උස්වැටකෙයියානු ප්‍රේමය..


 උස්වැටකෙයියානු ප්‍රේමය..


ලෝකෙ කොහේ ගියත් හිතට වදින තැන් මිනිස්සුන්ට තියනවා....


ආනන්දයන්ව බුදු හිමි දෙව්ලොව ගෙනියන තුරු තම ප්‍රේමිය නවදැලි හේනක පිළිස්සුණු වැඳිරියක සේ නොපෙනෙනුනේ ද එනිසාවෙනි.


එදා දෙව්ලොව යැයි ආනන්ද මිහිපිටට පෙම් කළ ද දෙව්ලොව දෙව්ලියන් දුටු කල හිත එසේ වෙනස් විය.

නමුදු දෙව්ලොව ගෙන යාමට අද ආනන්දවත් බුදු හිමිවත් නැත.

එනිසා පුහුදුන් දෑසින් මනසින් බැඳුණු තැන රැඳී සිටි.


මීට වසරකට පෙර.....


ඒ ඔක්තොම්බරයේ....

උස්වැටකෙයියාව මුහුදු තීරයට මාද එසේ පෙම් බැන්දෙම්...


අද කොරෝනාවෙන් මව්බිමට පා නොතැබිය හැකි මොහොතේ පවා ඒ උස්වැටකෙයියා මුහුදු වෙරළ මත සිට කොළඹ වරායෙන් දුම් දමා පිට වන නැව් දෙස බලා...


අහෝ....!


මව්බිමෙන් මදින් මද දුරට යන අර ඈත පෙනෙන නෞකාව සේ කවදා මව් බිමෙන් පිට වෙම්දෝයි සිතුවෙමු. දින ගැන්නෙමු. බලාපොරොත්තු පොදි බැන්දෙමු.


ඔව් අප පිට උනෙමු. බලාපොරොත්තු සපල විය..


නමුදු නොසිතූ ලෙස මව් බිමට පා තැබිය නොහැකි ලෙස ද නොසිතු දෑ සිදුවීමට ද ජීවිත කණ පිට පෙරළීමට ද මිනිසුන් නොමිනිසුන් කිරීමට ද, රැවටීම්, කඩා වැටීම්, හිමිවීම්, අහිමිවිම්...අත්විදිමට ද...

අහිමිවීම්, රැවටීම් යැයි දැනීමට ද සමාජය ද මෙම වෛරසය ද ඒත්තු ගන්වා සිටි.


විටෙක ආනන්දයන් නව දැලි හේනක වැඳිරි රුව ලෙස තම ප්‍රේමිය හැඳින්වුව ද...

තමා රැවටී ඇති බව ආනන්දයන්ට එත්තු ගැන්ව තිබුණ ද...යටි හිත තම ප්‍රේමියගේ සැපත සතුට මෙන්ම ඇයට ප්‍රේම කළ නිසා ම ඒ තෘෂ්ණාව නිසා ම බුදුන් පිරිනිවන් පානා තුරුත් නිවන දුරස් වන්නට ද ඇති...


ඉතිං බුදුන් ඉදිරි පිට ආනන්දයන් එසේනම් වත්මන් පුහුදුන් මිනිසාගේ යටි හිත ගැන කවර කතා ද...


නින්දා, අපහාස, පවාදීම් මත වුව ද අනෙකාගෙ යහපත සැපත අප සිතය යුතුම ය. වේදනාව, දුක වෛරී අවස්ථා යම් යම් වැරදි සිතුවිලි මිනිසා වෙලා ගනු ලැබූව ද...


වඩා වැදගත් මූලය සෙවීම නොවේ ද....


ඉතිං පෙම්බර උස්වැටකෙයියාවනි...,


ඔබේ සිරියට, ඔබේ ඝෝෂාවට, ඔබේ සිසිල් සුළඟට මා හසු වුනෙමි.


ඔබේ ඒ පිච්චෙන ගිනි රෂ්මිය මට සෞම්‍යය විය.


අද ඔබ දැක ගත නොහැක...ඔබ වෙන රටක ය. මා වෙන රටක ය.


ඔබ ඔබේ ප්‍රියාදර ගල්පර, වැලි, සිප්පි කටු මෙන්ම නොයෙක් අපද්‍රව්‍ය සමඟ මුහුව ඔබේ ප්‍රේමයට මන්දහාස්මික වු මා හට හිනහෙනවා ඇත.


ඔව්. ඔබ එසේ කළ යුතුව ඇත. නමුදු ඒ හිනහෙන්නේ මට නොව. එදා ඔබ මා දෙදෙනා එක්ව විඳි සුවයට ම බව ඔබට නොතෙරේ.


ඔබේ රැල්ලෙන් මා පා දෝවනය කරනා විට ඔබව දූෂනය කල ඒ අපද්‍රව්‍ය අපට ආශිර්වාදයක් සේ පෙනණ ද...අද මා නැති කල ඔබේ ජලය ඔබේ වෙරළ ඒ අපද්‍රව්‍ය දූෂනය කරනු ඇත.


නමුදු තව්තිසාවට ගිය ද ඒ මා රැවටුණු ඉන්ද්‍රජාලිය වෙරළට පෙම් කරමි. මන්ද මා දනිමි පිරිසිදු ඔබ දූෂනය වුයේ ඔබේ වරදින් නොව. බාහිර කුණු අපද්‍රව්‍ය නිසා ම බව.


ආදරෙයි උස්වැටකෙයියා වෙරළානු ප්‍රේමියේ...


ජය!


අරවින්ද රත්මල්ගම_____✍️

13/10/20

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත