ජේසුතුමන්ගේ රූපය පසුකාලීනව රූපයට නැඟුවෙත් පිළිම හදන්න මුල් වුයේත් එදා ජෙසුතුමන් මිය ගිය පසු එතුමන් වසා දැමු ලිනන් රෙද්දේ තිබු රේඛා සැලකිල්ලට ගෙන ය.

ක්‍රිස්තියානි අයගේ ඇදහිල්ලට අනුව ජේසුතුමන් ස්වර්ගයට ගිය අතර එතුමා වසා තිබු ලිනන් රෙද්ද ඔවුන්ට ඉතිරි විය.

මෙය ඔවුන්ට ජේසුතුමා තරම් ම වටිනා මහානර්ඝ වස්තුවක් වුවද පසු කාලීනව එය ආරක්ෂාවට තබා තිබු මාලිගයේ ගින්නක් හට ගත් බවත් ඉන් ලිනන් රෙද්දට සුලු හානියක් හැර කිසිවක් සිදු නොවු බවත් ලේඛන වල සටහන් ය.

නමුදු මෙම ලිනන් රෙද්ද අද වන විට ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක බැලීමට නොහැක.

මන්ද එය එහි ආරක්ෂාව තකා එය එසේ ප්‍රදර්ශනය ද කළ නොහැක.

එබැවින් යුරෝපයේ බොහෝ ඉපැරණි පල්ලිවල(දැන්නම් සමහර නවීන පල්ලිවලත්)මෙම ලිනන් රෙද්දට සමාන ආකෘති දකින්නට ඇත.

මෙම ඉපරණි මුහුද මැද ජිලියො පල්ලියේ ද මෙහි ආකෘතියක් ඇති අතර මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම ලිනන් රෙද්දේ ආකෘතියකි.

අරවින්ද රත්මල්ගම_____✍️

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

බල්ලෙකුගෙ හදවත

පිරිමි නිරුවත.