ඩිස්නිලන්තයෙන් උගනිමු.

ඩිස්නිලන්තයෙන්වත් උගනිමු..... ප්‍රංශය කියූ සැනින් බොහෝ අයගේ මනසට නිරායාසයෙන් ම එන වචනයකි නැතිනම් නගරයකි පැරිස්. සෑම වසරක ම එක් කාර්තුවක ප්‍රංශය තුළ රැකියාවෙහි නිරත වීම නියමිත කාර්‍ය්යක් වුව ද ඒ අතර වාරයේ පැරීසිය වෙත මා පය තබන්නේ එක් දිනකි හෝ දෙ දිනකි.එසේත් නැත්නම් පය තබන්නේ ම නැත. ඒ යන්නේ ද මා කුඩා කල සිට ම ඇසුරු කරනා මිත්‍රයෙකු පැරිස්වල රැඳි සිටින නිසා ඔහු ඇරයුමට, ඔහු හා කාලය ගත කිරීමට ය. එහෙත් පැරිස් යන සෑම දෙනාම සෙන් නදියට සේම අයිපල් කුළුනට පෙම් බඳි. බොහෝ දෙනෙකු සිහින මවන්නේ ද සෙන් නදිය හා ඒ මහා දැවැන්ත කුළුන දැක ගැනීමට හෝ එහි කාලය ගත කිරීමට ය. මා හටනම් ජනාකීර්ණ නගරයේ වන ඒ ජල කඳ නිකම්ම ජල කඳකි. ප්‍රංශ කුළුන යකඩ ගොඩකි. නමුදු බොහෝ අයගේ ප්‍රිය ස්ථානයකි. නමුදු මා ප්‍රංශයේ වඩා කැමති ම තැනකි ඩිස්නිලන්තය. කුඩා ළමුන්ට වුවද මා යන සැම වසරක ම දොස්තර පුතා(මා විසින් මගේ මිත්‍රයාව හඳුන්වන්නේ එසේය.) මට ද එහි යාමට අවස්ථාව සලසලමින් ප්‍රවේශපත් මිල දී ගන්නේ ඔහුගේ දරුවන් ද රැගෙන යාමේ අභිලාශයෙනි. ඩිස්නිලන්තයේ හැඩ ගැන නොව එයින් අපට උකහාගත හැකි දේ බොහෝ වන්නේ දැන් දේශිය දේ ඇගයීම (ප්‍රදර්ශනාත්මකව...