පිරිමි නිරුවත.



පිරිමි නිරුවත.

 රෝමයේ රජවරු සත් දෙනාගෙන් අන්තිම රජු වූ ටාකුන් රජු රාජ්‍යත්වයෙන් පහකර රෝම සමුහාණ්ඩුව පිහිටවූ බව ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි .පූ. 509 පමණ ආරම්භ වු රෝම සමුහාණ්ඩුව ලොවට දායද කළ දෑ අති මහත් ය.


      කලා,සංස්කෘතික,සමාජීය දේශපාලනික ආදි නොයෙක් දෑ ඔවුන් ලොවට දායාද කර ඇත. එලෙස ලොවට දායාද කළ කලා කෘතීන් සුවිශේෂී කොට මා දකිමි. කලාව පිළිබඳ කතා කළ යුතු බොහෝ දෑ ඇතත් ලොවට හඳුන්වා දී ඇති විස්මිත මූර්ති කලාවෙහි එක් සුවිශේෂී කරුණක් ගැන සටහනක් තැබීමට සිතුණි.


ඒ අනෙකක් නොව පිරිමි නිරුවත යි.


     ලොව විශිෂ්ඨත ම පිරිමි නිරුවත් රූපය ලෙස මයිකල් ආන්ජලෝගේ ඩාවිඩ් රූපය සලකයි. එය ඉපැරණිත ම රෝම සමුහාණ්ඩුවට සම්බන්ධ නැතත් එය ද ක්‍රි.ව.1501-1504 කාලය තරම් දුර ඇදී යයි. ඒ අප ලංකාවට පෘතුගීසින් පය තැබීමටත් පෙර සමය යි. එනම් කෝට්ටේ රජධානිය පැවති සමය යි.


     නමුදු මයිකල් ආන්ජලෝ ඉතාලියට මෙම නග්න පිරිමි  මූර්ති හඳුන්වා දුන්නේ නැත. අද ෆොලොරන්ස් නගරයේ මයිකල් ආන්ජලෝගේ ඩේවිඩ් මූර්තිය දැක ගත හැක.


     මෙම ප්‍රදර්ශනාත්මක පිරිමි නිරුවත අතීත රෝම අධිරාජ්‍යය දක්වා දිව යන්නකි. පැරණි ඔලිම්පික් තරගවල පවා පිරිමි තම ශරීර හැඩ පෙන්වීමට නිරුවතින් තරග වැදුණු බව සඳහන් වේ.


     එමෙන්ම එකල තරග වැදී දිව එන නිරුවත් පිරිමියෙකු ලවා දරුවන් නොමැති කාන්තාවකට කසයෙන් තැලුව හොත් ඇයට දරුවන් ලැබෙන බවට රෝම ජනශ්‍රැතියේ සඳහන් වේ.


     එයට හොඳම උදාහරණයක් ලෙස සීසර්ගේ බිරිඳට (රැජිනට) දරුවන් නොසිටි නිසා එසේ තරගයේ දිව ආ ඇන්තනි ලවා කසයෙන් පහරක් ගැසු බවට සඳහන් වීම ම ප්‍රමාණවත් ය.


     අද ඉතාලිය තුළ සෑම නගරයක ම සුවිසල් පිළිම දැක ගත හැකි අතර නග්න පිරිමි පිළිම බෙහෙවින් දැක ගත හැක.


     අද ලොව ගැහැනු නිරුවත වර්ණනා කළ ද එකල ගැහැනු රැව නොව පිරිමි රුව සොබාමත්ව ඇගයු බව මින් පහැදිලි නොවේ ද..?


     විශේෂයෙන් කෝට්ටේ රාජධානි සමයේ රචිත විශිෂ්ටත ම කෘතියක් වන සැළලිහිණිය තුළ තොටගමුවේ හිමි ස්ත්‍රි රුව වර්ණනා කරනා අතර වාරයේ මයිකල් ඇන්ජලෝ ඉතාලියේ පිරිමි රුවක් නග්නව නෙළා, එය ලොව විශිෂ්ඨත ම නග්න පිරිමි මූර්තිය බවට පත් කිරීම සුවිශේෂී ම කරුණක් නොවන්නේඔ ද..?


    යුරෝපයේ බොහෝ රටවල කලාවට ඉහළ ම ස්ථානයක් ලබා දේ. නමුදු ඉතාලිය තරමට පිරිමි නිරුවත මෙතරම් ඇගයු රටක් ශිෂ්ටාචාරයක් පිළිබඳවනම් මා හට දැන උගත හැකි වී නැත.


     ඉතාලිය තුළ සෑම නගරයක ම පාහේ පල්ලි තරමට ම ඉපැරණි ගෘහ නිර්මාණ කලාව තුළින් ද සංස්කෘතිය රැකී ඇති අතර නැතිනම් රකිමින් ඇති අතර ඒ සෑම නිර්මාණයක් ම තුළ ම නග්න පිරිමි රැවැති මූර්ති,චිත්‍ර ආදිය කැපි පෙනෙන සුවිශේෂී ලක්ෂණයක් වී ඇත.


     එය සෑම නගරයක ම මෙන් ෆොලරන්ස් නගරයේ ද මා දුටු සුවිශේෂි කරුණක් නිසා ෆොලරන්ස්වල දී පමණක් මා තෙඇසේ සටහන් කොට ගත් ඡායාරූප කිහිපයක් ලිපිය හා ඈදා පලකරන්නට සිත් වුණා.


    රෝමයේ මීටත් වඩා පිරිමි නිරුවත සොබාමත් කළ පිළිම දැක ගත හැකි අතර අනෙක් නගරවල ද මේ හා අඩු වැඩි වශයෙන් පිළිම හා චිත්‍ර දැක ගත හැකි ය.


ජය!


අරවින්ද රත්මල්ගම ______✍️

21/09/21

Comments

  1. හොඳ විස්තරයක්

    ReplyDelete
  2. // මෙම ප්‍රදර්ශනාත්මක පිරිමි නිරුවත අතීත රෝම අධිරාජ්‍යය දක්වා දිව යන්නකි. පැරණි ඔලිම්පික් තරගවල පවා පිරිමි තම ශරීර හැඩ පෙන්වීමට නිරුවතින් තරග වැදුණු බව සඳහන් වේ.//
    රෝම කාලෙට හුගක් කලින් ඉදන් ග්‍රීසියේ

    ReplyDelete
  3. ඔව් මේ අද ඉතාලියෙ නිසාත්,ෆොලරන්ස් නගරයේ නිසාත් ඩාවිඩ් පිළිරුව නිසාත් එසේ සදහන් කර ඇත.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

බල්ලෙකුගෙ හදවත