ප්‍රේම කිර්ති ද අල්විස්.

ප්‍රේම කිර්ති ද අල්විස්. එදා ඒ කාලකණ්ණි මූසල අඳුරු රාත්‍රියේ,කුඩා පෑන් විදුලි පන්දම් රැගෙන ආ හය දෙනා ප්‍රෙම් රැගෙන යන විට බොඳ වූ දෑසින් " බංචි පැය තුනයිනෙ" කියා තම දියණියගේ හිස අත ගාන විට ප්‍රේම්ට මොනවානම් හැඟෙන්නට ඇති ද.. අවසන් දින ප්‍රේමකීර්ති ද අල්විස් ගේ සාක්කුවේ තිබී හමු වු කොළ කැබැල්ලක... මෙරිනා ක්‍රිරිස්ටබල් කේ.සීබට් සිල්වා 349,අල්විස් වත්ත. හේකිත්ත හැදල වත්තල. පසෙක රූපවාහිනියේ දරුවෙක් චිත්‍රශිල්පය හදාරණ යන්න ද සටහන්ව තිබුණි. එපමණයි ඔහු ලියාගෙන තිබුණේ. කුමක් ද මේ...? මෙය හා ඔහුගේ මරණය අතර සම්බන්ධයක් තිබුණි ද...? අපි නොදනිමු. කෙසේ වෙතත් බොඳ වූ දෑසින් තම දියණියගේ හිස අත ගා ආදර බිරිඳ දෙස කෘතවේදීව හෙලූ බැලුමෙන් මේ ආදරණීය පියා, ආදරණීය සැමියා තම ආදණීය පවුලෙන් නික්ම ගියා සේම මේ අසහය දක්ෂතා ඇති කලාකරුවා,මාධ්‍යවේදියා දැයෙන් ද නික්ම ගොස් තිබුණි. ඔව්... තම නිවසින් දරුවන්ගෙන් බිරිඳගෙන් නොව මුලු මහත් දැයෙන් ම කෘර ලෙස සමු ගන්වා තිබුණි. වෙඩි උණ්ඩයට, කොළ කැබැල්ලට,වචනයට ජන ජීවිතය උඩු යටිකුරු කළ ඒ පාදඩයන් ප්‍රේම්ව සහෘර්ද වූ අපෙන්, රටෙන් උඳුරා ගත්හ. ඒ ශාපයෙන් උන්ට ගැලවිය නොහැක. උල...