කරුවාණෙනි...,

අපට, රටට, දැයට සමාවෙන්න. 
ඔබ වැනි කලාකරුවන් රැක ගැනීමට නොහැකි විම ගැන.

ඔබ උදුරාගත් උන් හට අප ද ශාප කිරීම හැර වෙන කුමක් කරම් ද...?

අද ද රට තුළ දිවි ගෙවාගත නොහැකි බොහෝ මාධ්‍යවේදීන් රට හැර දමා ගොස් ඇත.

අනේ... එදා ඔබත් රට හැර දමා ගියෙනම් අපට ඔබ අහිමි නොවනු ඇත.

සමාවෙන්න. 
මහා කලාකරුවාණෙනි...,
ශාප වේවා ඔබව අපෙන් උඳුරා ගත් ඒ අධම කාලකණ්ණින් හට. 

වසර 30 නොව සදාකල් ඔබ අප මතකයේ රදා පවතිනු ඇත.

අජරාමර නිවන් සුව ලැබීමට පෙර එන්න, නැවත මේ භූමියේ සෝදාපාලුවට යන ඒ කලා කෙත අස්වද්දන්නට.

මන්ද ඔබේ හිඩස පිරවිය හැක්කෙක් අපට වෙත නොමැති හෙයිනි.

අරවින්ද රත්මල්ගම_____✍️
31.07.19

Comments

  1. JVP and UNP together responsible for all the killings during 88/89. (Wijebahu)

    ReplyDelete
  2. හ ඩ් ඩ ත් මේවට සම්බන්දයි කියල ඒ දවස්වල කතාවක් ගිය..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කතාවක් තියනව තමයි..

      Delete
    2. ම්..එහෙම කතාවක් තියනව තමයි..

      Delete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත