නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවට ගත් අනුර

______________________________________


     අනුර කුමාර දිසානායකයන් පාර්ලිමේන්තුව තුළ ආන්දෝලනාත්මක කතාවක් සිදු කළේ යැයි බොහෝ ජ.වි.පෙ. සමාජිකයන් ද මැදහත් පුරවැසියා ද අත්පොළසන් දෙනුත්, ප්‍රීති ඝෝෂා හඬ නංවමිනුත් සිටින බව දැක ගන්නට ලැබුණි.


ඇත්තෙන් ම එය ප්‍රීති ඝෝෂා නැඟිය යුතු කතාවක් ද...?


නැත.


      එය පක්ෂ විපක්ෂ ඕනෑම අයෙකු කරන වාචාල කතාවක් මෙන්ම රටේ නීතිය අවමානයට ලක් කළ කතාවකි.


      කලකට පෙර සභානායක තනතුර දැරූ, ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ (නැසීගිය) කතා කළ අයුරු මට සිහි වේ. ඔහුගේ සුප්‍රසිද්ධ එළු බෙටි කතාවත් අනුරගේ මේ කතාවත් අතර වෙනසක් මට නොපෙනේ. මෙය වැදගත් කතාවක්නම් වත්මන් පාර්ලිමේන්තුවේ රංජන් රාමනායක මීට වඩා වැදගත් කතාවක් සිදු කර ඇති බව අමතක නොවනු ඇත.


      අයෙක් තමාට විරුද්ධ වු පමණින් ඔහුගේ පරණ file ඇඳ පහර දීම ධනපති පක්ෂ ප්‍රතිපත්තියකි. එය ජයවර්ධන ජනපතිවරයාත් පසුව මහින්ද ජනපතිවරයාත් මනාව ප්‍රයෝජනයට ගත්හ.


      අද අනුර දිසානායක ද යන්නේ ඒ පාරේ ද..?

පාර්ලිමේන්තුව තුළ සිටින මන්ත්‍රිවරුන්ගෙන් දූෂනය අවම සහ රටේ බොහෝ දෑ කකාකරන, විවේචනය කරන පාර්ලිමේන්තුවේ සිටිය යුතු ම පිරිසකි, ජ.වි.පෙ. මන්ත්‍රිවරුන්.


       නමුදු ඒ මෙවැනි විහිළු සැපයීමට නොවේ. මේවා සත්‍යනම් එක එකා බිය වැද්දීමට නොව ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නොවේද සිදු කළ යුත්තේ...?


       එදා ගමේ කසිප්පු මුදලාලිට තම වරදට දැඩි දඩුවම් දුන් පක්ෂයක් අද එක එකාගේ file තමන් ළඟ ඇති බව පවසමින් නිවට නියාළු ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී යන හිරිකිත ගමනක මං සලකුණු ද මේ...?


       පාර්ලිමේන්තුව තුළ විශේෂයෙන් ම ජ.වි.පෙ. වැනි පක්ෂයක් එහි නායකයා ම තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය නීතිය විහිළුවට ගෙන පාර්ලිමේන්තුවත් විහිළුවට ගන්නා පක්ෂ ගැන කවර කතා ද...?


       ප්‍රධාන පක්ෂ දෙක ගැන කතා කිරීම තෙරුමක් නැත. නමුදු අප ජ.වි.පෙ. වැනි පක්ෂයකින් බලාපොරොත්තු වන්නේ මේවා නොවේ. ප්‍රධාන පක්ෂවල සමාජිකයන්ගෙන් මෙම පක්ෂයට සහය දෙන සමාජිකයන් අපහාස උපහාස විඳගනිමින්, බැණුම් අසමින්, ගෙරවීම් ඉවසා ගනිමින් මොවුන් පාර්ලිමේන්තු යවන්නේ මෙවැනි වාචාල කතා ඇසීමට හෝ ගැලරියේ අත්පොළසන් හඬින් සෑහීමට හෝ නොවේ.


        අතීතයේ අමාරු ම තිරණ ගෙන ඇට මස් ලේ නහර දන් දුන් පක්ෂ සමාජිකයන් මෙසේ ගැලරිය ගැන සිතා හැසිරුනේනම් file දික්කර බියගැන්වීම් සිදු කළේනම් අද පක්ෂය තුළ අනුරලාට වඩා ප්‍රතිපත්තිගරුක මිනිසුන් සිටිනු ඇත.


        නමුදු මේ එදා ඇට මස් ලේ නහර තම මාතෘ භුමියේ සාරවත් බව වෙනුවෙන් දිවි දුන් විරුවන්ගේ පක්ෂය ම ද යන්න සැක හිතෙනා තරමට ප්‍රජාතන්ත්‍රවාදය නැමති බෝඩ් ලෑල්ල පිටුපස සැඟවි කරනු ලබන මේ හැසිරීම පැරණි සමාජිකයන්ටත් අවමන් සහගත නොවේ ද...?

මෙය රටක් තුව වම නියොජනය කරනවායැයි පවසන පක්ෂ නායකයෙකුගේ කතාවක් නොව,පෙම්වතිය හැරදාගිය පසු ඇගෙ නිරුවත් චායාරූප සමාජ ගත කරනවායැයි පවසමින් බියවැද්දිම වැනි ක්‍රියාවක් ලෙස සමාජය දකිනු ඇත.

        ඉතිං අනාගත රටක් ගැන පුරවැසියා බලාපොරොත්තු තැබිය යුත්තේ මෙවන් විහිළුකාරයන් මත ද...?


ජය !


අරවින්ද රත්මල්ගම _____✍️

10/09/20

Comments

  1. මේ ලිපියේ කියවෙන දේවල් එකිනෙකට පරස්පර විරෝධී නේද? ජවිපෙ කියන්නේ 3.84% ක චන්ද ප්‍රතිශතයක් ලබාගත් , ආසන 225 කින් තුනක් පමණක් දිනා ගත් පක්ෂයක්. ලංකාවේ චන්දදායකයන්ගෙන් 96.16% ක්ම ඔවුන් කෙරේ බලාපොරොත්තු "නොතැබූ" වන් . මුළු ලංකාවෙන්ම චන්ද 445,958 ලබාගත් පක්ෂයක් ගැන මෙලෙස කීමෙන්( // ඉතිං අනාගත රටක් ගැන පුරවැසියා බලාපොරොත්තු තැබිය යුත්තේ මෙවන් විහිළුකාරයන් මත ද...?// ) විහිළුකාරයෙක් වෙන්නේ කව්ද ??

    ReplyDelete
    Replies
    1. නැ මහත්මයා පරස්පර විරොධි නැ.ඔතන පැහැදිලිව කියල තියනවනෙ 1948 ඉදන් ජනතාව අනෙක් පක්ෂ රැවටු බව.චන්ද ප්‍රතිශතය කිය උනත් දැනට ලංකාවේ ක්‍රියා කාරිව පාර්ලි මෙන්තුව නියොජනය කරන වම හැටියට අපට ජ.වි.පෙදකින්න පුලුවන්.

      ප්‍රධාන පක්ෂ වල විරොධ තා මත දැඩි කැපවිමෙන් රට ගැන හිතව සුළුතරයක් හරි(බිමි මට්ටමේ)මේ පක්ෂය වටානෙ ඉන්නෙ.ඇත්ත ඒකනේ.

      මේ පක්ෂයේ බිම් මට්ටමේ අය රැකියාවක් ටකරන් ටිකක් නෙමේ සමෘධිමත් රටක් තමයි බලන්නේ.

      එහෙම පක්ෂයක නායකයා මේ වගේ කතා කලාම එයාලත් අනෙක් පක්ෂ වලත් වෙනසක් නැනේ.

      එතකොට ජනතාවට අන්තිමට බලාපොරොත්තුවක් තැබඅය හැකි සුළුම පක්ෂයත් මෙහෙම උනාම රටම අනාතයි කියන එක නේද ඔය සටහනෙන් අපි ගන්න ඕන..

      ස්තුතියි.

      Delete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත