ලංකාවේ දේශපාලනික කෝවිඩ් සහ පොර මානසිකත්වය.


 ලංකාවේ දේශපාලනික කොවිඩ් සහ 

පොර මානසිකත්වය

===============================


      ආරක්ෂාව සහ බිය යනු දෙකකි. අදවන විට covid 19 යනු ලොවට නව රෝගයක් නොවන අතර නමුදු අද වන තුරුත් නිසි ප්‍රතිකාරයක් නොමැති වුවද ලොව බොහෝ රටවල් මුහුණදෙන ගෝලීය වසංගත රෝගයකි.


     අද වන විට ලොව දියුණු ම රටවල් දණ ගැස්සීමට මෙම වෛරසය සමත් ව ඇති අතර බොහෝ රටවල් එය පාලනය කිරීමට ද බොහෝ දෑ සිදු කරමින් සිටි.


     චීනයෙන් ආරම්භ වුවද එය පසුව ඉතාලිය, ප්‍රංශය ගිලගත් අතර එංගලන්තය, බ්‍රසීලය, ඇමරිකාව සොහොන් පිටි වන තරමට වෛරසය පැතිර ගියේ ය.


     එසේ වුවද එම රටවල ජනතාවගේ දැනුවත්කමත්, ඒ රජයන් මෙය තම දේශපාලන වාසියට හරවා නොගැනීමත් නිසා අද වන තුරුත් සමස්ත ජන ජීවිතයට හානි නොවි යම් යම් සුළු ගැටළු මත වුව ඉදිරියට ඇදී යයි.


     ඉතාලියේ හිටපු අගමැති හට ද ප්‍රංශයේ ඇමතිවරයෙකුට මෙන්ම අද වන විට ඇමරිකා ජනපති හට ද මෙය වැළඳී ඇති බව අප දනිමු.


     එසේ වූවා යැයි රටේ අනෙක් දේශපාලකයන් කලබල වි නොමැත. මෙම රටවල තම නිවසට යාබද නිවසේ කොරෝනා රෝගියෙකු හමුවුවා යැයි  තමන්ගෙ නිවෙස්වලින් එළියට නොබැස සිටින්නේ ද නැත.


"අනේ අපේ බිල්ඩිමේ කෙනෙකුට කොවිඩ් පොසිටිව්. අවධානමෙන් සිටින්න." යැයි fb පොස්ට් දමන්නේ ද නැත.


එහෙත් අප රටවන ලංකාව අද හැසිරෙන්නේ කෙසේද....?


     සියල්ල දේශපාලනය වි ඇති රටක වෛරසයක් පවා තම දේශපාලන වාසියට හරවා ගන්නා කාලකන්ණි දේශපාලුවන් සිටින රටක ජන මනස පවා නොපිටට සිතීම එක් අතකින් වරදක් ද නැත.


     පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රිවරයෙකු PCR පරික්ෂණය කළ නිසා පාර්ලිමේන්තු සභා ගැබට පැමිණීම ගැන රාජපක්ෂ පවුලේ නීතිඥ මන්ත්‍රිතුමා උඩු බුරන හැටි අප ඊයේ දුටිමු.


     නිසි පරතරය ඇතිව මුඛ ආවාරණ ඇති අයෙකුගෙන් තවත් අයෙකුට මෙය බෝ වීමේ ප්‍රවනතාවය ඉතා සීමිත හෝ එසේ බෝ නොවීමට ඇති ඉඩකඩ වැඩි බව මේ පොතෙ ගුරු නීතිඥ මහතාට නොවැටහීම රටේ අවාසනාවක් නොවේ ද...?


    නාමල් රාජපක්ෂ හෝ එම පවුලේ අයගේ නැට්ටේ එල්ලී, ඔවුන්ගේ වැරදි වැසීමට නීතියේ වගන්ති කට පාඩමින් ගෙනහැර පෑමට දක්ෂ වුව සාමාන්‍ය දැනීමේ අවමකම හෝ රට ඉදිරියේ තම  වැඩ පෙන්වීමට ගොස් තෙමේ ම නා ගන්නා උන්, රටේ උත්තරීතර පාර්ලිමේන්තුවක සිටීම ජාතියේ අවාසනාව නොවේ ද...?


මහ උන් එසේ හැසිරෙද්දී රටේ පුරවැසියා කෙසේ හැසිරේ ද...?


   තම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු වේයැයි කී පමණින්,

"අපේ ගමේ එක්කෙනෙකුට පොසිටිව් යන තැනකට වැඩක් බලන්න වෙයි..."

නැත්නම් " ජනතාවනි, බිය නොවෙමු. එක්ව මැරෙමු. එක්ව නැගිටිමු." වැනි වීර පුරන්අප්පුලා වීමට බුකියේ පොස්ට් දමන වීර පුරුෂයන් ද කාන්තාවන් ද එමටය.


     කොවිඩ් බොහෝ සේ පැතිරුණ රටක මොවුන් සිටියේනම් හැසිරීම කෙසේ වනු ඇති ද...?

කොවිඩ් යනු සුළඟ මඟින් බෝ වන රෝගයකැයි මොවුන් සිතනවා ද...?


    ජනපතිවරණයේ දී රටේ කොවිඩ් නැත. පොත් ප්‍රදර්ශනයට අවසර දුන්නේ ද ජනපතිවරණයට අවසර දුන් නිසාම ය. රටේ සැඟවුණු රෝගය පිටට නොපෙන්වා තුනෙන් දෙකේ බලයට කෑදරකමේ රට සාමාන්‍යකරණය කොට අද වන විට එය රටේ අභාග්‍යයක් බවට පත් කොට ඇත.


      නමුදු  නිසි උපදෙස් පිළි පැදීම ප්‍රමාණවත් ය. තම ගමේ එකෙකුට කොවිඩ් පොසිටිව් වූ සැනින් එම ගමේ ජීවත්වීම වීරයන් වීමට මගක් නොවන බව අප දැන ගත යුතුය.


     වීරයන් වීමට හෝ තමා වෙත අවදානය ලබා ගැනීමට එසේ පෝස්ට් දැමීම තුළින් රටේ ජනතාව අනිසි බියකට පත්වනවා මිස වෙන සුදුවන දෙයක් නැත.


     උදේහවා බණ අසන රටේ ප්‍රධාන ආගමෙන් ම ජීවිතයේ අනිත්‍යය බව පෙන්වා දි ඇත. සියල්ල අත්හැර යාමට සිදුවන බව කුඩා කළ සිට උගන්නා ඇත. ජීවය තණ අඟ පිණි බිඳක් වන බවට මහා දැන්වීම් පුවරු බොහෝ තැන්වල ය.


       නමුදු මේ කිසිවක් නැති යුරෝපයේ එහා ගෙදර එකාට කොවිඩ් හැදුනා ‍යැයි මර බියේ දඟලන්නේ ද නැත.


        සියල්ල අනිත්‍යයේ උපරිමයට ම ගිය අප රටේ අහල ගමක එකෙකු කොවිඩ් යැයි කියු සැනින්, අවසන් කැමති පත්‍රය ලියා බුකියේ නහයෙන් අඬමින්, පෝස්ට් දමමින් වැළපෙන හැටි පුදුම ය.


        මැරුණු පසු අප ශෝක ප්‍රකාශ කරන්නම්. ඒ නිසා මැරෙන්නට කලින් බුකිය පුරා හඬා වැලපී, අන් අයගේ අවදානය ලබා ගැනීමට දඟලා, සියළු මිනිසුන්ගේ මනසට වැරදි පණිවිඩයක් ලබා දී,ජන මනස විකෘති නොකිරීමට වග බලා ගැනීම ඔබ අපගේ යුතුකම බව සලකමු.


        ලෝකයේ කොවිඩ් යනු වෛරසයකි. වසංගතයකි. ලංකාවේ කොවිඩ් යනු දේශපාලන වාසි ගන්නා ඡන්ද මැෂිමකි. දේශපාලන ගුන්ඩුවලට හසු නොවන්න.


       නිසි සෞඛ්‍ය ආරක්ෂන ක්‍රම පිළිපදින්න. ලංකාවේ තරමට යුරෝපයේ මිනිසුන් බිය වීනම් අද ප්‍රංශයක්, ඉතාලියක්, එංගලන්තයක්, ඇමරිකාවක් නැත.


      ලංකාවේ හිතන විදියට ගමේ එකෙකුට රෝගය වැළඳුන විට ගමේ උන් සියල්ලන් ම මිය යයිනම් අද යුරෝපය ම මිය ගොස් ද ඇත.


     අනවශ්‍ය බිය තුරන් කොට බුද්ධිමත්ව හැසිරීම හැර මේ මොහොතෙ වෙන කළ හැක්කක් ද නැත.


ජය!


අරවින්ද රත්මල්ගම.

08/10/20

Comments

  1. අපිත් ඉන්නෙ යුරෝපයෙ,මෙහෙ මිනිස්සු කොරෝනා අතරෙත් තමන්ගෙ වැඩ අපූරුවට කරගෙන ඉන්නවා.ඒත් ලංකාව කියන්නෙ පට්ට ගෝත්‍රික වහල්ලු ඉන්න රටක් ඒ හින්ද උන්ව හදන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිස්සුන්ව ඒ,තැනට පත් කරලා..කුහක දේශපාලනය විසින්..

      Delete
  2. ලන්කාවෙ වැඩි දෙනෙකුට නැති එකම දේ තමයි wisdom එක. අනිත් හැම දේම ඕනාවටත් වඩා තියෙනව, මිනිස්සුන්ට උදව් කරනවා, දන් දෙනවා, දුකේදි හඬා වැලපෙනවා. ඔක්කොම හොඳයි. නමුත් කිසිම ක්‍රියාවක් බුද්ධියෙන් මෙහෙයවාගන්නෙ නැහැ. ඒ වෙනුවට හැම ක්‍රියාවක්ම පදනම් වෙන්නෙ භය, සැක සන්කා, නොඉවසිල්ල (fear, doubt, anxiety) වගේ රිනාත්මක ආකල්ප මත.
    ඔබේ පොස්ටුව ඉතාම වටිනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත