ලජ්ජා
ලජ්ජා අබ්දුල්ලා සහ අමීනා බින්ට් ට දාව මහම්මද්තුමන් වර්ෂ 570 අප්‍රේල් 22 දා මෙලොව එළිය දුටු බව ලොව විශ්වාසය යි. (මතභේද නැතිවා ද නොවේ.) තැනින් තැන කූඩාරම් ගසමින් යන බේඩුයින් යන නමින් හැඳින්වෙන සංචාරක අරාබි ගෝත්‍රයක, උපත ලද මෙතුමා ඉපදීමටත් පෙර පියාගෙ මරණය හේතුවෙන් තම සීයා ළඟ හැදි වැඩේ. තම සීයා මිය ගිය පසුව මාමා කෙනෙකු ළඟ සේවයට යන මොහු, කදීජා නම් වූ ධනවත් වැන්දඹු කාන්තාව ළඟ සේවයට ගොස් පසුව ඇය හා විවාහ විය. වයස හතළිහ පමණ වන විට අධ්‍යාත්මක දිවි පෙවතකට ගමන් කළ මොහු, දිනක් හීරා කඳු මුදුනේ තනිව සිටින විට යමෙකු දර්ශනය වී මෙසේ පැවසු බව සඳහන් ය. "මහමද්! නුඹ අල්ලාගේ පණිවිඩකරුවා ය!" එසේ දිස් වුයේ ගේබ්‍රියල් බවත් එය මහමද්තුමන් ලද පළමු දේව පණිවිඩය ලෙස සැලකෙන බවත් ඉස්ලාමයේ උපත ද එයම ලෙසත් සැලකේ. ඉන්පසු දෙවියන් සෘජුව ම මහමද්තුමා වෙත විසි අවුරුද්දක් මෙසේ පණිවිඩ ලබා දුන් බවත් එය සටහන් කළ පුස්තකය, කුරානය ලෙසත් අද හැඳින්වේ. කෙසේ හෝ පසුව තම දේශනා හා...