කොරොනාවට බිය වෙමුද?


 කොරෝනාවට බිය වෙමු ද ??


කොව්ඩ් 19 නැත්නම් අප දන්නා කොරෝනා ලෝක වසංගතය අද ලක්මව ද වෙළාගෙන සිටි.


පළමු රැල්ලේ දී ලංකාව තුළ ප්‍රචලිත වීම අවමයෙන් සිදු වුව ද ලොව පුරා එය දරුණුවට ව්‍යාප්ත වු අතර ඇමෙරිකාව දිගින් දිගට ම බැටකමින් ද යුරෝපය පළමු රැල්ලේ දැඩි ප්‍රහාරයෙන් මදක් විඩා නිවා දැන් දෙවන රැල්ලේ දරුණුත ම ප්‍රහාරයට ලක්ව ද ඇත.


ප්‍රංශය ඉන් ඉහළ ම අගයක් ගෙන ඇති අතර ඉතාලිය ස්පාඤ්ඤය, ජර්මනිය පවා බේරී නැත.

ප්‍රංශය, ඉතාලිය යන දෙරටේ දැනට දිනකට රෝගීන් 30000 පන්නා හමුවන අතර එය පළමු රැල්ලේ දි හමු වු රොගින් ප්‍රමාණයට වඩා ඉතා ඉහළ අගයක් ගෙන ඇතත් වත්මනේ මරණ ප්‍රමාණය අඩුව ඇත.


ලංකාව තුළ රෝගීන් හමුවීම ඉහළ යන අතර රට වැසියා දැඩි භීතියට ලක්ව ඇත. ඇත්තට ම එසේ අප බිය විය යුතුද..?


කොරෝනා රෝගීන් මැද දිවිගෙවන අයෙකු ලෙස මා පවසන්නේ, බිය වීමෙන් පලක් නැත.නමුදු අප සෞඛ්‍ය නීති පිළිපදිමින් ආරක්ෂාවීමට වෙර දැරිය යුතුය.


මෙයට මේ වන විටත් බෙහෙතක් නොමැත. එසේනම් යුරොපයේ ද මෙතරම් රෝගීන් හමු වූව ද මරණ සංඛ්‍යාව අඩුවන්නේ ඇයි?


කුමන ආගමකට අනුව ගත් කල ද විද්‍යානුකූලව ගත් කල ද ලොව මිනිසා තුරන්වීමට මෙය කාලය නොවේ. එය ප්‍රධානත ම සාධකය යි.


එසේනම් මිනිසා පාලනයට හෝ මිනිසාගේ ම යහපතට හෝ නැතිනම් වෙනත් කුමන හේතුවකට හෝ මෙම රෝගය පැතිරුන ද පරිසරය ම මිනිසාගේ ශරීරය මතින් ම ප්‍රතිශක්තිකරණය ඉහළ දමමින් සිටි.


අද යුරෝපයේ බොහෝ අය මෙයට බිය නැත. මන්ද තම සියළුම සමීපතයින් මෙම රෝගයෙන් පීඩාවිද සුව වී ද ඇති නිසාය. මාගේ ද නිවසේ ඉහළ මාලයේ එක් පවුලකට ම මෙම රෝගය වැළඳුණ අතර මා ඉන්නා අහල පහළ කොරෝනා රෝගියෙකු සොයා ගැනීම  මවිත වීමට කරුණක් ද නොව.


මෙම රෝගයේ ශක්තිය එනම් ආසාදිතයෙකුගෙන් තව අයෙකුට බෝවීමේ හැකියාව සති තුනක කලක් බව ගණන් බලා ඇත.


යුරෝපයේ ආසාදිතයෙකු ස්වයං නිරෝධායනයට ලක් කර සති තුන ඉක්ම යාමෙන් පසු පොලිස් අවසරය මත මගතොට ගමන් කිරීමට ද අවසර ඇත.


මෙය අනාගතයේ සාමාන්‍ය රෝගයක් වනු ඇත. කුමන බෙහෙතක් සොයා ගත්ත ද මෙය ලොවින් තුරන් කළ නොහැකි වනු ඇති බව මාගේ අදහස යි.(සමහර විද්වතුන් ද එසේ මත පල කර ඇත.)


ඕනෑම කලක ලොවට රෝගයක් පැමිණි වහා මිනිසුන් මියයාම ඉහළ අගයක් ගෙන පසුව එය අඩු වනු ඇත. කොළරාව, වසූරිය වැනි අතීත රෝග එයට සාධක සපයයි.


ඉතිං දෙසැම්බරයේ එනවායැයි කියන ඖෂධය සීයට සීයක්ම සාර්ථක ඖෂදයක් ද නොවන බව ඔබ නොදන්නවා විය හැක. සමහර විටෙක  එය දෙසැම්බරයේ  නොඑනු ද ඇත.


ඖෂධයක් එනතෙක් ලොව සියලු මිනිසුන් මිය නොයනු ද ඇත. තම ශරිරයෙන් ම ප්‍රතිශක්තිකරණය නිපදවා මිනිසුන් ආරක්ෂා වනු ඇත.


නමුදු ඔබ පරිස්සම් විය යුතුය. ඒ කොරෝනාවට වඩා වෙනත් රෝගවලිනි. වත්මනේ රෝහලක බෙහෙත් ගැනීමට අධානමක් ඇත. ඒ සාමාන්‍ය රෝගයකටත් වඩා යමෙකුට ඔක්සිජන් ලබා දිය යුතු වැනි රෝගයක් හෝ අනතුරන් සිදු වූ  අවස්ථාවක දී ය.


මෙය පෙනහළු හා දැඩව බැදි පවතින්නක් නිසා පෙනහළු ආශ්‍රිත රොගින්ට ද අවධානමක් නැතුවා නොවේ.


ඔක්සිජන් පිටතින් ලබා දෙන රෝගියෙකුට කොරෝනා වැළඳුන හොත් එයනම් සුළුවෙන් තැකිය නොහැක. මන්ද කොරෝනා සෑදුණු රෝගියෙකුගේ ප්‍රධාන ම අවධානම් තත්වය ද හුස්ම ගැනීමේ අපහසුව නිසා මේ වෙනයම් ත්ත්වයක් යටතේ බාහිරින් ඔක්සිජන් ලබා දෙන රෝගියෙකුට කොරෝනා ද වැළඳුනේනම් ජීවිතය අහිමි වීමට පවා බොහෝ ඉඩ කඩ ඇති බැවිනි.


ලොව මිය ගිය කොරෝනා රෝගීන් දෙස බලන කල, ඔවුන් බොහෝ විට නිදන්ගත වෙනත් රෝගයකින්  පෙළුන අය බව වටහා ගත හැක. විශේෂයෙන් ම වයස හැටත් හැත්තෑවත් පසු වු ඔබේ දෙමව්පියන්, ආච්චි සීයා වැනි අයනම් ආරක්ෂා කරගත යුතුම ය. මන්ද ඔවුන්ගේ වයස සමඟ මෙම රෝගයට ඔරොත්තු දීමේ හැකියාව අවම නිසාය.


නමුදු ඉතාලියේ කොරෝනා රෝගයෙන් දැඩිව පීඩා විදි අවුරුදු එකසිය පහක වයස් ගත කාන්තාවක ද  සුවය ලැබු බව අප දුටිමු. යුරෝපයේ වයසින් වැඩි අය ද දැන් මෙය සාමාන්‍ය රෝගයක් සේ සලකා ඇත්තේ එනිසාවෙනි.


අප අනිසි ලෙස බියවීම නොව, සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රවේදයන් නිසි ලෙස පිළිපදිමින් රෝගය පැතිරීම වළක්වාලීමට උත්සුක වෙමු.


සමාජය තුළ මෙම රෝගය වැළඳුන පසු අරම වෙනවාලු, මෙහෙම වෙනවාලු ලෙස ලූ යන්න යෙදූ අවිනිශ්චිත කතා පැතිර ඇති බව මට ද කණින් කොනින් ඇසී ඇත.


ලු අකුර දැමීම තුළ ම ඒවා නිශ්චිත නොවන කටකතා බව පමණක් ලෙස දැනට අප අවධාරණය කොටගනිමින්, මෙම රෝගයට අනිසි බියක් ඇති නොකර, ආසාදිතයින් සමාජයෙන් කොන් නොකර, සමාජ දුරස්ථභාවය ද නිසි සෞඛ්‍ය උපදෙස් ද පිළිපදිමින් සිටිය යුතුම ය.


මන්ද ඉදිරියේ ලක්මව තුළ ඇත්තේ කොරෝනා අවදානම නොව ආර්ථික පරිහානිය මත ජීවන අරගලයේ අවදානම බව අප වටහාගත යුතුය.


ජය!


අරවින්ද රත්මල්ගම_____✍️

31/10/20

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත