නිදහස.

නිදහස....

ලොව මානව වර්ගයා බිහිව ඇත්තේ ම සාමාජීය සත්වයෙකු ලෙස ය.බොහෝ අය තනිව ජීවත් වීම තනිකම විදීම වැනි සිත සනසා ගැනීමට යම් යම් දෑ පැවසුව ද කිසිවෙකුටත් තනිව දිවි ගෙවිය නොහැක.

මිනිසෙකුට හෝ ගැහැනියකට සහකරුවෙකු සහකාරියෙකු අත්‍යාවශ්‍ය ලෙස ජීවත්වීමට අප පරිනාමය වි ඇතුතෙමු.එය ලිංගිකත්වය ම නොව.තම අදහස් බෙදා හදා ගැනීම, අනෙකාගෙ ප්‍රශ්නයකට සවන් දීම,කොටින්ම තමා තනි වි නැති බව අනෙකාට හැඟෙන ලෙස ජීවත් වීම වැනි කාරණා නිසා මනු සතා යුගල ලෙස ජීවත් වන බව පැවසිය හැකිය.

උහුලා ගත නොහැකි තනිකම,විඳ දරා ගත නොහැකි පාළුව,දරාගත නොහැකි කාන්සිය,ලොව්තුරා ප්‍රේමනීය මිහිරියාවක දැවටි හදවත් පිරි මදින්නේ ද එවැනිම පාළුවක්,තනිකමක්,කාන්සියක් ඇති හදවතක් සමඟ බව හොඳින් නිරීක්ෂණය කළ හොත් අපට දැක ගත හැක.

මෙලොව තනිව විදදරා ගත හැකි සොම්නසක් නැති වුව ද අප සමහරුන් තනිවි නිදහසක්, සතුටක් සෙවීමේ මිරිඟුවක පැටලෙන්නේ ද ඉහත සබදතාවල යම් ප්‍රථිපලයකින් ද විය හැකිය.

මිනිසා සමාජ සත්වයෙකු බව මා කිව යුතු නොවේ.මිනිස් බව ඔප වැටෙන්නේ ද සමාජ ඇසුරින් වුව ද මිනිසුන් නොමිනිසුන් වන අවස්ථා ද සමාජ ඇසුර නිසා ම වන නිසා බවට ද උදාහරණ අනන්තවත් වේ.

අදිසි මිනිස් බලය මතුවන්නේ සමාජීය අවශ්‍යතාවයන්ට අනුව මෙන්ම,මිනිසා හසුරවන්නේ ද සමාජය විසින් ම බවත් අප ජීවත්වන්නේ අපට අවැසි ලෙස නොව සමාජයට අවැසි ලෙස බවත් හොඳින් නිරීක්ෂණය කළ හොත් දැක ගත හැකි වනු ඇත.මිනිසාගෙ තිඹිරි ගෙයි සිට මරණ මංචකය දක්වා ම රදා පවතින්නේ හුදෙක් අනුන්ගෙන් ලද අනුග්‍රහය මත ය.අපගේ පැවැත්ම පරතානුත්‍ර ය.

කරුණු එසේ වුව ද ලොව මිනිසා නිදහස සතුට සොයා දිර්ඝ පාද චාරිකවක නියැලෙමින් සිටි.

ලංකාව වැනි ආසියාතික රටවල මිනිසා දැඩි පරතන්ත්‍ර වන අතර බටහිර මිනිසා ඉන් මිදෙමින් තම නිදහස කරා යනු දැන් දැන් දැක ගත හැක.

ලිංගිකත්වය ද මිනිසාට අත්‍යාවශ්‍ය ම අංගයක් වන අතර අද වන විට ලිංගිකත්වය ප්‍රේමය,විවාහය, දෙමාපිය දරු සබඳතා සඳහා ද අද ආසියාතික ලංකාව වැනි රටවල දැඩි බලපෑමකට හසුව ඇතත් යුරෝපය ඉන් මිදි තම නිදහස කරා ගමන් ගනිමින් සිටි.

මේ පහත ඡයාරූපයේ ඇත්තේ ද නිදහස නොවේ ද...?
මෙය සුප්‍රසිද්ධ ස්ථානයක දී මා ගත් ඡායාරූපයකි.මා ඔවුන් ඡායාරූප ගැනීම පවා ඔවුනට ප්‍රශ්නයක් නොවිනි.

ඔවුන්ට ලෝකයාගෙ තීන්දු තීරණ අදාල නොවේ. ඔවුන් තම නිදහස නොවේ ද මේ භුක්ති විදිනුයේ...

ලංකාවේ බොහෝ කාන්තාවන් විශේෂයෙන් ම විවාහක කාන්තාවන් තම නිවසේ නිදන කාමරයට වි මුහුණු පොත හරහා අඟන රැඟුම් පා පිරිමියෙකු හා හාදව ඔහු හා යහන් ගත ව පසුව අමනාප ව පතිනි වෙස් හැඳ මුහුණු පොත ම භාවිතා කරමින් තම නිරුවත අතින් වසා ගැනීමට වෑයම් කරයි.
ඉන් තමාගේ නිරුවත ම සමාජ ගත වන බව ඔවුන් නොදනි.

පිරිමින්ගේ ද වෙනසක් නැත.
ඔවුන් ද මුහුණු පොත හරහා කාන්තාවක් හා යහන්ගතව ඇයගේ නිරුවත් පිංතූර ගෙන සමාජගත කිරීම, වීඩියෝ පට සමාජගත කිරීම වැනි නින්දිත දෑ තුලින් සියුම් තෘප්තියක් ලැබීමට තැත් දැරූව ද මේ දෙපිරිස ම ලබන්නේ නිදහස හෝ සතුට ද...?

නැත. මේ දෙපිරිස ම තම මානසික පීඩනය මුහුණු පොත හරහා පිට කිරීමට ගොස් තව තවත් මානසික පීඩනයකට හසුව තව තවත් ගාදයට ම වැටෙති.

යුරෝපයේ මා බොහෝ මිත්‍රයන් සිටිති. බොහෝ අයවලුන් හට සත්‍ය ලෙස ම මුහුණු පොතේ ගිණුමක් පවා නොමැත.තිබුණ ද එය භාවිතය ද සීමා සහිත ය.

භාවිතා කරන අය යම් සමාජ පණිවිඩයක් හෝ නව මිතුරු මිතුරින් දැන හැඳින ගැනීමට භාවිතා කර,ඔවුන් සයිබරයෙන් බැහැරව සත්‍ය සමාජයේ සංචාරය, විනෝද ගමන්, මිත්‍ර සමුහ සම්භාෂන, කලාකෘති චිත්‍ර වැනි දෑ රස විදීම තුලින් තම සතුට නිදහස ළං කර ගනිති.

ලංකාවේ ද මට බොහෝ මිතුරු මිතුරියන් සිටිති.
අහෝ වෙනස ඔවුන් අනුන්ගේ ඕපාදූප කතා කිරීමට තවෙකුකට හින්ට් පාස් කිරීමට,මිතුයෙකුගේ ප්‍රේම සබඳතාවලට හොට දමා ඒවා කඩාකප්පල් කිරීමට තම හීන බාල මානසිකත්වය මුහුණු පොතින් මුදා හැරීමට වග බලා ගනිති.

මෙම ඡායාරූපයේ පරිදි ලඳුන් දෙදෙනෙකු සිටිනු දුටිනම් ලංකාවේ මුහුණු පොතේ පුද්ගලික ගිණුම් හිමියන්ට පමණක් නොව පෙජ් කරුවන්ට ද මසකට සේදීමට කුණු ගොඩකි.

ඉරාජ්ලා වැනි උන්ට සිංදුවක්  හදා විකුණා ගැනීමට  හොඳ ප්‍රස්තුතයකි.ඇගේ වෛරය වැනි චිත්‍රපට කරුවන්ට එය මහඟු වස්තුවකි.

සමහර විට හදගම වැනි අයෙකු වේනම් මින් සමාජ පණිවිඩයක් දීමට කලාතුරකින් වුව තැත් කරනු ඇති.

අහෝ.....!

එකම ලොවක් ඉරණම් දෙකක්....!

අප කවදා අතින් හෙළුව වසා ගැනීමේ ප්‍රයත්නයෙන් අත්මිදී අනුන්ගේ බසට නොව තමා කැමති තීරණයක් ගැනීමේ කොන්දක් ඇති සමාජයකට උරුමකම් කියා සැබෑ නිදහස කරා ගමන් කරනු ඇති ද...?

ලංකාවේ බොහෝ අය නිදහස සොයා ගමන් කරන මග වෙනත් රටකට පැන ගැනීමයි.නමුදු සත්‍ය නිදහස වෙනත් රටක නොව තමා තුල ම තම තීන්දු තීරණ තුල ම බව අප වටහා ගත යුතු නොවේ ද...?

ජය!
අරවින්ද රත්මල්ගම______✍️

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත