අප්පච්චි ඇවිත්


අප්පච්චි ඇවිත්...

මා සාමාන්‍යයෙන් ලාංකේය මෑත කාලීන නවකතා කියවීම අවමයෙන් සිදු කරන්නෙකි. 2018 වර්ෂයේ සවර්ණ පුස්තක සම්මානය ද හිමිව තිබූ මෙම "අප්පච්චි ඇවිත්" නවකතාව අසාර්ථක එක්කැයි බොහෝ තැන් හී ලියා තිබෙණු හා කතා කරනු මා දුටිමි.

එනිසා ම මා මෙය කියවීමට සිතුවෙමි.අරුමයකි.කාලයකින් මා කියවු සාර්ථක නවකතාවක අංග මා මෙම කුඩා පොත් පිංච තුළ දුටිමි.

ඇත්තට ම මෙම නව කතාව සාර්ථක ද...?

ඔව් එය සාර්ථකයි...!

ඒ ඇයි...?

ලාංකේය වත්මන් නවකතා සියල්ල පාහේ යම් රාමුවක අනුව ලියැවී ඇති වග අපට දැක ගත හැකි ය.නමුදු ක්ෂේත්‍රයට අලුතෙන්ම පැමිණෙන්නෙකුට එය අදාල වන්නේ නැත.

මන්ද ක්ෂේත්‍රයට පය තබන්නෙකු මහා බුද්ධිමත්, සවිඥානික පාඨකයා ඉලක්ක ගතව නවකතා ඉදිරිපත් නොකළ යුතු හෙයිනි.

මන්ද නවක ලේඛකයෙකුගේ පොතක් එසේ සම්භාව්‍යයැයි සමාජ සම්මුතිගත කරගත් පාඨකයා විසින් කියවන්නෙ නැති නිසා ය.

කවුරුන් කෙසේ කීවද සාහිත්‍ය පෝෂණය මෙන්ම පොත ලියා සුළු මුදලක් ලබන ලේඛකයා, තම පොත විකිණෙන ලෙස ලිවිය යුතුය.

නැත්නම් ප්‍රකාශකයෙකු සොයාගත නොහැකිව ලේඛකයා අසරණ වන බැවිනි.

නමුදු ක්ෂේත්‍රයේ නමක් ඇති ලේඛකයන් එසේ නොවිය යුතුය.ඔහු හෝ ඇය නිතර තම ලේඛන කාර්යය තුළ සාහිත්‍ය ගැබ්බර කිරීම, ලාංකේය සාහිත්‍යය නවමු මං කරා ගෙන යෑම වැනි භාරධූර කාර්‍ය්යන් සිදු කළ යුතුය.

එබැවින් මා පසුගිය දවසක ලියනගේ අමරකීර්ති නම් බුද්ධිමත් විශිෂ්ට ලේඛකයාගේ "අහම්බකාරක" විවේචනය කළෙමි.

එය නවකයෙකු විසින් ලීවානම් අතිසාර්ථක යැයි මා ද පවසන අතර අමරකීර්ති වැනි විශිෂ්ටයෙකුගෙ එවැනි පොතක් අසාර්ථක මෙන්ම එවැනි පොතකට සම්මාන ලබා දී සම්මානකරුවන් අමරකීර්ති වැනි විශිෂ්ටයන්ගෙන් සිංහල සාහිත්‍යය පෝෂණය කර ගන්නවා වෙනුවට එවන් දක්ෂයන් මොට ගන්වා ඔවුන් ලවා සාහිත්‍යය ද වල පල්ලට යවති. 

එසේනම් බොහෝ අය අසාර්ථක යැයි පැවසූ "අප්පච්චි ඇවිත්" නවකතාව මා සාර්ථක යැයි පවසන්නේ ඇයි...?

සමන් වික්‍රමආරච්චි යනු ද ක්ෂේත්‍රයේ නමක් දිනා ඇති සිංහල සාහිත්‍යය තව තවත් ගැබ්බර කළ හැකි දක්ෂ ලේඛකයෙකි.

ඔහු තම කාර්‍යය මෙම නවකතාවෙන් මනාවට ඉටු කර ඇත.

සාමාන්‍යය පාඨකයෙකුට මෙය වටහා ගත නොහැකි පැටලිලි සහගත සමහර තැන් ඇති නිසා මෙය කියවන අය අසාර්ථක යැයි පවසනවා ඇති.

නමුත් මා දැඩි ලෙස කියා සිටින්නේ සමන්  වික්‍රමආරච්චි අප්පච්චි ඇවිත් නවකතාව හරහා ලාංකේය සාහිත්‍යය නවමු මාවතකට ගෙන ගොස් ඇති බවයි.

නවකතාවක්, මනෝ විද්‍යාත්මක නවකතාවක් වනවානම් එය අති විශිෂ්ට නවකතාවක් වේ.

දොස්තයොස්කිගේ "අපරාධය සහ දඬුවම"ලොව මෙතරම් ආකර්ශනය වූයේ මේ මනෝ විද්‍යාත්මක ශෛලය නිසාවෙනි.

මෙයත් මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් කරා ගෙන යන දක්ෂ සහ විශිෂ්ට ලියවිල්ලකි.

සිග්මන් ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් එක්කරමින් එයට ලාංකේය ජන සමාජීය වහර එක්කොට සමන් වික්‍රමආරච්චි නවමු මාවතකට මෙම කතාව ගෙන ගොස් ඇත.

ඒ කියන්නේ මේක "අපරාධය සහ දඬුවම" ට සමකල හැකි පොතක් ද...?
සමන් වික්‍රමආරච්චි නූතන දොස්තයොස්කි ද...?

කිසිසේත් ම නැත.

මා එසේ පවස්නේ නැත  එතරම් විශිෂ්ටයෙක් නොවුවත් එතරම් විශිෂ්ට ලියවිල්ලක් නොවුවත් ලාංකේය සාහිත්‍යය තුළ බිහිවන නවකතා හා බැලීමේ දී මෙය ඉහළ ලියවිල්ලක් කියා පමණක් මට කිව හැකිය.

එසේ සිග්මන් ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් ලාංකේය ජන සමාජයට මුහුකර ඇතිය යන්න පවසන්නට සාධක මොනවා ද...?

ඔව්... මේ පොත සියුම්ව පරීක්ෂා කළහොත් අප ජන සමාජයේ, මිය ගිය අය ආරුඬ ව ඇතැයි කියවෙන අවස්ථා හා ඒවාට තොවිල් පවා කරන අවස්ථා ද දැක ඇති.නමුත් මෙය සුව කළ හැකි මානසික රෝගයක් බව අද බොහෝ අය දැන සිටිය ද මෙය මානසික රෝගයක් බව ප්‍රොයිඩ්ගේ සංකල්ප හරහා සියුම්ව මේ පොත තුළින් හඳුන්වා දී ඇත.

"බොහෝ අයට සයිකෝසික තත්වයක් නැහැයි කියල අපට කියන්න බැරි තරම්.හැමෝගෙම ජීවිත කියන්නේ අප ම නිර්මාණය කරගත් ප්‍රබන්ධ.මේ කිසිම කෙනෙක් උමතු බවින් පෙළෙන බවට බාහිර කිසිම සාක්කියක් නැ.ඩේරියන් ලීඩර් මෙය හදුන්වන්නේ සන්සුන් උමතු බව නැත්නම් Quiet Madness කියලා."

හරි...එතකොට මෙය මනෝ විද්‍යාත්මක නවකතාවක් ලෙස හඳුන්වන්නේ ඇයි...?

හොඳින් මෙය කියවන විට මේ උම්මත්තක නැතිනම් සයිකෝසිනු නම් රෝගියෙකුගේ කතාවක් බව මුල දී පාඨකයාට නොවැටහේ.

නමුත් අවසානයේ විත්තියේ නීතිඥ මහතා සහ විනිසුරුගේ සංවාදය හරහා කතාව තුළ සියුම් ව නැතිනම් සාමාන්‍යයෙන් මනෝ විද්‍යාව නොතේරෙන සියලු පාඨකයන්ට තේරුම් ගත හැකි ලෙස පොත අවසන් කර ඇත.

අවසන සයිකෝසියාව පමණක් නොව ඩිමෙන්ෂියාව නැතිනම් ඔල්මාදය,පීඩනොන්මාදය,භින්නොන්මාදය,සන්සුන් උමතු බව පමණක් නොව අවිඥ්ඥාව, හිස්ටීරියාව හරහා පැහැදිලි කිරීමට අමතරව තව බොහෝ මනෝ විද්‍යාත්මක සංකල්පයන්, න්‍යායන් සියුම්ව සමන් වික්‍රමආරච්චි මේ පොත හරහා පාඨකයාට ලබා දී ඇත.

එසේනම් මෙය මනෝ විද්‍යාත්මක පොතක් නොවේ යැයි කාටනම් කිව හැකි ද...?

සමන්ගේ මා දකින විශිෂ්ටත්වය,අනෙක් පොත්වලට වඩා මෙයින් දකිනවා. ඒ තමයි කුඩා පොතක් මෙවැනි පරාසයකට ගෙන යාම අසීරු කාර්‍ය්යක් වීම.

ඔහු ෆ්‍රොයිඩ්ගේ බොහෝ සංකල්ප මෙම පොතට ඇතුල් කරන්නට සාර්ථක උත්සහයක යෙදිල තිබීම.

ඉතින්...ඇත්තටම මටනම් මෙය සාර්ථක පොතක් ලෙස හඳුන්වන්න පුලුවන්.

නොතේරීම හෝ මනෝ විද්‍යාත්මක සංකල්පයන්ගේ නොදැනුවත් භාවය මත මෙය අසාර්ථක ලෙස යමෙක් හට හැඳින්විය හැකි වුවද, මෙය සිංහල සාහිත්‍යයේ නවකතාව නවමු මාවතකට ගෙන යන නවකතාවක් ලෙස කිව හැකියි.


ජය!
අරවින්ද රත්මල්ගම_____✍️

Comments

  1. Blue in black background hard to read, thanks

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත