නිරොධායනයට විරුද්ධ මුග්ධයිනි.

නිරෝධායනයට විරුද්ධ මුග්දයිනි..!! අද වන විට ලෝකයේ වෙනත් රටවල් හා සැසදීමේ දී ලංකාව කොරෝනා රෝගයට සාර්ථකව මුහුණ දෙන බව ලෝකයේ කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇති රටක වෙසෙන මා හට පෙනෙන කරුණකි. එසේ වුව ද සමහර මුග්ද පුරවැසියන් රජයේ නිවේදන ගණන් නොගන්නා බවත්, නිරෝධායනයට ද විරුද්ධව හැසිරෙන අයුරුත් යම් යම් තැන් හි දුටිමි. ලංකාවේ වෙසෙන්නනි, නුඹලා තවමත් මෙහි බරපතලකම නොදනිති. මිනී කඳු ගොඩ ගැසෙන, මැරෙන කෙනෙකුට පෙට්ටියක්වත් හිමි නැතිව, ආදාහනයට ද ඉඩක් ලබාදිය නොහැකිව මේ රටේ ජනපති කඳුළු සලන හැටි අප දෑසින් දැක ඇත්තෙමු. අප අවසානාවන්ත ම ලාංකික පිරිස වේ. යම් හෙයකින් අප මියැඳුන හොත් මිනියවත් තම රට ට එනු නැත. එසේ තබා වැලළු තැනක් පවා කිසිවෙකු නොදකිනු ඇත. තම ආදරණීයන්ගේ වල උඩ මල්පොකුරු තැබීමට, පහන් පත්තු කිරීමට තබා නිසි අවසන් ගෞරව ද නොලැබෙනු ඇත. තත්වය කෙතරම් ශෝචනීය ද? මෙහි උන් එහි බරපතලකම දනිති. දැනෙති. එය මා හට ද පොදු කරුණකි. අද ඉතාලියේ වෙසෙන ලාංකිකයන් අහස් යානාවක් ගෙන මව් රටට පැමිණීමට වෙරදරමින් සිටි. එසේ තිබිය දී, "නෑ... අපි මෙම අවදානම සමඟ නොපැමිණ්නෙමු. මිනිය වැලළු තැන හොයාගන...